Skip to main content

දැවෙන විහඟුන් වාසනා වූ සමනලී


2018-07-25-ent-166
දායක වන චරිතයට අපූරු ජීවයක් ලබා දෙමින් ඒ චරිතය සමග රංගනයෙන් අප හමුවට එන ඇය සමනලී ෆොන්සේකාය. මේ දිනවල ඇය අපට හමුවන්නේ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත‍්‍රපටයේ ‘වාසනා’ නමැති චරිතය සමගය. රැඟුමට මෙන්ම ගැයුමටත් අපූරු හැකියාවක් සතු සමනලී මෙවර සඳැල්ල කතාබහට එක්වූ විදියයි මේ.

සමනලී මේ දිනවල මොනවද කරන්නේ?
මේ දිනවල ගෙදර බඩු අදිනවා.2018-07-25-ent-168

ඒ කිව්වේ?
අපේ ගෙදරට හොරු පැනලා. ඉතින් එතැන ඉන්න එක තවත් ආරක්ෂා නැහැ. ඒ නිසා මේ දිනවල අලූත් ගෙයක් හොයනවා.

මීට කලිනුත් වතාවක ගෙදරට හොරු පැන්නා නේද?
ඔව්. දෙපාරක් විතර හොරු පැන්නා. ඒත් අපි ඒ ගෙදර දාලා ගියේ නැහැ. මොකද අපි දෙන්නා ජීවත් වෙන්න පටන් ගත්ත පළමු ගෙදර වෙච්ච නිසා. ඒත් දැන් අපි ගෙවල් මාරු කළා.

ඒ නිසාද පසුගිය දිනවල පෙනෙන්නට හිටියෙ නැත්තෙ?
නැහැ. දැන් මේ සිද්ධිය වෙලා සතියක් විතර වෙනවා. කොහොමටත් පසුගිය දිනවල මම හිටියෙ විදෙස් ගතවෙලා.

නැවතත් විදෙස් ගතවෙන්නද කල්පනාව?
නැහැ. ඇත්තටම පසුගිය දිනවල ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් සහ මෙල්බර්න් නගරවලදී ප‍්‍රසංග කීපයක් පැවැත් වුණා. තවත් බොහෝ කලාකරුවන් පිරිසක් එම ප‍්‍රසංගය හැඩ කළා. මටත් ඊට ආරාධනා ලැබී තිබුණා.

දැන් සමනලීට ගීත ප‍්‍රසංගවලට බෙහෙවින්ම ආරාධනා ලැබෙන බව ආරංචියි?
පසුගිය දිනවල එක එක වැඩසටහන්වලදී ගීත ගැයීමට ආරාධනා ලැබුණා. ඒ නිසා ඒ හැකියාව ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. නමුත් මගේ මූලිකත්වය නිතරම ලබා දුන්නේ රංගනයටයි. ගීත ගායනය මම පුහුණු කරලා නැහැ. ඒ නිසා මම හිතන විදියට එතැනදී වෘත්තීය මට්ටමක මම නැහැ. නමුත් සංගීතයට මම ආසා නිසා, එය විඳින නිසා ගායනයෙහි නියැලෙනවා. ඒත් වෘත්තීය මට්ටමින් තවම මම එතැන නැහැ.

නමුත් බොහෝ දෙනා කියන්නෙ සමනලීගේ හඬ හරි මිහිරියි කියලයි? ඒ හැකියාවෙන් යමක් කළොත් නේද හොඳ?
තව ටිකක් ඒ අංශයේ නිරතව කටයුතු කරලා, ප‍්‍රවීණත්වය ලබන්න ඕනෑ. එහිදී මට හදිසියක් නැහැ.

මේ විදියට කටයුතු කරන සමනලී මේ දිනවල ‘දැවෙන විහඟුන්’ එක්ක.
ඔව්. පසුගිය දිනවල ‘දැවෙන විහඟුන්’ තිරගත වීම් ආරම්භ වූයේ. මේ චිත‍්‍රපටය ගැන එක් එක් කතා, විවේචන ආදිය තිබෙන බව පෙනනවා. කලා නිර්මාණයක් ඒ විදියට කතාබහට ලක්විය යුතුයි. ඒක හොඳ දෙයක්.

කොහොමද එය ඔබට දැනෙන්නේ?
ලංකා ඉතිහාසයේ එක් අඳුරු යුගයක් මුල්කරගෙන තමයි චිත‍්‍රපටය නිර්මාණය වී තිබෙන්නෙ. ඒ යුගයේදී ජීවිත හානි වූවා සේම, සමාජයේ පුද්ගල වශයෙන් බොහෝ විනාශයන් වුණා, ගරා වැටුණා යන දේ එක්ක ලාංකේය සමාජයේ ස්ත‍්‍රීxපුරුෂ සමාජභාවය සමග ස්ත‍්‍රියකට තනියම නැගී සිටින්න බැරි ඇයි කියන දේ ප‍්‍රකාශ වෙනවා.

එහි ‘වාසනා’ ඔබට දැණුන විදිය කොහොමද?
ඒක සහාය චරිතයක්. මගේ අම්මාට ඉන්නෙ අනෝමා ජනාදරී රංගන ශිල්පිනියයි. ඇය වටා තමයි මෙහි අනෙකුත් චරිත ගොඩ නැගී තිබෙන්නෙ. පවුලේ වැඩිමහල් දියණිය තමයි වාසනා. ඇයට නොතේරෙන පරාසයක සිට ඇය කොහොමද ජීවිතය දරා ගන්නෙ කියන දේ ප‍්‍රකාශ වෙනවා. ඇත්තටම වාසනාව තේරෙන්නෙ නැහැ, මොකද ඇය ඒ භීෂණයට මුහුණ දුන්නෙ නොතේරෙන අවදියකදීයි. අනෝමා ජනාදරී අක්කා ලාංකීය සමාජයේ සිටින රංගන ශිල්පිනියන් අතරින් අසීමිත දුෂ්කර දේ කළ හැකි රංගන ශිල්පිනියක්. ඇය වටා මේ කතාව ගලා යන අයුරු හරිම අපූරුයි. ඇයගෙ මෙන්ම මේ සියලූ දෙනාගේ රංග ස්වභාවයන් ඉතා සූක්ෂමව උකහා ගනිමින් සංජීව පුෂ්පකුමාර අපූරු සිනමා නිර්මාණයක් එයාගෙ උපරිම කැපවීමෙන් නිර්මාණය කර තිබෙනවා. අධ්‍යක්ෂවරයකුගේ කැපවීම ඉතා ඉහළින් ප‍්‍රකාශ කෙරෙන තවත් සිනමා නිර්මාණයක්.

කාලයකදී සමනලීගෙ අරමුණ වුණේ නීතීඥවරියක වීම නේද?
අරමුණක් තිබුණා. ඒත් උසස් පෙළ කළේ නාට්‍ය හා රංග කලාව. ඒකත් එක්ක ඒ හීනය අත්හැරලා දැම්මා. ඒ අත්හැරීම ගැන දැන් සතුටු වෙනවා. සමහරු එහෙම වෙන්න බැරි වුණාම දුක් වෙනවා.

ඒත් ඔබ සතුටු වෙනවා.
එය වෘත්තීය පිළිබඳව ගැටලූවක් නිසා නෙවෙයි. රංගනය කියන දේ සංවේදීව කළ හැකි වෘත්තියක් කියලයි මට දැනේනනේ. රංගනය මිනිසුන්ගෙ හැඟීම් වලට වඩාත් ළ`ග බව මගේ හැඟීමයි.

සමනලීගේ ජීවිතේ කොහොමද කියල ඇහුවොත්?
ඉතාම ආදරණීයව, ඉතාම සතුටින් ගෙවෙනවා. තමන් කරනදේට අවංක විය යුතුයි. ජීවිතය යනු තීරණ ගැනීම් මත ඉදිරියට යන දෙයක්. කොතෙක් හරි වෙන්න පුළුවන්. වැරදියි කියලා හිතන්නත් පුළුවන්. තීරණ ගැනීමේදී හරිද වැරදිද කියන එක නෙවෙයි වැදගත්. ඒ ගත්ත තීරණ තමන් අවංකව ගැනීමයි වැදගත්. තමන් තමන්ට අවංකවීම වඩා වැදගත් යන සිතිවිල්ල ඇතිව තමයි මම ජීවිතයේ බොහෝදේට මුහුණ දෙන්නෙ.

සමනලී සහ ඉන්ද්‍රචාපා එකතු වෙලා සංගීත ප‍්‍රසංගයක් කළොත් හොඳයි නේද?
ඒක කොහොමටවත් වෙන එකක් නැහැ. එයාගේ ස්ථාවරය සහ ශෛලිය වෙනස්. හැබැයි ඉතින් එයා මට සංගීත විෂයෙහිදී උදව් කරනවා. බොහෝ දේ කියලා දෙනවා. ඉස්සර මට ගිටාර් වාදනය එක්ක ඒ තාලයට අනුව ගීතයක් ගයන්න පුළුවන් වුණේ නැහැ. ඒක මම ඉගෙන ගත්තෙ එයාගෙන්. කවදාවත් ඇහිච්ච නැති රිද්ම රටා මට තේරුම් ගැනීමේ හුරුව ඇති වුණා. ඇත්තටම ගිටාරය එක්ක විතරක් ගීතයක් ගැයීම වෙනස් දෙයක්. ඒ වගේ බොහෝ දේ මම එයාගෙන් දැන ගන්නවා.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 2018-07-25-ent-167

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot