Skip to main content

අවුරුදු ගණනකට පස්සෙ මම ආයෙමත් 'තටු' ගහනවා

2018-07-30-ent-05
වේදිකාව, සිනමාව, පුංචි තිරය ගත්තම මේ රාමුව ඇතුළේ ඔවුන්ගේම දක්ෂතාවයකින් පේ‍්‍රක්ෂක ආකර්ශනයක්, ආදරයක් දිනා ගත්ත නම් ඒ බොහොම අතලොස්සයි. ඒ අතර ඉන්න චරිතයක් තමයි අවන්ති අපොන්සු කියන්නේ.
චරිතාංග නිළියක් ලෙස පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ එදා මෙදා තුර වසර තිහක කාලයක් එක ලෙස පේ‍්‍රක්ෂක ආදරයක් දිනාගත් ඇය පසුගිය කාලය පුරාවට නම් නිර්මාණ හරහා දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. කොහොම වුණත් නිහඬ වෙලා ඉඳපු ඇය පසුගිය දිනවල නැවත නිර්මාණ කිහිපයකින් දකින්නට ලැබුණා. ඒ අතුරින් අහස් මාලිගා ටෙලිනාට්‍යය පේ‍්‍රක්ෂකයන්ට වගේම ඇයටත් ගොඩක් විශේෂ ඇති කියලා අපිට හිතුනා.

අහස් මාලිගා ටෙලිනාට්‍යයේ සුධර්මාට කොහොම ද ලැබෙන ප‍්‍රතිචාර?
බොහොම ආකර්ශනීය ලෙස ප‍්‍රතිචාර ලැබෙනවා. සුධර්මාගේ චරිතය පේ‍්‍රක්ෂකයෝ බොහොම ආසාවෙන් වැළඳගෙන තියෙනවා කියලා ලැබෙන ප‍්‍රතිචාරවලින් දැනෙනවා.

ඉතින් කොහොම ද ජීවිතේ? මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි ද?
අහස් මාලිගා එක්ක තමයි දිගටම වැඩ කරගෙන යන්නේ. ඊට අමතරව ජයසේකර අපොන්සු මගේ අයියාගේ ‘තටු’ වේදිකා නාට්‍යය අවුරුදු කිහිපයකට පස්සේ නැවත වේදිකාගත කරන්න සූදානම් වෙනවා. එහි පළමු දර්ශන වාරය මේ මස 28 වැනිදා වේදිකාගත වෙනවා. ‘අං ආවෝ’ වේදිකා නාට්‍යය එක්කත් මේ දවස්වල දායක වෙලා ඉන්නවා. ටෙලිනාට්‍යයකට කියලා මම දැනට කරන්නේ අහස් මාලිගා ටෙලිනාට්‍යය විතරයි.
මේ දවස්වල මම ටිකක් විතර කාර්යබහුල වෙලා ඉන්නේ. මගේ දුවගේ විවාහ උත්සවය තියෙනවා නොවැම්බර්වල. ඒ නිසා

ඒ කියන්නේ ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා අඩු ද? එහෙම නැත්නම් භාරගන්නේ නැද්ද?
ඇත්තටම පහුගිය කාලේ මම කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ. තව දෙයක්, එක වගේ චරිතවලට තමයි මට ආරාධනා ලැබුනේ. මම නැවත ඒ වගේ චරිත රඟපාන්නේ නැහැ. හැම ටෙලිනාට්‍යයේම එක වගේ චරිත කරනකොට පේ‍්‍රක්ෂකයන්ට වුණත් එපා වෙන්න පුළුවන්. ලැබෙන ආරාධනාවල නම් අඩුවක් නැහැ. ඒත් මුදල් ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ගොඩක් අය බලන්නේ අපෙන් අඩු ගාණට වැඬේ කරගන්න. මම දැන් අඩු මුදලට රඟපාන්නේ නැහැ. අද ටෙලිනාට්‍යවලට ගන්නේ චරිතෙට සුුදුසු කෙනාව නෙමෙයි. ඒ අයගේ ගාණට කැමති අයව තමයි ගන්නේ. ඒ නිසා අපට කතා කරන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු අපේ ගාණ ඇහුවට පස්සේ අපට කතා කරන්නේ නැහැ.

සිනමාව පැත්තෙනුත් ඔබ මේ විදිහට නිහඬ වෙන්න හිතුවේ ඇයි?
මම අන්තිමට රඟපෑවේ පත්තිනි චිත‍්‍රපටයේ. ඊට පස්සේ මට සිනමාව පැත්තෙන් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැහැ.
කොහොම වුණත් මම කලින් කියපු හේතු කාරණාත් එක්ක මම දැන් වැඩිය වැඩ කරන්නේ නැහැ. මම වැඩි කාලයක් වෙන් කරන්නේ වේදිකාවට. මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ. ඒත් දැන් මම කලාවට ඇවිත් අවුරුදු 30ක්. මේවා මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේවල්. අඩු මුදලට රඟපෑවම අපේ වටිනාකම නැති වෙනවා. අනිත් එක මට ජනප‍්‍රිය වෙන්න එහෙම වුවමනාවක් නැහැ.

අහස් මාලිගා ටෙලිනාට්‍යයේ සුධර්මා චරිතේ කොහොම ද ඔබට දැනුණේ?
මේ වගේ සැර මවකගේ චරිතයක් ඇත්තටම මම මීට කලින් කරලා නැහැ. මුලින්ම නිමන්ත තුෂාර තමයි මට මේ චරිතෙට ආරාධනා කළේ. ඔහු හදපු චරිත තමයි මේ ඔක්කොම චරිත. නිදහසේ පහසුවේ රඟපාන්න ලැබුණා. ඇත්තට මට ඒ චරිතයේ ස්වරූපයට කැමති හිතුනා. දැන් ඒක මට කාවැදිලා වගේ තියෙන්නේ. සරත් කොතලාවල, විශ්ව කොඩිකාර, අනුරාධා එදිරිසිංහ මට මේ ස්වරූපය ඉස්මතු කරගන්න ලොකු සහයෝගයක් දුන්නා. දැන් ඇත්තටම අපේ පවුල එකම පවුලක් වගේ.
සැර පරුෂ අම්මලාගේ චරිත කරලා තිබුණට සුධර්මා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්. දරුවන්ට ආදරෙයි. හැබැයි ඒ ආදරේ නිසාම පුංචි දේටත් ගහනවා බණිනවා. තාත්තාගේ හුරතලයයි, අම්මගේ සැර පරුෂකමයි එක්ක තමයි මේ චරිතේ ගලාගෙන යන්නේ. හැම අම්මා කෙනෙක්ම වගේ මේ අම්මත් සැර වෙන්නේ, ගහන්නේ බණින්නේ දරුවන්ව සමාජයේ හොඳ තැනකට ගේන්න.

විශ්ව කොඩිකාරගෙන් සහ අනුරාධා එදිරිසිංහගෙන් ඔබට විශේෂ වූ සහයෝගයක් ලැබෙනවා ද?
අම්මෝ ඔව්. මගෙන් ගුටි කනවම මදැයි. සමහර වෙලාවට මම දෙබස් කියන විදිහට ඒ දෙන්නා බඩ අල්ලන් හිනාවෙනවා. පොඞ්ඩිටයි (අනුරාධා* විශ්වටයි ගහන්නේ මම හරි බයෙන් රිදෙයි ද දන්නේ නැහැනේ කියලා. සමහර දවසට ඒ දෙන්නට ගහලා මගේ අත රිදෙනවා. ඒ දෙන්න නම් කියනවා අපට රිදෙන්නේ නැහැ, හයියෙන් ගහන්න, නැත්නම් ඒ රංගනය සාර්ථක වෙන්නේ නැහැ කියලා.

ගෙදරටත් ඒ වගේ සැර අම්මා කෙනෙක් ද?
අපෝ නැහැ. ගෙදරදි දුවලා පැනලා ගහන්න මට දරුවෝ ගොඩක් නැහැනේ. ඉන්නෙත් එක දුවයි. මම එයාට එහෙම ගහලා බැණලා නැහැ. මම ගෙදරට සැර අම්මා කෙනෙක් නෙමෙයි.

ඔබේ පවුලේ දැන් රංගන කටයුතුවල නියැලෙන්නේ අයියයි ඔබයි විතර ද?
ඔව්, මගේ නංගිලා දෙන්නෙකුත් තටු වේදිකා නාට්‍යයේ රඟපෑවා. දැන් එයාලා ඉන්නේ විදේශගත වෙලා. මගේ මල්ලියි අයියයි මායි තටු වේදිකා නාට්‍යයේ නැවත රඟපානවා.

අයියා රංගනය එපා වෙලා ව්‍යාපාර පැත්තට ආවා. අයියා කලාව අතහරින එක නංගි අනුමත කරනවා ද?
මෙහෙමයි, එයා කලාව අතහරින එකක් නැහැ. ව්‍යාපාර පැත්තට ආවෙ ඉතින් ඒක එයාගේ කැමැත්තනේ. අපට ඒකට මුකුත් කියන්න බැහැ.

ඔබේ අයියා (ජයසේකර අපොන්සු) අද ගෙවන හුදෙකලා ජීවිතේ ගැන නැගණිය විදිහට ඔබට මොකද හිතෙන්නේ?
මට වගේම අපේ පවුලේ අනිත් අයගෙත් ජීවිත සාර්ථක කරන්න ඔහු කැපවුණා. මට සුදුසුම කෙනෙක් තෝරලා දුන්නේ අයියා. මගේ දියණියගේ විවාහය ලියාපදිංචි කරද්දිත් අත්සන් කළේ අයියා. අපි හැමෝගෙම ජීවිතේ සාර්ථක වුණත් අයියාගේ විවාහ ජීවිතය දෙදරා ගිය එක ගැන දුකයි. ඔහු විවාහ දෙකක් කරගත්තා. ඒ දෙකම අසාර්ථක වුණා. ඒක ඉතින් එයාගේ දෛවය වෙන්න ඇති.

රංගන ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තම ඔබ සාර්ථකයි කියලා හිතනවා ද?
කලාව පැත්තෙනුත් මට පුළුවන් උපරිමයෙන් මම වැඩ කරලා තියෙනවා. දුක්වෙන්න, පසුතැවෙන්න තරම් දේවල් මට නැහැ. පෞද්ගලික ජීවිතයෙත් මට හොඳ සැමියෙක් ලැබුණා. මගේ දියණිය හොඳට ඉගෙන ගෙන ලොකු රැකියාවක් කරනවා. ඇය ගිය වසරේ තමයි විවාහ ලියාපදිංචි වුණේ. මේ වසරේ අන්තිම විවාහ උත්සවය ගන්න වැඩ කටයුතු කරගෙන යනවා. ජීවිතේ ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්.

නදීශා අතුකෝරළ

2018-07-30-ent-06

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot