Skip to main content

මට කරන්න බැරි දෙයක් කරන්නේ නැහැ

ටනාෂා වැඩිපුර කැමැති සිනමාවටද පුංචි තිරයටද?

මම හිතාගෙන හිටියේ චිත්‍රපට විතරක් කරන්න. ඒත් නීල පබළු හරි ලස්සන කතාවක්. ඒ වගේම මේ නාට්‍ය ගොඩක් අය බලන වෙලාවක විකාශය වීම කියන කාරණා එක්ක නීල පබළු ටෙලි නාට්‍ය කරනවා කියලා හිතුවා.

ටෙලි තිරයේ පෙනෙන මුහුණු සිනමා නිර්මාණවලට ගන්න සමහර අධ්‍යක්ෂවරු කැමැති නැහැ. එතකොට ටනාෂාගේ අගයත් සිනමා අධ්‍යක්ෂවරුන්ට අඩු වෙයිද?

මම තෝරා බේරා ගැනීමක් එක්ක වැඩ කරන්නේ. නීල පබළු ටෙලි නාට්‍ය කරන ගමන් වෙනත් ටෙලි නාට්‍ය කරන්නත් මගේ අදහසක් නැහැ.

මේ දවස්වල ටෙලි තිරයේ පේන්න ඉන්න ටනාෂා අහිංසක චරිතයක්. හැබැයි කුරුළුට වඩා සැබෑ ජීවිතයේ ටනාෂා වෙනස් ඇති නේද?

මමත් වෙලාවකට කුරුළු වගේ අහිංසකයි. කුරුළු කවුරු හරි බැන්නත් අහගෙන ඉන්නවා. ඕන බැනුමක් අහගෙන ඉන්නවා. සැබෑ ජීවිතයේ මම කුරුළු තරම් අහිංසක නැහැ. ඒ වගේම සැබෑ ජීවිතයේ මම නිරූපිකාවක්. ඉතිං මම කුරුළු වගේ නෙවෙයි. මම ෆැෂන් කරනවා.

සිනමාවේ අලුත් වැඩවලටත් ටනාෂා සම්බන්ධ වුණාද?

වාසිත සමරනායකගේ 'රජ දහන' චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. තවත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී තිරගත වෙයි.

හැමදාම ටනාෂා පෙම්වතියගේ චරිතයට සීමා වෙයිද?

දැනට නම් මම කළ හැම චරිතයක්ම පෙම්වතියගේ චරිතය. නමුත් 'රජ දහන' චිත්‍රපටය ආට් ෆිල්ම් එකක්. ඒ චිත්‍රපටයේදී මම කරන පෙම්වතියගේ චරිතය අනෙක් චිත්‍රපටවල කළ පෙම්වතියගේ චරිතයට වඩා වෙනස්. ඉදිරියටත් ඒ වගේ වෙනස් වෙනස් චරිත කරන්න ආසාව තිබෙනවා.

කලාත්මක චිත්‍රපටයක් වෙනුවෙන් වුණත් ඕනම චරිතයකට කැප කිරීමක් කරන්න ටනාෂාට පුළුවන්ද?

මම මට ගැළපෙන මට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන චරිත විතරයි කරන්නේ. මම ලැබෙන ආරාධනා තෝරාගෙන තමයි භාර ගන්නේ. මට කරන්න බැරි දෙයක් මම කරන්නේ නැහැ.

පුංචි තිරයේ ටනාෂාගේ පෙම්වතා සුමිරාන්. කොහොමද පුංචි තිරයේ ආදර කතාවට සුමිරාන්ගෙන් ලැබුණු සහාය?

සුමීරාන්ගෙන් ලොකු සහායක් මට ලැබෙනවා. මට වැඩිපුරම ෂූටිං තියෙන්නේ එයා එක්ක. සුමිරාන් මීට කලින් ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරලා තියෙනවා. මට එයා තරම් ලොකුවට අත්දැකීම් නැහැ. රඟපාද්දි වුණත් 'මෙහෙම කරමු නේද' කියලා එයා මගෙන් අහනවා. සඳුන් රාජකරුණා මහත්මයා තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ අදහස් සහ මඟපෙන්වීම මේ ආදර කතාව ලස්සන කරන්න ලොකු පිටිවහලක් වුණා.

පුංචි තිරයේදී සුමිරාන් ටනාෂාට හොඳ පෙම්වතෙක් වුණාද?

ඔව්. පුංචි තිරයේදී එයා හොඳ පෙම්වතෙක්.

සැබෑ ජීවිතෙත් ටනාෂා පෙම්වතියක් වෙන්න ඇති?

සැබෑ ජීවිතේ තාම එහෙම විශේෂ කෙනෙක් ලැබුණේ නැහැ.

ටනාෂා ක්ෂේත්‍රයේ කෙනෙක්ව සහකාරයා කරගන්න කැමැතිද?

දැනට නම් එහෙම තීරණයක් නැහැ. මොන ක්ෂේත්‍රයේ වුණත් මාව තේරුම් ගන්න පුළුවන් මම ඉන්න ක්ෂේත්‍රය එක්ක මාව විශ්වාස කරන්න පුළුවන්. මගේ පවුලේ අයටත් ආදරය කරන්න පුළුවන් කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot