Skip to main content

සාරංගගෙ වෙස් මාරුව

2018-08-27-ent-01
ටෙලි නාට්‍ය කලාවේ තවත් නවතම පෙරළියක් ගෙනෙන ‘වෙස්’ මේ දිනවල අසීමිත පේ්‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද විකාශනය වෙනවා. වෙස් සමග කරළියට එන සාරංගගේ වෙස් මාරුව ගැන කතා කරන්න සාරංග අපිත් එක්ක එකතු වුණා.

මොකද්ද මේ වෙස් මාරුව?2018-08-27-ent-02
වෙස් කියන්නේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන අලූත්ම ටෙලි නාට්‍යය මම හිතනවා කාලෙකට පස්සේ ‘වෙස්’ මගේ රංගන ජීවිතේ ලොකු පෙරළියක් වේවි කියලා.

කෝටිපතියෝ සහ හාරකෝටියේ ලාරට වඩා වෙස් ටෙලි නාට්‍යයේ රයන් දේවින්ද කියන චරිත දෙකෙන් යම් වෙනසක් කරන්න පුළුවන් කියලා සාරංග හිතනවද?
වෙනසක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒ වෙනස මට වඩා දකින්නෙ පේ‍්‍රක්ෂකයෝ. කෝටිපතියෝ, හාරකෝටිය කියන නාට්‍යවලට වඩා වෙස් කියන්නේ වෙනස්ම රිද්මයක් එක්ක ගලාගෙන යන නිර්මාණයක්. ලාරා කියන චරිතය එක්ක ගත්තම වෙස් නාට්‍යයේ චරිත දෙකම අහසට පොළව වගේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්.

වෙස් ටෙලි නාට්‍යයේ ඔබේ භූමිකාව ගැන මොකද හිතෙන්නේ?
මම මේ ටෙලි නාට්‍යයේ චරිත දෙකකින් පෙනී ඉන්නවා. අතීතයේ දේවින්ද අනාගතයේ රයන් විදිහට. මම මාවම ජීවිතය ඇතුළේ හංගගන්න වැඩක් මේක. මේ නාට්‍යය ඇතුලේ ලොකු කුතුහලයක් තියෙනවා. පේ‍්‍රක්ෂකයන්ව ඇදලා තියාගන්නේ ඒ කුතුහලය.

වෙස් සාරංගට අභියෝගයක්ද?
ඔව්. මේක මට අභියෝගයක්. එකම නාට්‍යයක දෙයාකාරයකින් චරිත දෙකක් නිරූපණය කරන එක අභියෝගයක්. මම කලින් රඟපාපු චරිත එක්ක වෙස් ටෙලි නාට්‍යයේ වෙනසක් කරන්නේ කොහොමද කියන එක මම මුලින්ම කල්පනා කළා. ඒ නිසා මම හැමවිටම උත්සාහ කරන්නේ කලින් කරපු චරිතයන්ට වඩා වෙනස් යමක් මේ චරිතය තුළින් කරන්න.

ඒ උත්සාහය සාර්ථකයි කියලා හිතනවද?
ඔව්. සාර්ථකයි කියලා හිතනවා ලැබෙන ප‍්‍රතිචාර එක්ක.

වෙස් කියන්නේ නවක අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක්. ඒ අද්දැකීම කොහොමද?
ඇත්තටම අධ්‍යක්ෂවරයා නවකයෙක්ද, ප‍්‍රවීණයෙක්ද කියන එක ගැන මම හිතන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ ඒ අධ්‍යක්ෂවරයාගේ දැක්ම සහ ඒ නිර්මාණය ගැන මම හිතන්නේ කොහොමද කියලා විතරයි. වෙස් පිටපත කියෙව්වම මේ චරිත දෙකට මට ලොකු ආසාවක් ආවා. ධනුෂ්කගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ නොකලත් රංගන ශිල්පියෙක් ලෙස මම ඔහුත් සමග වැඩ කරලා තියෙනවා. නවක අධ්‍යක්ෂවරයෙක් සහ අපේ පරම්පරාවේ කලාකරුවෙක් විදිහට ඔහුගේ උනන්දුව මම අගය කරනවා. වෙස් කියන්නේ තරුණ පේ‍්‍රක්ෂකයින් ඇද බැඳ ගන්න විදිහේ නිර්මාණයක් වගේම අපේ කාලයට බිහිවුණු සුපිරි වැඩක්.

වෙස් වර්තමාන මෙගා රැුල්ලේ නාට්‍ය වලට අභියෝගයක් කරන්න පුළුවන් නිර්මාණයක් කියලා සාරංග හිතනවද?
ඔව්, කාලයක්ම තිබුණා කෙල්ලයි කොල්ලයි මල් ගස් වටේ දුවන මල් සින්දු තමයි ටෙලි නාට්‍ය වල තේමා ගීත වල තිබුණේ. වෙස් තේමා ගීතයම හාත්පසින්ම වෙනසක් එක්කළා. නාට්‍යය වුණත් පවත්වාගෙන යන රිද්මය ඒකාකාරී නැහැ. එකිනෙකට වෙනස්.

සාරංග දිනක්ෂි එකට ගැටෙන කීවෙනි රංගනයද මේක?
කිහිපයකට දායක වුණත් මට ඇයත් සමග නිර්මාණවලට ලොකුවට දායක වෙන්න ලැබිලා නැහැ. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

කාර්යබහුලත්වයත් එක්ක කොහොමද පෞද්ගලික ජීවිතේ ගලාගෙන යන්නේ?
වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය කිහිපයකට දායක වෙලා ඉන්න නිසා ඇත්තටම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. පහුගිය දවස්වල අම්මත් එක්ක ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක ගිහින් ආවා. තව අම්මා එක්ක එකතුවෙලා පෞද්ගලික ව්‍යාපාර කටයුත්තකුත් කරගෙන යනවා. කොහොමත් මම කාර්යබහුල වෙලා වැඩ කරන්න කැමතියි. මේ කාලය මගේ ජීවිතේ උපරිම සතුටින් ගත කරන කාලවකවානුවක්. මගේ ජීවිතය කනපිට හරවන්න ගොඩක් අය උත්සාහ කළා. තවමත් උත්සාහ කරමින් ඉන්නවා. නොයෙකුත් විදිහට ආපස්සට මගේ ජීවිතය අදින්න. නමුත් ඒකට මම දශමයක්වත් ඉඩ තියන්නේ නැහැ.

ජීවිතේ සමහර දේවල් ගැන සාරංගට පසුතැවීමක් තියෙනවද?
ඔව්.. යම් යම් කාරණා එක්ක පොඩි පසුතැවීමක් තියෙනවා. සමහර අවස්ථා වලදී සමහර තීරණ මිනිස්සුන්ව විශ්වාස නොකර සෘජුව ගත්තනම් හොඳයි කියලා හිතෙනවා. නමුත් මම ඒවට පසුතැවෙන්නේ නැහැ. නමුත් ගොඩක් දෙනෙක් මම ගැන වැරදි විදිහේ දේවල් හිතාගෙන ඉන්නවා. සමහර කාරණා පිළිබඳව. මගේ පේ‍්‍රක්ෂකයින්ට මම ගැන වැරදි ආකල්ප යනවට, ඇත්ත නොදැන මට ඇඟිල්ල දික් කරනවට මම කැමති නැහැ. ඒ නිසා නිසි කාලය ආවම මම ඒ දේවල්වලට උත්තර දෙනවා. හැබැයි උත්තර දෙන්නේ කාටවත් රිද්දන්න නෙමෙයි.

ඔබ කතාකරන්නේ කලකිරීමෙන්ද?
අපෝ නැහැ කිසිම කලකිරීමක් නැහැ. සමහර අයගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මම ඇත්ත වසන් කරගෙන ඉන්නවා. නමුත් බොරු දේවල් පතුරවලා ඇත්ත එළියට ගන්න තැනට මාව තල්ලූ කරනවා. ඒ නිසා නිසි කාලය ආවම මම ඇත්ත කියාවි. ඔය වෙස් මූණු දාගෙන ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන ඉන්න අයගේ වෙස් මූණු සමහර විට ඉස්සරහට ගැලවේවි.

නදීශා අතුකෝරළ
ඡායාරූප - චමත් වින්දුල

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot