Skip to main content

කිම්ගේ බෑග් එක බලන්න ආසයි

ටීනා Phone

(1) මේ වෙන​කොට ගැලරිය ෆොටෝ කීයකින් විතර පිරිලා තියෙනවද?
අම්මෝ ගණන් කරගන්න බැරි තරමට තියෙනවා. මම හිතන්නේ දහදාහක් පන්නලා ඇති.
(2) දවසකට වැඩිපුරම කෝල් කරන්නේ කවුද?
මගේ පෙම්වතා තමයි වැඩිපුරම ගන්නේ.
(3) අන්තිමට කෝල් එක අරන් තියෙන්නේ කවුද?
මගේ අක්කා
(4) වැඩිපුරම Open කරන ටැබ් තුන?
ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, වට්ස්ඇප්
(5) Google වල අන්තිමට සර්ච් කළේ මොනවාද?
මොඩ්ලින් ෂූට් එක්ක බැලුවා. ඒක තමයි අන්තිමට සර්ච් කළේ.
(6) ටීනා එලාම් එක පුරුද්දට තියන කෙනෙක්ද?
මම එහෙම එලාම් තියන්නෙ නැහැ.
(7) ​ෆෝන් එකේ තියෙන දේවල්වලින් නැතුවම බැරි දේ මොකක්ද?
කන්ටෑක් ලිස්ට් එක තමයි
(8) ෆෝන් එකෙන් අන්තිමට අහපු සින්දුව මොකක්ද?
මම වැඩිපුරම අහන්නේ හින්දි සින්දු. අලුතෙන් එන ඕනෑම එකක් ඒ වෙලාවට අහනවා.
(9) කැමැතිම ඉමේජ් එක මොකක්ද?
ස්මයිල් එක
(10) අමතක නොවන phone call මතකද?
ළඟදී ගැහැනු ළමයෙක් call කරලා අමුතු විදියට කතා කරලා අයුතු යෝජනාවක් කළා. එයා දිගින් දිගටම. ඒක තමයි අමතක නොවන call එක ළඟදී මට ආපු.

———————————————————————————————-
ටීනා Hand bag
කිමිගේ බෑග් එක බලන්න ආසයි

(1) ටීනා නිතරම හෑන්ඩ් බෑග් පාවිච්චි කරන කෙනෙක්ද?
ඔව් නිතරම වගේ පාවිච්චි කරනවා. හැබැයි මට හෑන්ඩ් බෑග් නැතුවත් ඉන්න පුළුවන්. එහෙම බෑග් නැතුවත් මම පිටතට යනවා.
(2) එහෙම අරගෙන යන බෑග් එකේ ටීනා අනිවාර්යයෙන්ම අරගෙන යන්නේ මොනවාද?
මේකප් බොක්ස් එක අනිවාර්යයෙන් තියෙනවා. ටොෆි, චොකලට් තියෙනවා. මට හදිසියකදී කන්න, ඊට අමතරව සල්ලි තියෙනවා. ලේන්සු, පර්ෆියුම් වර්ග, සමහර වෙලාවට මම සපත්තුත් දාගෙන යනවා. ජේසු පොතක් තියෙනවා. හෑන්ඩ් ෆ්‍රී දෙක අනිවාර්යයෙන් වතුර බෝතලයක් තියෙනවා. ගෙදර යතුර.
(3) මේ අතරින් නැතුව බැරි දෙයක් තියෙනවද?
ගෙදර යතුර තමයි නැතුවම බැරි.
(4) බෑග් එකේ ආගමික දේවල් එහෙම අරගෙන යන්නේ නැද්ද?
අරන් යනවා. අරන් යනවා. ජේසු පොතයි කොන්තෙයි තියෙනවා මගේ බෑග් එකේ.
(5) බෑග් එකේ කවුරුහරි දාගෙන යන්න ලැබුණොත් කවුද දාගෙන යන්නේ?
මගේ පෙම්වතා දාගෙන යනවා.
(6) හෑන්ඩ් බෑග් එක කාත් එක්ක හරි හුවමාරු කර ගන්න ලැබුණොත් කාත් එක්කද මාරු කරගන්නේ?
මගේ අක්ක එක්ක මාරු කරගන්නවා.
(7) ජනප්‍රිය කෙනෙක්ගේ බෑග් එක බලන්න ලැබුණොත් කාගේ එකද බලන්නේ?
කිමිගේ බෑග් එක බලන්න කැමැතියි මම.
(8) ටීනා බෑග් එකක් තෝර ගනිද්දී පාට ගැන සැලකිලිමත් වෙනවද?
ඔව්. තද පාටවල්වලට වඩා නිතරම පාවිච්චි කරන්න පුළුවන් පාටවලින් තමයි මම හෑන්ඩ් බෑග් තෝර ගන්නේ. එතකොට මාරු කරගෙන පාවිච්චි කරන්න ලේසියි.
(9) හෑන්ඩ් බෑග් එකක් මිලදී ගනිද්දී මොනවද සලකා බලන දේවල්.
මම ගොඩක් බ්‍රෑන්ඩඩ් පස්සේ යන කෙනෙක් නම් නෙවෙයි. මම ආස විදියේ බෑග් ඕනෑම තැනකින් ගන්නවා. ටිකක් ලොකු බෑග් තමයි මම තෝරගන්නේ. මොකද ඕනෑම වෙලාවක මට ඕන දෙයක් ඒකට ඔබා ගන්න පුළුවන් වෙන්න ඕන.
(10) හදිසියකදී කාගේ ළඟද බෑග් එක තියලා යන්නේ?
බුදු අම්මෝ කාගෙ ළඟවත් තියලා යන්නේ නැහැ.
  

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot