Skip to main content

අසත්‍ය පුවත්වලට රැවටෙන්න එපා, මම සුවෙන්

තමන් දැඩි ලෙස රෝගාතුරව සිටින බවට සමාජජාල ඔස්සේ පළවන පුවත් සත්‍යතාවකින් තොර බවත් තමන් කායික මෙන්ම මුල්‍යමය අතින් ද යහපත් තත්වයක පසුවන බවත් සංගීතවේදී ජයන්ත රත්නායක ප්‍රකාශ කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එම සටහන පහතින්,
“සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවතක් හේතුවෙන් ලොකු වැරදි වැටහීමක් හටගෙන ඇති බව පේනවා. මම කායික වගේම මුල්‍යමය වශයෙන් හොඳ තත්වයේ පසුවන බව සියලු දෙනාටම දැනුම් දෙන්න කැමතියි. මා ගැන සොයා බැලූ සියලු දෙනා මම ඉතා අගයකොට සලකනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මම දැනුම් දෙන්න කැමතියි වංචාවන් සහ තමන්ට වාසි ලබා ගැනීමේ අරමුණින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා පාර්ශවයන්ද මේ පුවත් පතුරවන්නන් අතර සමහර විට සිටිය හැකි බව. සත්‍යතාවකින් යුත් එකම කරුණ නම්, අප්‍රේල් 7 වැනිදා සවස 6.30 ට ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මගේ සගයින් කටයුතු සංවිධාන කරන්නේ මගේ අවසරය ඇතිවයි. එහි ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමැත්තක් දක්වන අය එදින ප්‍රසංගයට සහභාගී වේවි. මෙම ප්‍රසංගය සංවිධාන කළ සහ එහි ඉදිරිපත් කිරීම් සිදු කිරීමට නියමිත පිරිසට මම මාගේ ස්තුතිය පුද කරනවා. මම හොඳින් සිටින බැවින් සහ මට අවශ්‍ය කරන සියලු දේ මා සතුව ඇති නිසා කිසිදු මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට කරදර නොවන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.  
මම සෞඛ්‍ය අතින් වගේම මුල්‍යමය අතින් හොඳ තත්වයක පසුවන බව නැවත මතක් කරන්න කැමතියි සහ සියලු දෙනා මා ගැන සොයා බැලීම සම්බන්ධයෙන් මම ඉතා අගය කොට සලකනවා. නමුත් මට පරිත්‍යාගයක් බව සඳහන් කරමින් සිදු කරන වංචා ගැන අවධානයෙන් සිටින ලෙස මම ඉල්ලා සිටිනවා. මට විශාල පණිවිඩ ප්‍රමාණයක් පැමිණෙන නිසා එකින් එකට පිළිතුරු සැපයීමට නොහැකි වුණානම් ඒ ගැන මම සමාව ඉල්ලා සිටිනවා. මම දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදුන්නේ නම් ඒ ඉක්මනින් සුවය ලැබීමට විවේක ගන්නා බැවිනි.” 
උපුටා ගැනීමකි
20190327Jayantha-1

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot