Skip to main content

උපේකා නිර්මාණි මව්පදවියට සූදානම්

උපේකා නිර්මාණි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහන ඔස්සේ ලංකාවම හඳුනාගත් ආදරණීය ගායන ශිල්පිනියක්. ඉතින් පහුගිය දිනෙක ඇය විවාහ දිවියට ඇතුළත් වුණා. මේ කියන්න යන්නේ ඇගේ අළුත්ම තොරුතුරක් ගැනයි. උපේකා ළඟදීම මව්පදවිය ලබන්න සූදානම්ලු. මේ ගැන ඇය මාධ්‍යයට පවසලා තිබුණේ මේ විදිහට.
“ගැහැනු ළමයෙක් විවාහ වෙලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් මමත් එය බලාපොරොත්තු වුණා. දැන් මම මවක් වෙන්න සූදානමින් ඉන්නේ. අපි දෙන්නම හිතුවේ දුවෙක් වුණත්, පුතෙක් වුණත් කමක් නැහැ කියලා. ඒත් සැමියා නම් පුතෙක්ට ටිකක් ආසාවෙන් හිටියා. කොහොම හරි පුතෙක්ම තමයි අපිට දැන් ලැබෙන්න ඉන්නේ.
මම හිතන්නෙ ගැහැනු ළමයෙක් විවාහ වෙන්න ඕන අවුරුදු 25ටත් කලින්. මම විවාහ වුණේ 26දී. ඉතින් මම අම්ම කෙනෙක් වෙන්න ඕන කාලය හරි. දරුවට අවුරුදු 20ක් වෙද්දී අපිත් ටිකක් තරුණව ඉන්න ඕනෙ. එතකොට තමයි අපිට එයාලව හොඳට බලාගන්න පුළුවන්.”
2018-08-27-upeka-002018-08-27-upeka-12018-08-27-upeka-22018-08-27-upeka-4


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot