Skip to main content

ෂෝක් වස්ති

2019-04-11-ent-242

ලංකාවේ ජනප්‍රියත්වයෙන් අංකඑකේ Youtube Channelඑක මොකක්ද කියලා ඇහුව්වොත්... තාරුණ්‍යයේ ගොඩාක්දෙනාගේ උත්තරය “වස්ති. ඒ නිසාම අපිට ඔවුන්ව අලුතින් හඳුන්වා දෙන්නනම් ඕනේ නෑ... වස්තිලාගේ Channelඑකේ Subscribeම ලක්ෂ පහකට අධිකයි.
වස්ති අලුත් වීඩියෝ එක ගැන තමා අද Youtube Hitවලින් කතා කරන්නේ.  Arabic vs Sri Lanka “විල්පත්තුව මේ වෙනකොටත් ගොඩාක් දෙනෙක් බලලා ඉවරයි. ගොඩාක් දෙනෙක් කියන්නේ මිලියන එකයි දශම පහක් Views. මේ Videoඑකට like හැටහතර දහසක් විතරත් තියනවා. සාපේක්ෂව ලංකාව වගේ රටක මේක සුපිරි තත්ත්වයක්.
මේ වීඩියෝ ගැන කතා කරනකොට වස්තිලගේ කවදත් තියන ප්‍රහසනය මේකේ අන්තර්ගතයි. ඒවගේ සමාජේ සමහර තැන්වලට පහරක් දෙකක් ගහනවා සැරට. ඒ වගේම ඇඟටපතට නොදැනෙන්න. අරාබි ජතිකයෝ හා ශ්‍රී ලංකිකයෝ අතර සැසඳීමක් මෙහිදී සිද්ධවෙනවා. සිදුවීම් කිහිපයක් හරහාම තමා කතාවක් ගොඩනැගෙන්නේ... ඍජු වගේම වක්‍රව සමාජ ශෝධනයක් මේ හරහා සිදුවෙනවා කිව්වොත්  හරි.වස්ති විඩියෝ Youtube Hit බවට පරිවර්තනය වීම අලුත් දෙය නෙවෙයි. නමුත් පහුගිය කාලේම වෙළඳ දැන්වීම් ස්වරූපයේ වීඩියෝ තමයි වස්තිලා නිර්මාණය කළේ. මේ වීඩියෝ එක කාලෙකින් ආව හොඳ වස්ති Productionඑකක් කියලා අපිට කියන්න පුළුවන්. වෙනදා වගේම පිටපත අධ්‍යක්ෂණය අනුෂ්කගේ. පුරුදු සෙට්එක අතර අලුත් මුහුණුත් තියනවා.
සරල කැමරා කෝණ තමයි භාවිතා කරලා තියෙන්නේ. සංස්කරණ දී එහෙමයි. මේවාට කවදාවත් විශේෂිත සැකිල්ලක් වස්තිලාගේ නෑ. Youtube එකට ගැලපෙන විදිහට සරලව ඒ හැම දෙයක්ම වෙන්නේ. මේ විඩියෝවේ දිග මිනිත්තු 13කට වඩා වැඩියි. ඒකනම් මේ වගේ වීඩියෝ එකකට සාපේක්ෂව වැඩී. නමුත් වස්තිලාගේ ජනප්‍රියත්වය එක්ක, වීඩියෝ ඒකේ නම එක්ක මේක... සම්පුර්ණයෙන් බලන්න ඕනම කෙනෙක් පෙළඹෙනවා. ඒ නිසාම මෙහිදී තියන තාක්ෂණික අඩුපාඩු  ගැන කවුරැත් විශේෂ සැලකිල්ලක්  දක්වන්නේ නෑ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. 
ප්‍රබල සමාජ කාරණා ඉතා සියුම් විදිහට තමන්ගේ පිටපතට ඇතුළත් කිරීමට අනුෂ්ක සමත්වෙලා තියෙනවා. ඒවගේම විල්පත්තු ඈඳාගැනීම මෙහි ඉතා ජනප්‍රියත්වයට දෙගුණ තෙගුණ වෙන්න හේතුවක්. සමාජ ප්‍රශ්න දිහාබලලා ඉතා සියුම්ව තමන්ගේ නිර්මාණයට ඒවා එක්කරගැනීම නිර්මාණකරුවෙක්ගේ දක්ෂතාවක්.  ඒත් Youtube වල මේදේ වෙනවා අඩුයි. Views හොයන්න ඕන දෙයක් කිරීම තමයි තියෙන්නේ. නමුත් වස්ති වෙනස්. ඔවුන්ගේ හැකියාවේ  වර්ධනයක් තියන බව පැහැදිලියි.
අනාගතයේ තවත් විශේෂ නිර්මාණය ඔවුන් ඇසුරේ බිහිවෙන්න ඉඩ තියනවා. 

2019-04-11-ent-2392019-04-11-ent-2402019-04-11-ent-241

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot