Skip to main content

පෙනුම බටහිරවුණාට හැදුණේ සිංහල විදිහට



මේ දිනවල බොහෝ දෙනා ඇය ගැන කතා වන්නේ දෙරණේ විකාශය කෙරෙන රාවණා ටෙලි මාලාවේ ‘‘ජානි’’ ලෙස රඟපාන චරිතය නිසයි. තාර්යා රංචනා ක‍්‍රිස්ටීන් කෙනඩි ඇයගේ සම්පූර්ණ නාමයයි. ඇය කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින්නේ ‘‘තාර්යා කෙනඩි’’ නමිනි. මේ තාර්යා කෙනඩිගේ් පියා ස්කොට්ලන්ත ජාතික පුරවැසියෙකි. ඒ සම්භාවය ගැන සහ කලා ක්ෂේත‍්‍රයේ අනෙකුත් විස්තර තාර්යා සඳැල්ලට කීවේ මෙලෙසිනි.
20181223Kenedy-1‘‘තාර්යා’’ ඔබගෙ නම ගැන මුලින්ම අපට කිව්වොත්?
එය රුසියානු නමක්. තන්යානා කියන නමින් විකාශය වූ නාමයක්.

එතකොට ඔබගෙ තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්? අම්මා?
ඔව්, තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්. අම්මා ශ්‍රී ලාංකීය කාන්තාවක්. ඒ දිනවල ගල්කිස්සෙ ක‍්‍රිස්ත‍්‍රියානි පල්ලියට යනxඑන කොට තමයි දෙන්නා දැන හඳුනාගෙන තියෙන්නෙ. ඉන්පසුව පෙමින් වෙලී එයාලා විවාහ වෙලා. ඒක හරි සුන්දර ආදර කතාවක්. ඒ ආදර කතාවේ ප‍්‍රතිඵලය තමයි මම තාර්යා.

ඒ කියන්නෙ පවුලේ එකම දරුවා ඔබ ද?
ඔව්.

තාර්යා ස්කොට්ලන්තයට ගිහින් තියෙනවාද?
ඔව්, එහෙ යනවාxඑනවා. එහේ අපේ ඥාතීන් ඉන්නවා. තාත්තාගේ ඥාතීන් මාව රූපවාහිනියෙන් දැකලා මා ගැන සොයාxබලා සතුටු වෙලා තියෙනවා.

දැන් තාත්තා මොනවද කරන්නෙ?
තාත්තා විදේශගතව සිටින්නෙ. තාත්තා සිටින අවස්ථාවල දී මාව හැමතැනම එක්ක යන්නෙ තාත්තා. තාත්තා නැති අවස්ථාවල දී අම්මා. ඒ දෙන්නගෙ එකම දරුවා මම නිසා මාව හරියට පරිස්සම් කරනවා. තාත්තාට සිංහල හොඳට කතා කරන්න පුළුවනි. ඒත් ලියන්න වැඩිය බැහැ. අපේ තාත්තා සිංහල චිත‍්‍රපට රසිකයෙක්. තාත්තගෙ ප‍්‍රියතම විනෝදාංශය චිත‍්‍රපට නැරඹීම. පුදුම විදියට ඒකට ආසයි. තාත්තගෙ අධික පේ‍්‍රක්‍ෂක ආසාව නිසාම තමයි මම රංගනයට ආවේ.

තාර්යා ඉගෙන ගත්තෙ?
මුලින්ම මොරටුවේ අප ස්වාමි¥ගේ කන්‍යාරාමයට ගියා. ඉන්පසුව උසස් පෙළ කළේ කොළඹ 7 රොස්මිඞ් ගර්ල්ස් පුද්ගලික පාසලෙන්. ඊටත් පසුව ඇමරිකන් කොලේජ් එකට ගියා.

රංගනයට ආවේ?
උසස් අධ්‍යාපනයෙන් පසුව දමයන්ති ෆොන්සේකා මහත්මියගෙ රංගන පාසලට ගිහින් රංගනය ගැන හැදෑරුවා. ඒ හරහා මුලින්ම වේදිකා නාට්‍යයක රඟපෑමේ අවස්ථාව සලසා ගත්තා. එතුමිය නිර්මාණය කළ ගාස්තුව කීයද? නාට්‍යයේ තන්යානා ලෙස චරිතයක් රඟපෑවා. රංගනයට ආවේ ඒ විදියටයි.

දැන් මොනවද කරන්නෙ?
ජාත්‍යන්තර විලාසිතා නාමයක ලාංඡුන නිරූපිකාව ලෙස රැුකියාව කරනවා. ඒ අතරවාරයේ දී තමයි රඟපාන්නෙ. නවක නිළියක ලෙස ‘‘රාවණ’’ නාට්‍ය හරහා මට මේ ලැබුණු අවස්ථාව හරිම විශාල දෙයක්. විශේෂයෙන්ම ‘‘ජානි’’ නමැති මේ චරිතය සමාජයීය ජීවිතය සහ පුද්ගලික ජීවිතය මෙන්ම අතිශය පුද්ගලික ජීවිතය යන අංශ හරහා දෝලනය වන චරිතයක්. විටෙක ඇය මෙහි පෙනී සිටින්නෙ දුෂ්ඨ චරිතයක් ලෙසයි. හැබැයි එහෙම වෙන්න ඇයට සාධාරණ හේතු බොහෝමයි. මට මේ චරිතය ලබාදුන් දෙරණ නාලිකා ප‍්‍රධානී ලක්සිරි වික‍්‍රමගේ සහ විධායක නිෂ්පාදක චරිත් කොතලාවල මෙන්ම මගේ අඩුපාඩු පෙන්වා දෙමින් මේ චරිතය රඟපෑමට බොහෝ දේ කියා දුන් අධ්‍යක්‍ෂ තුෂාර තෙන්නකෝන්ටත් මගේ ස්තුතිය මේ මොහොතේ පුදන්න කැමතියි.

20181223Kenedy-3මීට පෙර රඟපෑ චරිත මොනවද?
චාමර ජනරාජ් පීරිස් මහතාගේ ‘‘බටහිර අහස’’ නිර්මාණයෙහි රඟපෑවා. එහි රඟපෑවේ ‘‘ක‍්‍රිස්ටීන්’’ නමැති චරිතයයි. ඉන්පසුව ටිකිරි රත්නායක මහතා කළ, දෙරණ විකාශය වූ ‘‘දෝන කතරිනා’’ නාට්‍යයේ රඟපෑවා. සොෆියා කුමරිය ලෙස එහි රඟපෑවෙ. ඒ නාට්‍ය ඇතුළුව නාට්‍ය 10ක විතර මේ දක්වා රඟපාලා තියෙනවා. දමයන්ති ෆොන්සේකා මහත්මිය අධ්‍යක්‍ෂණය කළ ‘‘රන් කිරි අම්මා’’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් රඟපෑමට ලැබුණා.

තාර්යාගේ නමින්ම සමහර චරිත රඟපාන්න ලැබීමට සිදුවුණේ කොහොමද?
ඒක එක්තරා විදියක අහඹු සිදුවීමක්. ක්ෂේත‍්‍රයට ආවේ තන්යානා චරිතයෙන්. පසුව හඳයා නාට්‍යයේ නදී චරිතයට දායක වුණේ නිමන්ති පෝරගේ අක්කා නිසයි. සුදත් දේවප‍්‍රිය මහතාට සහ රජීව් ආනන්ද මහතා වෙත මාව හඳුන්වා දුන්නෙ නිමන්ති අක්කා. මෙතෙක් මා රඟපෑ චරිත අතරින් ‘‘නදී’’ කියන්නෙ විශේෂිත චරිතයක්. මගේ බටහිර පෙනුමට වඩා ගැමි පෙනුමක් තියෙන චරිතයක්.

තාර්යා සැබෑ ජීවිතයේ දී කොහොම චරිතයක් ද?
පොළවෙ පය ගහලා ජීවත් වන හරිම සරල චරිතයක්. බටහිර පෙනුම තිබුණාට, බටහිර තාලයට හැදිලා නැහැ. රංගන ශිල්පිනියක ලෙස මගේ එකම අරමුණ චරිතාංග රංගන ශිල්පිනියක වීමයි.

තාර්යාගේ ආදරය ගැන කිව්වොත්?
මේ වෙද්දී මගේ ආදරය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ රංගනය කෙරෙහි විතරයි. රඟපෑ චරිතවලින් ඒ අත්දැකීම චරිතයකට විතරක් සීමා වුණා. සැබෑ ජීවිතයේ දී තවම මම ආදරය ගැන හිතලා නැහැ. තවම මගේ වයස අවුරුදු 25යි.

ස්කොට්ලන්තයෙ සංචාරය කළ තැන් ගැන කිව්වොත්?
විශේෂිත තැන් තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ සහ ජපානයේත් මගේ ඥාතීන් සිටිනවා. ඒ රටවලටත් සංචාරය කරලා තියෙනවා. ඒ අතරින් ජපානයට මම හරිම ආදරෙයි. ජපන් සංස්කෘතියට වගේම ඒ පරිසරයට මම පුදුමාකාර විදියට ආදරෙයි.

‘තාර්යා’ ට නත්තල්නෙ. නත්තල සමරන්න මොනවද කරන්නෙ?
මම කතෝලික නිසා නත්තල අපට විශේෂයි. ගෙදර ලොකු නත්තල් ගහක් හදනවා. ඒකට මුල් වෙන්නෙ මම. හැබැයි සෑම නත්තලකම මට ඒ වැඬේ කරගන්න උදව් වෙන්නෙ නදී අක්කා සහ මෙවන් මල්ලි. මාමලගෙ දියණිය සහ පුතා.

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ
20181223Kenedy-220181223Kenedy-4

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot