Skip to main content

රංගනයට යොමු වෙන එක කාලය තිරණය කරයි

2018-05-28-ent-18රූපවාහිනි නාලිකා සංවිධානය කළ අවුරුදු කුමරි තරග කිහිපයකින්ම ජයගත් බුද්ධි ජයවර්ධන වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වේ. මේ වනවිට රංගනයටද පිවිස ඇති බුද්ධි රඟන පළමු ටෙලි නාට්‍යය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ‘අවසන් ඉනිම’ වූ ඇය එහි ‘මන්දාරා’ ලෙස චරිත නිරූපණය කරනු ලබයි.

‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘මන්දාරා’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?2018-05-28-ent-19
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමු රංගනය. ඉතින් ගොඩක් සතුටුයි පළමු රංගනයටම ඉහළ රසික ප්‍රතිචාර ලැබෙන කොට.

‘අවසන් ඉනිම’ට පස්සේ?
නැහැ. මම වෙනත් ටෙලි නිර්මාණයකට දායක වුණේ නැහැ. ටෙලි නාට්‍යය කිහිපයකට කතා කළා. නමුත්, ඒවාට දායක වුණේ නැහැ. කාලයක් යනතුරු රංගනයට පැත්තට යොමු වෙන්න නැහැ කියලා තිරණය කළා.

ඇයි රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න කැමති නැද්ද?
මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න තමයි ගොඩක් ආස. තව කාලයක් නිරූපණ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ආසයි. ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණොත් කාලය ගොඩක් වැය වෙනවා. වෙන දෙයක් කරන්න වෙලාවක් හොයාගන්න බැහැ. නමුත්, නිරූපණ කටයුතුවලදී එහෙම නැහැ.

ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රයට වඩා නිරූපණ ක්ෂේත්‍රය හොඳයි කියන එකද?
මොහෙමයි, ජනප්‍රිය වෙන්න ආසාවක් තියෙනවා නම් හොඳ රංගන ශිල්පිණියක් වෙන්න. නමුත්, මගේ කැමැත්ත තමයි තව ටික කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න එක. රංගනයට යොමු වෙන එක ඉදිරියේදී කාලය තිරණය කරයි.

නිරූපිකාවක් වුණාහම වෙනත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා?
මේ දවස්වල මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම වගේ දායක වෙනවා. ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්න කියලා නම් ආරාධනා බොහෝමයක් ලැබුණා. නමුත්, හොඳ නිර්මාණයකට තමයි දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ.

පැජන්ට්වලට වගේ සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
අදහසක් තියෙනවා. මොකද, මම නිරූපණ ක්ෂේත්‍රයට ආවත් පැජන්ට් එකකින් නිසා. හොඳ පැජන්ට් එකක් ලැබුණොත් ඒකට දායක වෙනවා. බලමු ඉදිරියට.

බුද්ධි ගැන කිව්වොත්?
අහිංසක කෙනෙක්. පෙනුමෙනුත් ඒ බව පේනවා නේ.

බුද්ධික සේනාධීර

2018-05-28-ent-17 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot