Skip to main content

ඩුබායි පොලිසිය අපිව කුඩා කණ්ඩායම්වලට වෙන්කර සිරකළා

මගෙයි ලලිත්ගෙයි ලේවල මත්ද්‍රව්‍ය නොතිබුණු බව හෙළිවුණා

- ඩුබායි පොලිසිය අපිට කන්න බොන්න දීලා සැලකුවා

- ඩුබායි රටෙන් පිටුවහල් කළ නදීමාල් කටුනායකදී සී.අයි.ඩියෙන් ප්‍රශ්න කර මුදා හරී

- ඔහු සමග පැමිණි බන්ධනාගාර නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයට

නදීමාල් පෙරේරා ඊයේ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගිය අයුරු.
 
 ඡායාරූපය-කටුනායක ටී.කේ.ජී. කපිල
‘‘හතරපස් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම්වලට වෙන් කරලා අපි බර්ඩුබායි පොලිසියේ සිර මැදිරිවල වෙන වෙනම රඳවා සිටියා. තාත්තා රඳවලා හිිටියෙ මම හිටපු සිරමැදිරියෙ නෙවෙයි. ඩුබායි පොලිසිය අපට කන්න බොන්න දීල සැලකුවා’’ යැයි කටුනායකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් වූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඊයේ (27 වැනිදා* කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

ඩුබායි පොලිසිය අපේ රුධිරය, මුත්‍රා සාම්පල් චෙක් කළා. අවසන් වාර්තාවලින් මමත්, ලලිත් කුමාරත් මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබූ බව හෙළි වුණා. ඒ නිසා ඩුබායි පොලිසිය අපි එරටින් පිටුවහල් කිරීමට කටයුතු කළා යැයි නදීමාල් පෙරේරා පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා පැය 9 ක් තිස්සේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් පසුව ඊයේ සවස මුදාහරින ලදි.

නදීමාල් පෙරේරා සමග ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නිලධාරි කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අය වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ල වූ චෝදනා මත මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඩුබායි පොලිසිය භාරයේ පසු වූ ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරි ලලිත් කුමාර එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (27 වැනිදා* අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සිය භාරයට ගෙන තිබිණි.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සංවිධානය කර තිබූ සාදයකට සහභාගි වෙමින් සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 34 දෙනකු ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් පෙබරවාරි මස 05 වැනිදාය.

අත්අඩංගුවට පත් වූවන් අතර මෙරට පාතාලයේ ගෝර්ඞ්ෆාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ්, පාතාල නායක කන්චිපාන ඉම්රාන්, ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝවන්, බන්ධනාගාර නිලධාරි ලලිත් කුමාර සහ තවත් පාතාල සාමාජිකයෝ පිරිසක් වූහ.

මෙම සැකකරුවන් සියලූදෙනාගේම රුධිර සහ මුත්‍රා සාම්පල් ලබාගෙන ඒවා පරීක්‍ෂා කිරීමට ඩුබායි පොලිසිය කටයුතු කළ අතර එහි වාර්තා ලැබෙන තුරු සැකකරුවන් ඩුබායි පොලිසියේ රඳවා සිටියහ.

නදීමාල් පෙරේරාගේ සහ ලලිත් කුමාරගේ රුධිර සාම්පල් වාර්තා පසුගිය දිනවල ලැබී තිබූ අතර ඔවුන් දෙදෙනා සාදය පැවැත්වෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතා කර නොසිටි බව තහවුරු වී තිබිණි.

ඒ අනුව මොවුන් දෙදෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමට එරට පොලිසිය කටයුතු කළේය. ඊයේ අලූයම 6.15 ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පුද්ගලයන් දෙදෙනා පැමිණි අතර එහිදී ආගමන විගමන නිලධාරීන් ඔවුන් දෙදෙනා සිය භාරයට ගන්නා ලදී.

පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

නදීමාල් පෙරේරාගෙන් සහ ලලිත් කුමාරගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර ඔවුන් සම්බන්ධයෙන් පෙර වැරදි තිබේද යන්න මේ වන විටත් විමර්ශනයක් ද ආරම්භ කරන ලදී. නදීමාල් පෙරේරාට මෙරට පොලිසිවල පෙර වැරදි කිසිවක් නොමැති බව වාර්තාවක් ලැබී ඇති අතර, ඔහු ඊයේ සවස මුදාහැරීමට කටයුතු කර තිබිණි.

එහෙත් ලලිත් කුමාර නමැති බන්ධනාගාර නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් වාර්තා ඊයේ රාත්‍රිය වන තුරුම ලැබී නොතිබුණු නිසා ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළේය.

මෙම බන්ධනාගාර නිලධාරියා කඹුරුපිටිය ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මොහු කුඩා කල සිටම මාකඳුරේ මධුෂ් දන්නා හඳුනන බවයි.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට මධුෂ්ගේ පාතාල කල්ලිය ප්‍රහාර එල්ල කර පුද්ගලයන් හත්දෙනකු ඝාතනය කරද්දී එම බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරියකු ලෙස මොහු සේවය කරමින් සිටි බව පොලිසිය පවසයි. මෙම ප්‍රහාරයේදී ලලිත් කුමාරගේ කිසියම් සහායක් මධුෂ්ගේ කල්ලියට ලැබුණේ දැයි යන්න සැකයක් මේ වන විට මතුව ඇති බව පොලිසිය කියා සිටියි.

මෙම බන්ධනාගාර නිලධාරියා මීට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් තුවාල ලැබූ අතර, ඔහු මේ වන විට අසනීප නිවාඩු ලබා සිටින අයෙකි.

මොහු මධුෂ්ගේ ඩුබායි සාදය වෙත ගොස් සිටියේද කිහිලිකරු ආධාරයෙන් බව පොලිසිය පවසයි. මෙම බන්ධනාගාර නිලධාරියා මේ වන විට පදිංචිව සිටින්නේ පානදුර ප්‍රදේශයේ ය.
හේමන්ත රන්දුණු සහ කටුනායක ටී.කේ.ජී. කපිල

දිවයින

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot