Skip to main content

ගොඩක් නාට්‍යවල මම ප‍්‍රධාන නිළියගෙ යාළුවා

2018-07-30-ent-10
රංගන ක්ෂේත‍්‍රයේ මේ දින වල කතා බහට ලක් වෙන චරිතයක් සඳැල්ල කතා බහට එකතු කර ගන්න හිතුවා.
ඇය තමයි රුක්ෂානා දිසානායක. මේ කතා බහ ඇයගේ කලා ලොවේ තොරතුරු පිළිබඳව.

රුක්ෂානා මේ දින වල ටෙලි නාට්‍ය කිහිපයක දකින්න ඉන්නවා?
නීල පබළු, කෝටිපතියෝ සහ මෙඩිසිනා හරහා දකින්න ඉන්නවා.2018-07-30-ent-11

කොහොමද ඒ චරිතවලට ලැබෙන ප‍්‍රතිචාර?
නීල පබළු ටෙලි නාට්‍යයට හොඳ ප‍්‍රතිචාර තියෙනවා. එහි මම ටිකක් වැඩිමල් චරිතයක් කරන්නේ. ඒ පළවෙනි වතාවට. ඉතින් මට ඒ චරිතය තුළ දෙයක් කරන්න තියෙනවා කියලා හිතෙනවා.
ඒ වගේම කෝටිපතියෝ හි චරිතයත් මම ආසා කරන විදියේ චරිතයක්. ඒ ටෙලි නාට්‍යයේ රංජිගේ චරිතයට එහෙම බොහෝ දෙනෙක් ආදරේ කරනවානේ. ඉතින් මට රඟපාන්න තියෙන්නෙත් ඔහුත් එක්ක. ඒකත් ලොකු දෙයක් කියලා මම හිතනවා. මොකද මගේ චරිතෙට එතකොට කට්ටිය ආදරේ කරනවනේ.

මේ හැමදේටම වඩා මෙඩිසිනාහි ජූඩිට කට්ටිය ආදරේ කරනවා කියලා හිතෙන්නේ නැද්ද?
ජූඩිගේ චරිතය මගේ ජීවිතේ වෙනස් කළා. මං ගොඩක් ටෙලි නාට්‍යවල ප‍්‍රධාන නිළියගේ යාළුවා, නැත්නම් නංගී කෙනෙක්. ඒ වගේ චරිතනේ ලැබෙන්නේ. හාස්‍ය චරිත ලැබිලාම නෑ. ඉතින් මේ චරිතෙ ලැබුණම මට හාස්‍ය චරිතයක් කරන්න පුළුවන් කියන එක පෙන්නන්න පුළුවන් වුණා. ඒ චරිතෙට අවුරුද්දක් තිස්සේ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
මෙඩිසිනා බලන්න ගොඩක් අය ආසයි. දැනට තියෙන කොමඩි නාට්‍ය අතරේ ඉදිරියෙන්ම තියන නාට්‍යයක්. ඒකත් මට වාසියක් වුණා මගේ තැන හදා ගන්න.

හාස්‍ය චරිත ඉදිරිපත් කිරීම සාමාන්‍ය චරිත ඉදිරිපත් කරනවට වඩා අපහසුයිද?
අනිවාර්යයෙන්. මිනිස්සුන්ව හිනස්සනවා කියන එක අභියෝගයක්. ගොඩක් වෙලාවට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සීරියස් කොමඩි කියන එක. නිකම්ම මෝඩ දේවල්වලට මිනිස්සු හිනා වෙන්නෙත් නෑනෙ. මුලින්ම ඒක ලොකු අසීරු වැඩක් වුණා. ඉතින් සුරන්ජන් විජේනාම මහත්මයා මේ චරිතය හදා ගන්න මට ගොඩක් උදව් කළා. ඔහු රුක්ෂානාව මගෙන් අයින් කරලා වෙනම චරිතයක් ජූඩි තුළින් ඉස්මතු කළා.

චරිතයක් බාර ගද්දී රුක්ෂානා හොඳට හිතල ද භාර ගන්නේ?
මෙහෙමයි මට ඕනෑම ටෙලි නාට්‍යකට කතා කළාම පොඩි තැතිගැන්මක් තියෙනවා. ඒ මට ලැබෙන චරිතය කොහොමද කරන්නේ? කොයි විදියට ද චරිතය හදා ගන්නේ කියලා. සමහර වෙලාවට මම ඒ ගැන ඕනෑවටත් වඩා හිතනවා. තව අවුරුදු ගණනාවක් රඟපෑවත් මම හිතන්නේ නෑ ඒක නැති වෙයි කියලා. ඕනෑම රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයක්.
නමුත් මගේ ප‍්‍රතිපත්තිය තමයි ලැබෙන චරිතයෙ මට කරන්න තියෙන්නේ එක කොටසයි ද ඒක හොඳින්ම කරලා ගෙදර එනවා කියලා.

හාස්‍ය චරිතවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙද්දී මේ යන විදියට ඉදිරියේදී හාස්‍යයටම මුල්තැන දෙයිද?
ඒක දන්නේ නෑ. මට එහෙම චරිත තෝරලා බේරලා කරනවා කියල මතයක් නෑ. එහෙම තෝරලා බේරලා කරන්න තරම් නිර්මාණ මට ලැබෙන්නෙත් නෑ. ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නවා කියන තැන මම ඉන්නේ.

නැවත හඬ කැවීම්වලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
පේ‍්‍රම දඩයම නාට්‍යයේ හඬ කැවීම්වලට සම්බන්ධ වෙලා හිටියා. මෑතකදී නම් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

එතකොට උලත් එකයි පිළත් එකයි සිනමා නිර්මාණයෙන් පසුව සිනමාවට ආරාධනා නැද්ද?
‘පාටක් නැති ආදරයක්’ කියලා සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. නමුත් තවම තිරගත වුණේ නෑ. ඒත් එක්කම ‘දෙවැනි යුද්ධය’ නමින් නිර්මාණයකුත් කළා. ඉදිරියේදී දකින්න ලැබෙයි.

රුක්ෂානාගේ නර්තන පාසලේ වැඩ කොහොමද?
නර්තන පාසලේ වැඩ සුපුරුදු පරිදි කර ගෙන යනවා. ඊට අමතරව මගේ නර්තන කණ්ඩායමේ වැඩවලටත් වැඩි දායකත්වයක් ලබා දීලා තිබෙනවා. මේ ටිකේ වැඩ කිහිපයක් තිබුණ නිසා.

ඒ කියන්නේ නර්තන කණ්ඩායමට හොඳ ඉල්ලූමක් තියෙනවා දැන්?
විවාහ උත්සව සහ විවිධ ප‍්‍රසංගවලට ඉල්ලූමක් තියෙනවා. සාමාන්‍ය වශයෙන් මගේ න්‍යායාත්මක ප‍්‍රායෝගික දැනුමක් සහ වෘත්තිය සුදුසුකමක් තියෙන්නේ නර්තන අංශයෙන්නේ. ඒ නිසා මට හිතෙනවා ඒ පැත්ත දියුණු කරගෙන ඉදිරියට යන එක වටිනවා කියලා.

රුක්ෂානා දිසානායක කියන කෙනා මිනිස්සු කතා බහට ලක්වෙන චරිතයක් වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයිද?
ඇත්තටම මම මේ ආපු ගමන ගොඩක් දුෂ්කරයි. ලේසිපහසු ගමනක් නෙමෙයි පසු කළේ. ගොඩක් තැන් වලින් මාව ප‍්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ටිකින් ටික ආපු මේ ගමනේ වටිනාකම අද වෙද්දි වැඩියි. මොකද මම පොඩි පොඩි චරිත කරලා එක දර්ශනයක පමණක් පෙනී හිටපු නිර්මාණ පවා තියෙනවා. ඒ විදියට කට්ට කාලා ආපු ගමනක් නිසා ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. ඉතින් මේ හැමදේටම මගේ අම්මාත් කියන්න බැරි තරම් සහයෝගයක් ලබා දෙනවා. ඒ දේවලූත් මේ ආපු ගමනට ලොකු ශක්තියක් සහ ආලෝකයක් වුණා.

ධනු විජේරත්න
ඡායාරූප: සජීව ලක්‍ෂාන්

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot