Skip to main content

මගේ කුමාරිකාව වෙනුවෙන් හිරේට වුණත් යන්න මම බය නැහැ -ශාරුක් ඛාන් අලුත් ආදරයක් ගැන කතා කරයි

බොලිවුඩයේ රජු විදියට කවුරුත් දන්නා ෂාරුක් ඛාන්ගේ බොලිවුඩයේ ජීවිතය ගැන වගේම පුද්ගලික ජීවිතය ගැනත් බොහෝදෙනා උනන්දුයි. ෂාරුක් තමන්ගෙ පවුලෙ විශේෂ ආරංචි තමන්ගේ රසික රසිකාවියන් එක්ක බෙදා ගන්නෙ බොහෝදෙනා ඒ විදියට උනන්දු වෙන නිසා වෙන්නත් පුළුවන්.  ළගකදිම මේ විදියට කවුරුත් හරි උනන්දුවෙන් තොරතුරු හොයපු ආරංචිය වුණේ ෂාරුක්ගෙ එකම දුවගෙ  18 වෙනි උපන්දිනය.

සුහානා ඛාන්ට අවුරුදු 18 පිරුණේ ගිය මාසෙ 22 වෙනිදා. සුහානාගේ උපන්දිනය වෙනුවෙන් සුහානාගේ අම්මා ගෞරී ඛාන් සාදයක් සූදානම් කරපු ආරංචිය ඉන්ස්ටර්ග්‍රෑම් නිසා බොහෝදෙනෙක් දැනගත්තත්, කාගෙත් වැඩි අවධානය නම් තිබුණෙ තමන්ගෙ දුව ගැන ෂාරුක් කියපු දේවල් වලට. ෂාරුක් හැමදාම සුහානා ගැන කතාකරද්දි කියන විදියට ඒ තමයි ෂාරුක්ගෙ ‘කුමාරිකාව‘. සුහානා ෂාරුක්ට ඒ තරම් වටින්නෙ එකම දුව නිසා වෙන්න පුළුවන් නැත්නම් ඒක තාත්තලා වැඩිපුර ආදරේ දුවලටලූනෙ! කියන ප්‍රසිද්ධ කතාව ඇත්තක් වුණු තවත් වෙලාවක් වෙන්නත් බැරි නැහැ. මේ කාලෙ සුහානා ඉන්නෙ එංගලන්තෙ. ඇය එංගලන්තෙට ගිහින් තියෙන්නෙ ඉගෙන ගන්න. ඒ ගැන ෂාරුක් කියලා තිබුණෙ මෙහෙම. ”අපේ පවුලෙ පොඩි නීතියක් තියෙනවා. හැම කෙනාම අඩුම තරමේ එක උපාධියක්වත් සම්පූර්ණ කරන්න  ඕන. ඊට පස්සෙ තමයි රගපෑමට එන්න පුළුවන්. ඒ කියන්නෙ සුහානට තව අවුරුදු හතරක් පහක් විතර තියෙනව රගපෑම පටන් ගන්න. එයාට මුලින් උපාධිය කරල එන්න වෙනවනෙ.

තමන්ගෙ කුමාරිකාව ගැන බලාපොරොත්තු තියාගෙන එන කොල්ලන්ටත් ෂාරුක් අනතුරු ඇගවීමකුත් කරලා තියෙනවා. ”මුලින් හොද රස්සාවක් හොයාගන්න. තේරුම් ගන්න, එහෙම නොවන කෙනෙකුට මම කැමැති නැති බව. මම හැමතැනම ඉන්න කෙනෙක්. කවුරුහරි එයාට වරදක් කළොත් ඒ කෙනාටත් මම ඒ දේම කරනවා. මොකද ඒ මගේ කුමාරිකාව. මගේ කුමාරිකාව වෙනුවෙන් හිරේට වුණත් යන්න මම බය නැහැ.” ඒ වචන ටික චිත්‍රපට වීරයකුගේ නොව සුහානාගේ තාත්තාගේ ය.

”මම දන්නව එයාගෙ අම්මා පවුලෙ අය එයා වෙනුවෙන් ලොකු සාදයක් ලෑස්ති කරලා තියෙන බව. ඇත්ත වැඩිහිටි ලෝකයට අපි එයාව බොහොම ආදරයෙන් පිළිගන්න  ඕන. ඒ වගේම පහුගිය අවුරුදු 18 ගෙවුණු විදියත් එයාට මතක් කරල දෙන්න  ඕන. ඒ නිසා පුංචි කාලෙ පින්තූරවලින් එයාට පරණ දේවල් මතක් කරල දෙන්න අපි ලෑස්ති කළා. එයා වෙනස් වුණු හැටි එයාටම බලාගන්න.” උපන්දින සාදය ගැනත් ෂාරුක් ඒ විදියට කතා කරලා තිබුණා.

කොහොම වුණත් ෂාරුක්ගේ ජීවිතයේ සුහානාට තියෙන තැන ගැන වරින් වර ඔහු තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරපු අදහස්වලිනුත් තේරුම් ගන්න පුළුවන්. අයි. පී.එල්. තරගයක් නරඹන අතරතුර ෂාරුක් සුහානා එක්ක ඉන්න පින්තූරයක් ෂාරුක් තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙ පළ කරලා තිබුණේ.

”මට ආශ්චර්යයක් බලන්න  ඕන කියල හිතෙන හැම වෙලාවකම මම කරන්නෙ මගෙ දුවගෙ ඇස් දෙක දිහා බලන එක. එහෙම බැලූවම මට තේරෙනවා මම පුදුම කරවන දෙයක් ඒ මොහොතේ මට තියෙනවා කියලා” ඒ ෂාරුක්ට සුහානා ගැන දැනෙන හැටිය. බොහෝදෙනා කියනා ලෙසට ෂාරුක්ගේ ආඩම්බරයද මේ කුමාරිකාවමය.

නෙලූෂා සිල්වා

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot