Skip to main content

පාසලේම සිසුන්ගෙන් පහර කෑ - ප්‍රධාන ශිෂ්‍ය නායක මියයයි

හලාවත සවරාන විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු තවත් සිසුන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියකින් පසු තුවාල ලබා රෝහල්ගතර තිබියදී මරණයට පත්ව තිබේ.


පසුගියදා මේ ශිෂ්‍යයාට එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධුරය පිරිනමා තිබීමට ඊර්ෂ්‍යා කළ පිරිසක් මෙම පහරදීම කර ඇති බවට වාර්තා පළව තිබේ.
පසුගිය 15 වැනිදා රාත්‍රී 10ට පමණ එම ශිෂ්‍යයා සවරාන කොලණියේ පල්ලියේ පැවැති මෙහෙයකට සහභාගි වී පාපැදියෙන් ආපසු නිවස බලා එමින් සිටියදී මග රැක සිටී එම පාසලේම දහය වසරේ සිසුන් සිවු දෙනකු විසින් අවට තිබෙන විදුලි බුබුලු නිවා දමා ඔහු වටකර අතින් පයින් හා පොලුවලින් අමානුෂික ලෙස පහරදි ඇති බව පරික්ෂණ වලදී හෙළීවී තිබේ.

මේ සිද්ධීය කිසිවෙකුට නොකියන ලෙස පහරකැ සිසුවාට තර්ජනය කර ඔවුන් පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මේ තර්ජනය නිසා සිසුවා එම සිද්ධිය දෙමවුපියන්ට නොදන්වා සිටියත් ඔහු හිසේ රුදාවක් ඇති බව කියමින් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා හලාවත රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුගේ තත්ත්වය උත්සන්න වීමෙන් හලාවත රොහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ.
එහිදී එම සිසුවාගේ හිසට ශල්‍ය කර්මයක් සිදුකර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23) අලුයම මියගොස් තිබේ.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හලාවත මැරවල සවරාන විදුහලේ මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසූල් (16) නැමැති සිසුවාය.
පහරකෑමෙන් මියගිය මේ ශිෂ්‍යයා විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු බවත් ඔහු පල්ලියේ කටයුතු වලදීද නායකත්වය ගැනීමත් සමාජ සත්කාරක වැඩසටහන් වලදි පෙරමුණ ගැනීමත් සිදුකර ඇති බාහිර ක්‍රියාකාරකම් වලින් ඉදිරියෙන්ම සිටින සිසුවකු බවද ගුරුවරු කියති. මේ ශිෂ්‍යයා පාසලේ සිසුන් අතර විනය ඉතා ඉහලින් පවත්වාගෙන යාමට කැපවි ඇත. ඊර්ෂ්‍යාව මුල්කරගනිමින් මේ පහරදීම සිදුකර ඇති බවට පරික්ෂණ වලදි හෙළීවී ඇත.

මියගිය සිසුවාගේ මව වන ඒ සිත්ති නෆිසා සිද්ධිය ගැන මෙසේ කියා ඇත.
"අයියෝ මගේ දරුවා. මේ අපරාධය කළේ ඊරිසියාවට නේද? ප්‍රධාන ශිෂ්‍ය නායක කළා කියල මේ දරුවාට මෙහෙම දෙයක් කරයි කියලා අපි හිතුවෙ නැහැ. අපිට ඕනෑ සාධාරණය."

මේ සිදුවීම විස්තර කළ ෆයිසුල්ගේ මිත්තණිය ජුවාරියත් උම්මා. "විසිපස් වැනිදා නෝම්බි දවසේ තමයි මේ දේ වුණේ. මගේ මුනුපුරා පල්ලි ගිහින් ගෙදර එන්න එද්දී තමයි ඔළුවට ගහලා තියෙන්නේ. ඇල්බීසියා පොල්ලකින් ගැහුවා කියලා මුනුපුරාගේ යාළුවා කිව්වා. ඒ යාළුවට එක පාරක්වත් ගහලා නැහැ. ගහන්න ඉස්සරලා වටේ තියෙන ලයිට් නිවල තියෙනවා. ඒ කියන්නේ මේ අය මේක කරලා තියෙන්නේ සැලසුම් කරලා. ගැහුවට පස්සේ දරුවා වැටුණට පස්සේ අනෙක් ළමයට තර්ජනය කරලා කියලා තියෙනවා කාටවත් කියන්න එපා කියලා. මේ පහරදීම කරලා තියෙන්නේ ඊරිසියාවට. මගේ මුනුපුරා දක්ෂ ළමයෙක්. ඒ වගේම ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. මේ නිසා මේ ගහපු අය මගේ දරුවත් එක්ක ලොකු තරහකින් හිටියා. ගැහැනු ළමයිට ආරක්ෂාව දුන්නෙත් මගේ මුනුපුරා තමයි.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (23දා) කොළඹ ජාතික රෝහලේදී සිදුකෙරිණි. හිසට තදබල ලෙස පහරදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීම මේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත.
සිසුවා මියයාමට පෙර පහරදීම සම්බන්ධයෙන් මීට පෙර සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙදෙනෙකු ඇප පිට නිදහස් කළ අතර එක් අයෙකු පරිවාස භාරයට පත් කර ළමා නිවාසයට යොමු කිරීමට නියම විණි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot