Skip to main content

කකුල් දෙක බලා කාන්තාවක් සැබෑවටම පිරිසිදුව සිටින්නේද නැද්ද යන්න දැනගන්න පුළුවන්

හිරු ටීවී, හිරු ස්ටාර් රියැලිටි ටෙලිවිෂන් සජීවිකරණ වැඩසටහන හරහා සෑම සති අන්තයකම අප ආලින්දයට එන තරු පිරිවර අතර විරාජමාන වන විරාජිනියක් ලෙසට අද ඇය වඩාත් ජනාදරයට පාත්‍ර වී ඇත. තම හඬින් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලබනා ඇය, රුවින් ද ඔබේ මතකයේ රැඳී ඇත්තේ නොමැකෙන ලෙසය. 

ඔබ සතියෙන් සතිය ගොඩක් ලස්සන වෙන බවයි පෙනෙන්නේ. මොකක්ද රහස?

මම සාමාන්‍යයෙන් විලාසිතා කරන්න බය නැති කෙනෙක්. ඒ නිසා සතියෙන් සතියට කොණ්ඩා මොස්තරය වෙනස් කරනවා. ඇඳුම් පැළඳුම් පවා විවිධාංගිකරණය කරනවා. මම හිතනවා මගේ ඇඟට ගවුම, සල්වාරිය වගේම සාරියත් එක ලෙස ගැලපෙනවා කියා. ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේදී මට ගැලපෙන ඇඳුම් විලාසිතාව තෝරා ගන්නවා වගේම පාට කෙරෙහිත් මම තරමක් සැලකිලිමත්.

එකම පුද්ගලයෙක්ව එකම විදිහට දකින එක නතර කරන්නයි මම විවිධ වෙනස්කම් කරමින් රියැලිටි වැඩසටහන්වලට සහභාගි වෙන්නේ. ඒ වෙනස වෙන්න ඇති දින දින මා ලස්සන කරන්නේ.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්්වාස කරනවාද?

ලස්සන සාපේක්‍ෂව දකින දෙයක්. සෑම කාන්තාවක්ම ප්‍රියමනාපව සිටිය යුතු බවයි මගේ හැඟීිමනම්. ප්‍රියමනාප බව කියා මා මෙහිදී අදහස් කළේ මුහුණේ ස්වභාවයවත්, හමේ පාටවත්, කෙට්ටු ශරීරයක් පවත්වාගෙන යාමවත් නොවේ. පුද්ගලයා සතු පෞර්ෂත්වය. කෙනෙකු සමඟ කතාබහ කරන ආකාරය ශරීරය පිරිසිදුව තියා ගන්නා විදිහ ආදිය මෙහිදී වැදගත්. මොනතරම් ලස්සන උනත් වැඩක් නැහැ කාන්තාවක් පිරිසිදු නැත්නම්.

විශේෂයෙන්ම කෙනෙක් අප ළඟට එන විට අප ශරීරයෙන් දහඩිය දුඟදක් හෝ හමනවාට බාහිර පාර්ශවයක් කැමති නැහැ. එම නිසා බාහිරව මුහුණට ආලේප ගල්වා මුහුණ ලස්සන කරගන්න උත්සහා ගන්නවා වාගේම දහඩිය දුඟද වැඩිපුර එනවානම් ඒවා පාලනය කරගන්නන් යම් පියවරක් ගැනීමට උත්සහ ගත යුතුයිි. කාන්තාවක් පිරිසිදුව සිටින්නේද යන්න දැනගත හැකි හොඳම තැන තමයි පාද දෙක. ඇත්තටම පිරිසිදුව ඉන්න කාන්තාවකගේ කකුල් දෙක හරිම පිරිසිදුයි. කකුල් දෙක බලා කාන්තාවක් සැබෑවටම පිරිසිදුව සිටින්නේද නැද්ද යන්න දැනගත හැකියි.

ඔබ ශරීරය ලස්සනට තියාගන්න මොනවද කරන්නේ කියලා දැනගන්න කැමතියි?

මම ගොඩක් වතුර බොන කෙනෙක්. උදෑසන අවදි වෙලා ලොකු වතුර වීදුරුවක් බොනවා. දෛනික ආහාරයට අලූත් එළවළු, පළතුරු, පලා වර්ග, සලාද වැඩි ප්‍රමාණයක් යොදා ගන්නවා. කුඩා මාළු වර්ගත් ආහාරයට එක්කර ගන්නවා. කෑම පිළියෙළ කිරීමේදී ලූනු යොදා ගැනීම හරිම අඩුයි. පැණි රස කෑම වලට මම හරිම අකමැතියි. තේ බිව්වත්, පළතුරු යුෂ පිළියෙළ කර ගත්තත් සීිනි යොදන්නේ නැහැ. සීිනි යොදා නොගන්න නිසාම ඒවායෙහි ස්වාභාවික රසයම අත්විඳින්න හැකිවෙනවා.

ඒවගේම තෙල් කෑම, පිටි කෑම, ක්‍ෂණික කෑමත් මම කන්න අකමැතියි. මම ඉස්සෙල්ලා කිව්වේ දිනපතාම පළතුරු ගොඩක් කනවා කියලා. ඒත් අඹ, අන්නාසි වගේ පළතුරුවලට නම් වැඩිය කැමති නැහැ. පැපොල්, කොමඩු වගේ පළතුරු නිතර ගන්නවා. කෙසෙලූත් ඉඳහිට ආහාරයට ගන්නවා. ගන්න කෑම බීමනම් ඉතිං  ඕවා තමයි.

මේ නිසාද ඔබ ලස්සනට තරුණබව රැකගෙන ඉන්නේ?

ම්.... ඒ කටනම් හේතුව ජානයෙන් ලැබුණු වාසනාවක්. මගේ අම්මයි තාත්තාගෙයිත් වයස පේන්නේ නැහැ. ඒ ආරේ දරුවන්ටත් ලැබිලා තියෙනවා. ඒක වාසනාවක්.

උත්සහ කළොත් ලස්සන වෙන්න  ඕනෑම කෙනෙකුට පුළුවන් කියන තර්කය ඔබ පිළිගන්නවාද?

ඔව් ඇත්තටම කෙනෙක් කැතයි කියලා හිතනවානම් එතනදී ඇත්තටම වෙලා තියෙන්නේ ඒ කෙනාට ලස්සන වෙන්න බැරි වෙලා. ලස්සන වෙන්න  ඕනෑම කෙනෙකුට පුළුවන්. ප්‍රියමනාපව, පිරිසිදුව ජීවත් වෙන එක අමාරු දෙයක් නොවේ. ලෝකයේ කිසිම කෙනෙක් කැත නැහැ. හැමෝම ලස්සනයි. ලස්සන මතු කර ගැනීිමයි වැදගත් වෙන්නේ.

සමේ පැහැය ආරක්‍ෂාකර ගැනීමට මොකද කරන්නෙ?

සම නිරෝගීිව තියා ගන්න නම් මම ගොඩක් සැලකිලිමත්. අව්වට යනවාන අනිවාර්යෙන්ම හිරු ආරක්‍ෂණ ආලේපනයක් ගල්වනවාම්. ඊට අමතරව රාත්‍රියේදී මුහුණට විශේෂිත ආලේපනයකුත්, දහවලේදී සමේ ආරක්‍ෂාව වෙනුවෙනුත් දේශීයව නිෂ්පාදනය කෙරෙන ආයුර්වේද ආලේපනයක් භාවිත කෙරෙනවා.

වයසට යාමේදී සම රැලි වැටීම වළක්වා ගැනීමටත් සමේ පෝෂණය වෙනුවෙනුත් විටමින් වර්ග කිහිපයක් රාත්‍රී‍්‍රි කෑමෙන් පසු ලබා ගන්නවා. විටමින් ඊ, විටමින් ෑ, විටමින් ක්‍, ඒ අතර ප්‍රධානයි. අපි ගන්න ආහාරයෙන් ශරීරයට අවශ්‍ය පෝෂණ පදාර්ථයන් නොලැබී යන සෑම වෙලාවකම විටමින් අතිරේකයකින් එම අවශ්‍යතාව මඟහරවා ගත හැකි වෙනවා.

ඔබ දක්‍ෂ ගායිකාවක් වගේම දරුවන් දහස් ගණනකට හඬින් ලොවක් දිනන්නට මඟ පෙන්නූූ ගුරුවරියක්. වඩා දක්‍ෂතා දක්වන දරුවන් කෙරෙහි ඔබට හැගෙන්නේ කොහොමද?

ඇත්තටම සතුටුයි. ගායනයෙන් දක්‍ෂ කෙනෙකුට නිවැරදි ගමනක් යන්න සාධාරණ විනිශ්චයක් ඉතාම වටිනවා. ඒ මඟ පෙන්වීම නිරතුරුවම මා අතින් සිදුවෙනවා. කවදාවත් දක්‍ෂයන් කෙරෙහි ඊර්ෂයාවක් සිතට දැනෙන්නේ නැහැ. මොකද ගායනයෙන් අන්‍යතාවයක් මා අද වනවිට ගොඩනඟාගෙන ඉන්නේ. නිරෝෂා විරාජිනිලා ඉන්නේ එක්කෙනයි. එ අනන්‍යතාවය අද මා ගොඩනගාගෙන ඉවරයි. ආධුනිකයන් ලෙස ෙක්‍ෂත්‍රයට එන  ඕනෑම කෙනෙකුට දෙන පණිවිඩය තමයි යාවත්කාලීින විය යුතුයි කියන දේ ෙක්‍ෂත්‍රයක් තුළ රැදෙන්න දක්‍ෂතාවය, කැපවීම, ඉතාම අවශ්‍යයයි. එසේ නොමැතිව ලබන ජයග්‍රහණයන් ඉතාම තාවකාලිකයි.

සැමවිටම ආත්ම විශ්වාසයකින් කටයුතු කරනවානම් අපි සෑම කෙනෙකුටම බලාපොරොත්තු වන ඉලක්කයට ළංවීම අපහසු නොවෙයි.

 

අසුන්තා එදිරිසූරිය

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot