Skip to main content

මට අවශ්‍ය ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉදිරියට යන්න


2018-07-25-ent-13
කාලයක් නිරූපිකාවක් ලෙස කටයුතු කළ බුද්ධි චන්ද්‍රසිරි මේ වනවිට ව්‍යාපාරිකාවක් ලෙස කටයුතු කරමින් සිටියි. වසර කිහිපයක් තිස්සේ නොයෙකුත් කලා නිර්මාණවලට දායක වෙමින් නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඇති ඇය නිරූපිකාවක් ලෙස වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය ගැන දැක්වූ අදහස් කිහිපයක් මේ.

ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම?2018-07-25-ent-12
මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ 2014 වසරේදී. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අංශයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. විශ්වවිද්‍යාලයේ බාහිර කටයුතුත් එක්ක මම බොහෝම ළඟින් වැඩ කළා. විශේෂයෙන්ම නර්තන, නිරූපණ ඡායරූපගත කිරීම් වගේ දේවල්වලට. ඒවත් එක්ක තමයි මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ.

කලා කටයුතුවලට ඔබ දුන් දායකත්වය?
මුලින්ම කියන්න අවශ්‍යයි නිරූපණ ක්ෂේත්‍රයේ මම නියැලුණේ පුර්ණකාලීනව නෙවෙයි. ඒ කියන්නේ මම වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් විදිහට නෙවෙයි වැඩ කළේ. මම ඉගෙන ගන්න ගමන් ‘හොබී’ එකක් විදිහට නිරූපණ වැඩ කරපු කෙනෙක්. හැබැයි මම අලෙවිකරණ අංශයේ ඉගෙන ගත්ත නිසා මේ ක්ෂේත්‍රයේ වෙනම පැත්තකට මාව අද වනවිට යොමු වෙලා තියෙනවා. මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ වගේම චමිල් විජේනායක අයියාගේ ‘ආදරේ කියන්නකෝ’ ගීත රූප රචනාවට සම්බන්ධ වුණා. ඒ ගීත රූප රචනාව හරහා තමයි මාව ගොඩ දෙනෙක් අඳුනගත්තේ. ටෙලි නාට්‍යය තුන හතරකට හා චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණත් කුමන හෝ හේතුවක් මට මට ඒවාට සම්බන්ධ වෙන්න බැරිවුණා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරනවා නම් මම දැනට වෘත්තිය මට්ටමේ නිරූපිකාවෝ කිහිප දෙනෙක් දකිනවා. දක්ෂ නිරූපිකාව අද ගොඩක් අඩුයි මේ ක්ෂේත්‍රය තුළ. ඒ වගේම කියන්න ඕනා අලුතින් මේ ක්ෂේත්‍රයට එන ගොඩක් නිරූපිකාවෝ ඉන්නවා. ඒ අයව ජාත්‍යන්තර මට්ටම ගේන්න මීට වඩා සහයෝගයක් කාගෙන් හරි ලැබුණා නම් ගොඩක් වටිනවා. ඒ අතරේ නිරූපණ ක්ෂේත්‍රයේ විනාශ කරන පිරිසකුත් ඉන්නවා. මම එයාලා ගැන විවේචනය කරනවා නෙවෙයි. ඒ අය මොනවා කළත් මම නම් හිතන්නේ එයලා එයාලාවම හොඳට ජනප්‍රිය කරගන්නවා කියලා.

කලාව පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
මම හිතන්නේ මගෙන් මේ ප්‍රශ්නයට උත්තරේ ටිකක් අඩුවෙන් හම්බ වුණොත් ඇති. මොකද, දැනටමත් මගේ පාර වෙනස් වෙලා ඉවරයි. කලාව පැත්තට යොමු නොවුණත් මගේ එකම බලාපොරොත්තුව උණේ කවදහරි හොඳ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. මම දැන් ඒ පැත්තට යොමු වෙලා ඉවර නිසා අනෙක් දේවල් ගැන හිතන්නේ හරි අඩුවෙන්.

මොනවද ඉලක්ක?
මම කලින් කිව්වා වගේ මගේ ඉලක්කය දැන් වෙනස් පැත්තකට යොමු වෙලා තියෙන්නේ. මම මෑතක් වෙනකස් සන්නාම කලමණාකාරිණියක් විදිහට සේවය කළා. දැන් මගේම කියලා ව්‍යාපාරයකට අතගහලා තියෙන්නේ. ORO MEDIA නමින් ඇඩ්වර්ඩයිසින් එජන්සියක් පටන් ගත්තා. මම නිරූපණ ක්ෂේත්‍රයේ ලබාගත්තු අත්දැකිම් සහ මම ඉගෙන ගත්තු දේවල් වලින් මේ ක්ෂේත්‍රයට හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අයේමත් නිරූපණයට යොමු වෙන්න අදහසකුත් තියෙනවා මට.

කවුද උදව් කළේ?
මම දැන් ඉන්න තත්ත්වය ගැන කතා කළොත් මම ස්තුතිවන්ත වෙන්න ඕනා ගයාන් කරුණාරත්නට. ඔහු මගේ පෙම්වතා වෘත්තිය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක්. මේ වැඩවලදී ගොඩක් උදව් කරන්නේ ඔහු. ඊට අමතරව මගේ පවුලේ අය, මගේ සමිපතම මිතුරු, මිතුරියන්වත් මේ අවස්ථාවේදී මතක් කරනවා.

බුද්ධික සේනාධීර

2018-07-25-ent-102018-07-25-ent-11 

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot