Skip to main content

මගේ මුල්ම සී.ඞී.එක


2019-02-20-ent-241
ඒ ගිය අවුරුද්දෙ දවසක්
හර්ෂණ දිසානායක ඉරෙන් හඳෙන් ගී ප‍්‍රසංගය කරපු දවස.
කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාව අතුරු සිදුරු නැතුව සෙනඟ පිරිලා හිටියා. හර්ෂණ හරිම ලස්සනට ගීත කිහිපයක්ම ගායනා කළාට පස්සේ තමයි පැතුම් මල් කියන යුග ගීතය ගායනා කරන්න තිබුණෙ.

පැතුම් මල් නෙලා
පැසකට අතින් අත අරන්
ගොසින් ජීවිතේ සමනොල
වදිමු අත් බැඳන්
හිතින් පෙම් පිරුණු පෙම්බර
සිනා මල් අරන්
ඉතින් ආදරේ ගී පද
ගයමු හිත් බැඳන්
මුල් පද දෙක හර්ෂණ
ඊළඟ පද දෙක මම
බයෙන් බයෙන් වේදිකාවට
නැග්ගට මොකද අඩුවක් පාඩුවක්
නැතුව මම මගේ කොටස
ගායනා කළා. හර්ෂණත් කිව්වා
මං ලස්සනට ගීතය ගායනා
කරපු බව.

ඔය සිංදුව මං කිව්වෙ 2011 අවුරුද්දෙ විතර. එතකොට මම උසස් පෙළ විභාගෙට ලියලා දේවි බාලිකාවෙන් අස්වුනු අලූත. මගේ සීයටයි අම්මටයි තමයි ඕනෑ වුණේ මගේ සිංදු තියෙන සී.ඞී. තැටියක් කරන්න. සීයා විදුහල්පති කෙනෙක්. සිංදු ලියන්නත් පුළුවන්. සීයගෙම ඕනෑකමට මම පුංචි කාලෙ ඉඳලම සිංදු කිව්වා.
මට සීයා - අතුල අමරතුංග - එක ගීතයක් ලියලා දීලා තිබ්බා කුරුල්ලනේ ඉගිල වරෙල්ලා කියලා.
ඒ ගීතය මට ගායනා කරන්න ලැබුණෙ හර්ෂණ දිසානායකත් එක්ක. ඒ වෙද්දි හර්ෂණ ඉගෙන ගන්තෙ ආනන්දෙ. අත්තම්මා නිවන් ගිහින් සිංදුවයි, ඉරෙන් හඳෙන් සිංදුවයි නිසා ඒ කාලෙ හර්ෂණව නාඳුනන කෙනෙක් නැති තරම්. ඉතින් මගේ යුග ගීතය ගයන්න හර්ෂණ එකතු වීම මට සතුටක් වුණා.
කොහොම හරි ඔය ගීතයට පස්සෙ හර්ෂණයි මායි නිතර මුණගැහුණා. එක්කෝ ගුවන් විදුලියෙදි නැත්නම් රූපවාහිනියෙදි එහෙමත් නැත්නම් ස්කෝලෙක සංගීත වැඩසටහනකදී.
මගේ සී.ඞී. තැටියට දැන් ගීත ගණනාවක් හරි. හැබැයි ඒ ඔක්කොම ළමා ගීත. මේ වෙනකොට මම යුවතියක් නිසා පේ‍්‍රම ගීතයකුත් ගයන එක හොඳයි කියලා අම්මා කල්පනා කළා. පස්සෙ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො හමුවුණා. මට ගයන්න පේ‍්‍රම ගීතයක් හොයා ගන්න. ඒ වෙලාවෙ හාමුදුරුවො ළඟ තිබුණ බුද්ධිකා නිශාන්ති සෙනරත් යාපා ලියපු ගීතය අම්මාට දීලා.
මේක යුග ගීතයක්. ගැලපෙන පිරිමි ළමයෙක් හොයා ගන්න වෙයි
හාමුදුරුවො අම්මට කියලා.
හර්ෂණ දිසානායක පුතා හොඳයිනෙ.
අම්මා කිව්වහම හාමුදුරුවොත් ඒකට කැමති වෙලා.
ඔන්න ඉතින් මායි හර්ෂණයි පැතුම් මල් සිංදුව ගායනා කළා.
මැවෙයි හිත පිනයි
කතරේ මිරිඟු දිය කැණී
මුලා වනු එපා ජීවන
පහන මම වෙමී
පිපී අත වනයි මා වෙත
බොළඳ හසරැුලී
පියාඹනු එපා ආදර
කිරුළ මට හිමී
මේ පදවල තියෙන්නෙ අපූරු බවක්. ඒ කාලෙ ස්කෝලෙන් අවුට්වුණු ගමන්ම නිසා සිංදුවෙ අරුත මහ ලොකුවට හිතට දැනුනෙ නැතුවට මොකද මට පදවල අපූර්වත්වයක් පෙනුණ. හර්ෂණත් හැඟුම්බර වෙලා සිංදුව කිව්වෙ. මගේ දිහා හොරෙන් හොරෙන් බල බලා.
ඔය ලස්සන සිංදුව මගේ සී.ඞී. එකට ඇතුල් වුණා. සී.ඞී. එකේ තිබුණු සිංදු අතර මම වැඩියෙන්ම පි‍්‍රය කළෙත් මේ ගීතයට.... එකක් මගේ පළවෙනි පේ‍්‍රම ගීතය වීම. අනික ළමා ගී කිය කිය හිටපු මම යුවතියක් විදිහට ගයපු පළවෙනි ගීතය වීම. ඔන්න ඉතින් මගේ පළවෙනි සී.ඞී. එක වලාකුළු වනන්තරේ නිකුත් වෙනවා. මේ වෙනුවෙන් ජනගත කිරීමේ උළෙලක් පැවැත්වුණා. ඒ බොරැුල්ලෙ නාමෙල් මාලිනී පුංචි තියටර් එකේ. ඒ උත්සවයෙදීත් මායි හර්ෂණයි මේ සිංදුව ගායනා කළා. එදා මම ඇඳලා හිටියෙත් සාරියක්. හර්ෂණත් කමිසෙ අත් එහෙම දිගට දාලා එදා අපි දෙන්නා මේ සිංදුව කියද්දී ශ‍්‍රාවකයෝ අහගෙන හිටියේ ඇස් පියාගෙන දැහැන් ගතවෙලා. අපි දෙන්නත් සිංදුව කිව්වෙ දැහැන්ගත වෙලා. පස්සෙදි ඇවිත් හිටිය රසික පිරිස් මගේ සී.ඞී. එක අරගෙන ගියා. ඒ හුඟක් අය කිව්වෙ පැතුම් මල් සිංදුව හරි ලස්සනයි. දිගටම ඒ වගේ හෙමින් ගයන ගීත ගායනා කරන්න කියලයි. හර්ෂණත් කිව්වෙ මට ගැලපෙන්නෙ හෙමින් ගයන ගීත රිද්මය කියලා.

දුරයි පා රිදෙයි යන මග
රුදුරු කටු ඇනී
අඬන්නට එපා තනියම
සදා ළඟ ඉමී
අඳුරු ඝනවලා හිනැහේ
රිදී ඉරි ඇඳේ
වසන්තය වෙලා ඉමු අපි
ගෙවෙන තුරු දිවී


ලිව්වේ - ශාන්ත කුමාර විතාන

2019-02-20-ent-2422019-02-20-ent-243 2019-02-20-ent-240

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot