Skip to main content

ජනප‍්‍රිය වෙන්න හදිස්සියක් නැහැ

2018-06-25-ent-65
සිඳු​ ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතයත් සමග ඉමහත් ජනාදරයට පත්වුණු මනීෂා යුගයේ ජනප‍්‍රිය නිළියන් අතරට එක්වුණ නවක රංගන ශිල්පිණියක්. මෙතෙක් සිඳු නාට්‍යයේ තෙරුණිගේ චරිතය හරහා ඔබේ ආලින්දය හැඩකළ ඇය ඔන්න අලූත් නිර්මාණ කිහිපයක් හරහාත් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ඒ නිසාම ඇගේ කලා ජීවිතේ අලූත් තොරතුරුත් සමගින් මනීෂාව කතාබහකට එකතු කරගත්තා.

මනීෂා දැන් කාර්යබහුල රංගන ශිල්පිනියක්ද?2018-06-25-ent-66
අපෝ නැහැ. මට ඕන හොඳ නිර්මාණ ටිකක් කරන්න. මට ඉක්මනට ජනප‍්‍රිය වෙන්න හදිස්සියක් නැහැ. නිර්මාණ වලට, නිවේදක කටයුතු වලට මට ආරාධනා ලැබෙනවා. ඒත් ඒ හැම දෙයක්ම කරන්නේ මම සීමාවක් තියාගෙන.

මේ දවස්වල සිඳුට අමතරව මොනවද කරන අලූත් වැඩ?
ප‍්‍රදීප් ධර්මදාස මහත්මයාගේ කිරුළි ටෙලිනාට්‍ය වගේම ස්වර්ණවාහිනියේ විකාශනය වන සිල්ලර සමනල්ලූ ටෙලි නාට්‍යයට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව තවම සිª ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා.

කොහොමද අලූත් ටෙලිනාට්‍ය දෙකට ලැබෙන ප‍්‍රතිචාර?
හිතුවට වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කිරුළි ටෙලිනාට්‍යයෙත් මම රඟපාන්නේ කිරුළිගේ අක්කගේ චරිතය. ඇය කැම්පස් ගැහැණු ළමයෙක්. කැම්පස් යන ගමන් ගෙදර සියලූම දේවල් සොයා බලන දුක්විඳිමින් ඉගෙන ගන්න වගකීම් බර දරන ගැහැණු ළමයෙක් ඒ චරිතය තුළින් මමත් බොහෝ දේ ඉගෙන ගත්තා. සිල්ලර සමනල්ලූ ටෙලිනාට්‍යයේ නම් හාත්පසින්ම වෙනස් දඟ චරිතයක් තමයි මම කරන්නේ.

අක්කාගේ චරිතවලටම තෙරුණිව කොටුවෙලාද?
නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. සිª ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතය වඩා කිරුළි ටෙලි නාට්‍යයේ මම කරන චරිතය හාත්පසින්ම වෙනස්. මේ චරිත දෙකේ ඒකාකාරී බවක් නැහැ. එකම චරිත වලට කොටු වෙනවට මම කැමැති නැහැ. වෙනස් චරිත කරන්න මම කැමැතියි.

මනීෂාට සිඳු නාට්‍යයත් එක්ක සමාජ වෙබ් අඩවි හරහා විශාල ප‍්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණු ප‍්‍රතිචාර, ජනප‍්‍රියත්වය දැන් ටික ටික අඩුවෙලා කියලා දැනෙන්නේ නැද්ද
ජනප‍්‍රියත්වය කියන දේ සදාකාලික නැහැනේ. හැමදාම ජනප‍්‍රිය මට්ටමේ ඉන්න ඕනෑ කියන මානසිකත්වයක් මට නැහැ. දැන් ජනප‍්‍රියත්වය අඩුවෙලා කියලා මට දුකකුත් නැහැ. ජනප‍්‍රියත්වය කියන දේ කාලෙකදී ඇතිවෙනවා. කාලෙකදී නැතිවෙනවා. ඒක ලෝක ස්වභාවය. තව දෙයක් මම වැඩ කරන්නේ සීමාවක් එක්ක.

ඒ කියන්නේ මනීෂාට සීමා මායිම් දාන්න විශේෂ කෙනෙක් ඉන්නවාද?
මට කවුරුත් සීමා මායිම් දාන්නේ නැහැ. ඒවා මම විසින් මටම දාගත්ත සීමා මායිම්.

මනීෂා නිවේදනය, රංගනය, ගායනය, කියන ත‍්‍රිත්වයෙන්ම පේ‍්‍රක්ෂකයා අතර ජනප‍්‍රියයි. කලාව දැන් ඔබේ වෘත්තියද?
කලාව මගේ වෘත්තිය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කලාව කරන ගමන් මම දැනටත් උසස් අධ්‍යාපනය හදාරනවා. වෘත්තිය මට්ටමෙන් මගේම ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තුව.

රංගනයත් එක්ක මනීෂාගේ ගායනය ටික ටික මඟ ඇරිලා කියලා හිතන්නේ නැද්ද?
ඔව් ටිකක් විතර මඟ ඇරුණා. පසුගිය දවස්වල මම අලූත් ගීතයක් කළා. මේ දවස්වල අලූත් ගීතයකට ලෑස්තිවෙනවා. රූගතකිරීම් එක්ක කාලය අඩු වුනාම ගායන පැත්ත දන්නෙම නැතුව මග ඇරෙනවා.

මනීෂාගේ රූපයට සිනමාවෙන් අවස්ථාවක් ලැබුණෙම නැද්ද?
ආරාධනා නම් ලැබුණා. ඒත් අධ්‍යාපන කටයුතුයි. අනෙක් රූගතකිරීම් එක්ක චිත‍්‍රපටයකට කාලයක් වෙන් කරන්න අමාරු නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් මම චිත‍්‍රපටි පසුබිම් ගායනයට නම් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් රංගනයට දායක වෙනවා.

පසුගිය රයිගම් සම්මාන උළෙලේ මනීෂාටත් කරට කර හොඳ තරඟයක් දෙන්න පුළුවන් වුණා. ජනප‍්‍රිය තරු අතරට එන්න ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුණද?
නිර්දේශ වුණු එක ගැන ගොඩක් සතුටුයි. මීට පෙරත් මම සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙලේ අවසාන පස්දෙනා අතරට ආවා. රඟපෑම කියන දේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක්. මට මේ තරම් පේ‍්‍රක්ෂක ආදරයක් ලබා දුන්නේ තෙරුණි කියන චරිතය. මම කොයි තරම් චරිත කරත් තෙරුණිගේ තැන ඒ එක චරිතෙකටවත් ගන්න බැරිවේවි.

නදීෂා අතුකෝරාළ / ඡායාරූප - චමත් වින්දුල

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot