2015 කංගනා රනවුත් සම`ග ර`ග පෑ කට්ටි බට්ටි චිත‍්‍රපටියෙන් පසුව ඉම්රාන් ඛාන් මෙතෙක් කල්ම ර`ග පෑවේ නැත. ඔහු මේ විවේකය ගෙන තිබෙන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ප‍්‍රථම චිත‍්‍රපටියට සූදානම් වීම ස`දහා යයි ක්ෂේත‍්‍රයේ පැතිර තිබුණේය. එහෙත් අලූත්ම වාර්තාවකින් කියැවෙන්නේ ඔහු කරන් ජෝහාර් ගේ නිෂ්පාදනයක් වන දැන්වීම් චිත‍්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්නට ගිවිසුම් අත්සන් කර ඇති බවය. ජානේ තු යා ජානේ නා ලෙසින් නම් කර ඇති මෙය ඉම්රාන් ගේ ඒ වර්ගයේ පළමුවෙනි චිත‍්‍රපටියයි. එහෙත් ඔහුගේම චිත‍්‍රපටියක අධ්‍යක්ෂවරයෙකු වීමේ අදහස තවමත් ඔහුගේ සිතින් ඉවත්ව ගොස් නැත.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..
