Skip to main content

ප‍්‍රශ්න තියෙනවා ඒත් සතුටින් ඉන්නවා


ජනිත් වික‍්‍රමගේ මේ දිනවල හමුවන්නෙ ජයප‍්‍රකාශ් සිවගුරුනාදන්ගෙ දූවිලි අහසෙ මිගාර ලෙස සහ සඳුන් රාජකරුණාගේ නීල පබළු නාටයයේ රාජ් මෙන්ම සඳරුවන් ජයවික‍්‍රමගෙ නිරාශා නාට්‍යයේ, ලසිත් හෙවත් ලසියා ලෙසයි. විවිධ චරිත රංගනයන් සමග මෙලෙසින් හමුවන ජනිත් ජීවිතයේ සැබෑ අරුත වටහාගෙන ගමනක් යන තාරුණ්‍යයේ චරිතයක් ලෙස නම් කරන්න පුළුවනි. ජනු - 29 ලෙස සෑම ජනවාරියකදීම ලේ දන්දීමක් පවා කරනු ලබන ජනිත් එක්ක කළ පිළිසදරකි මේ.

20181230Janith-1ජනිත් සතුටින් වගේ?
සතුටින් තමයි ඉන්නෙ. ප‍්‍රශ්න තියෙනවා. ඒක පොදු දෙයක්නෙ. සතුටින් ඉන්න බලනවා.

කොහොමද ජීවිතේ?
මේ දවස් ටිකේ කලා කටයුතු එක්කමයි හිටියෙ. රූගත කිරීම් සහ කළ ඒවා එක්ක.

විශේෂ සතුටට හේතුව විශේෂ කෙනෙක් හමුවීම නේද?
එහෙම නැහැ. එක එක දේ එනවා යනවා. හරියට සුළඟ වගේ. තව මට කාලය තියෙනවා. ඉක්මන් වෙලා දෙයක් කරනවාට වඩා ජීවිත කාලයටම ජීවත්වන කෙනෙක් තෝරා ගැනීමයි. මගේ ජීවිතය තේරුම් ගත්ත කෙනෙක් මාව තේරුම් ගනීවි.

ජනිත් කොහොම කෙනෙක්ද?
සරලව ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. වෘත්තියට උපරිම ගරුත්වයක්, වටිනාකමක් දෙන්න. ඒ වගේම ජීවිතයට වටිනාකමක් දී සමාජයට යමක් ලබා දෙන්න උත්සාහ ගන්න කෙනෙක්.

රඟපෑම ගැන විතරද හිතන්නෙ?
මගේ පුංචි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒක ගැන හිතනවා. ඇත්තටම කලාවට යොමු වුණාම වෙන දේ කරන්න බැහැ. කලාව විනෝදංශයට කරන්නම බැහැ. ඒකට කැප වී මගේ හැකියාව ඔප නංවා ගන්න දේ කරන්න උත්සාහ ගන්නවා.

එහෙම ගත කරන ජනිත්ගෙ ආර්ථිකය?
හොඳයි, මම අද වන විට ජීවිතයට යමක් ලබාගෙන ඇත්නම් ඒ කලාව නිසා. රැකියාව කළේ වසර 2 කයි. ඉවත් වුණා.  AIA රක්ෂණ සමාගමේ. ඊට පසුව වෘත්තීය නළුවකු වුණා. ව්‍යාපාරයක් කිරීම ලෝකෙ  ඕනෑම වෘත්තීය නළුවන් කරන දෙයක්. අපට ලැබෙන ආර්ථිකය කළමනාකරණය කර ගැනීම කරගන්න  ඕනෑ. රංගනය හොඳම වෘත්තියක්. බොහෝ විට අප යමක් කළ විගස ‘නළු’ ලේබලය ගහ ගැනීම මත නෙවෙයි නළුවකු වන්නෙ. දිගටම වැඩ එනවා නම්, අධ්‍යක්‍ෂවරු ගන්නවා නම්, එයාට අවස්ථා ලැබෙනවා නම්, එයා ස්ථාවර නළුවෙක්. ඒක වන්නේ අපේ ක්ෂේත‍්‍රයේ සිටින විදිය සහ මුදල් කළමනාකරණය කිරීම මත. එය නළුවාට හෝ  ඕනෑම වෘත්තියකට අදාළයි. අපට එකවගේ නිරන්තරයෙන් ඉල්ලූමක් තියෙන්න විදියකුත් නැහැ.

නළුකම තෝරා ගත්තෙ නැත්නම්?
වාණිජ අංශයේ රැුකියාවක් කරන්න තිබුණා. ඒත් කුඩා කාලයේ ඉඳලාම දැක්කෙ කලාව. දෙවැනි තේරීමක් තිබුණෙ නැති තරම්. ක්ෂේත‍්‍රයේ කලකිරීම් තියෙනවා. ඒත් ඒක සෑම ක්ෂේත‍්‍රයකටම පොදුයි. වෙනස තියෙන්නෙ අනෙක් ක්ෂේත‍්‍රවලට වඩා මෙම ක්ෂේත‍්‍රයේ තියෙන පිළිගැනීමයි. ඒක අපි විසින් ආරක්ෂාකර ගත යුතුයි. ජීවිතය කියන්නෙ සමබරව ගත කළ යුතු දෙයක්. බුදු දහම අපට ජීවිතය ගැන කියා දෙන මැදි මාවතේ ගමන නිසාම ප‍්‍රශ්න අඩුයි.

ඔබගෙ සම වයසෙ නිළියක් අතරින් හිත ගිය අය?
ලොකුවට හිතලා නැහැ. ක්ෂේත‍්‍රයේ නොවුණත් නිතර නිතර හමුවීම් මත මිතුරන් වීමම ආදරයක් ප‍්‍රකාශ කළත් ඒක එයාලා පුදුම වේවි. යාළුවාට මේ මොකද වුනේ කියලා. කොහොම වුණත් ගැලපීම සහ තේරුම්ගැනීම මත තමයි ආදරය ඇතිවන්නෙ.

ගෙදර ජීවිතය?
හොඳයි. තාත්තාට සුවවෙලා දැන් රංගනයට ආපසු ඇවිත්. අමාරු කාලයක් අපට තිබුණා. අපි එක්ක කවුද ඉන්නෙ කියලා හරි මිනිස්සු කවුද කියලා අපි අත්දැකීම් ලැබුවා. බොහොම සන්තෝෂයෙන් අපි ජීවත් වෙනවා.

ගෙදරින් ඔබට තියෙන තහංචි?
අනේ නෑ අපට තහංචි දැම්මෙ නැහැ. අපි ඒවා කඩාගෙන ගියෙත් නැහැ. කඩාන නොගියේ අම්මා තාත්තා අපට ප‍්‍රායෝගිකව ජීවිතය ඉගැන්නුව නිසයි. මෑත කාලීන පවුල් අවුල් වෙන්නෙ ළමයින් හදන ක‍්‍රමය මතයි. සල්ලි පොම්ප කරලා ළමයි හදන්න බැහැ. අම්මා තාත්තා සහ ගෙදර බැඳීම් එක්ක තමයි ජීවිතය යා යුත්තෙ. අපේ පවුලේ අපි හතර දෙනා හරි සමීපයි. අපි යමක් කරන්න කලින් හොඳට හිතලා බලලා කරන්නෙ. අම්මා තාත්තාගෙ හිත් රිදේවිද කියලා හිතලා බලලා. අපටම අපි වාරණ දාගෙන.

කී වතාවක් ලේ දන් දුන්නද?
7 වැනි අවුරුද්ද, එළැඹෙන ජනවාරි 26 සෙනසුරාදා නාරාහේන්පිට ලේ බැංකුවේ පැවත්වෙන්නෙ.

උපන් දිනය කවදද?
ජනවාරි 29

ලේ දන්දීම ඊට සාපේක්ෂවද කරන්නෙ?
ඔව්. ඊට ළඟම දිනක සෙනසුරාදා යොදා ගන්නවා. ලේ පයින්ට් 250 ක් එකතු කිරීම අපේ අරමුණයි. එයින් රෝගීන් 1000 කගේ ජීවිතය බේරා ගන්න පුළුවනි.

2019 ට ජනිත්ගේ පණිවුඩය?
සමාජ රැුල්ලකට නොගොස් කලාවට ආදරය කරන අපි ඒ කලාවට හානියක් නොවන නිර්මාණ සමග හොඳ නිර්මාණ එක්ක එකතු වීම තමයි අරමුණ.

සටහන / ඡායාරූප: සඳුන් ගමගේ
20181230Janith-2

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot