Skip to main content

නර්තන පංතියෙ නටන නිසා ඇඟේ හැඩය තියාගන්න පුළුවන්

2019-05-27-ent-69
රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නර්තන ගුරුවරියක් ලෙසින් මේනකා පීරිස් ප‍්‍රසිද්ධය. දින දින ලස්සන වෙන මේනකාගෙන් ලස්සන වීමේ රහස දැන ගන්න අපි ඇය සොයා ගියෙමු.
‘‘මාස හයක කාලයක් රඟපෑමේ කටයුතුවලින් අයින් වෙලා මම පවත්වා ගෙන යන නර්තන පන්තියේ ප‍්‍රසංගය වෙනුවෙන් කැප වුණා. ප‍්‍රසංගය එළිදැක්වීමේ උත්සවය පවත්වන්න හිටියේ ගෙවුණු අපේ‍්‍රල් 21දා රටේ ඇති වුණ අවාසනාවන්ත තත්ත්වය නිසා ප‍්‍රසංගය පැවැත්වීම කල්දැම්මා. ඇය කතාවට මුල පිරුවේ එසේය.

මේනකාගේ අලූත්ම කටයුතු කොහොමද?2019-05-27-ent-70
ම්... මම මගේ අලූත් නර්තන ක්ලාස් එක අනුරාධපුරේ ආරම්භ කරනවා මේ මාසයේදී. ඒක තමයි අලූත් දෙයකට තියෙන්නේ. මීට අවුරුදු දෙකකට කලින් කඩවතයි ගල්කිස්සෙයි ආරම්භ කළ නර්තන පන්තිවලත් මේ වනවිට හොඳ ප‍්‍රතිචාරයක් තියෙනවා.

නර්තන කටයුතුවල නිරත වෙන නිසාද ඔච්චර ලස්සනට ඇඟ තියාගෙන ඉන්නේ?
වෙන්න ඇති. ව්‍යායාම කටයුතු නම් මගේ අතින් දැන් වෙන්නෑ. සෙනසුරාදාටයි ඉරිදාටයි නර්තන පන්තිවල ගොඩක් නටන නිසා ඇෙඟ් හැඩය ලස්සනට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා.

ඔබ විශ්වාස කරනවාද කාන්තාවක් ලස්සනට ඉඳීම වැදගත් කියලා?
ඔව්. කාන්තාවක් මුහුණෙන් ලස්සන වෙනවා වගේම හදවතින්ම ලස්සන විය යුතුයි. බාහිරෙන් ලස්සනට ඉන්න කොට ඕනෑම කාන්තාවකට ලොකු පිළිගැනීමක් තිබෙනවා. පිරිමින් හා උරට උර ගැටී ජීවන ගමන යනවිට, මහ ශක්තියක් තියෙන කාන්තාව රූපෙනුත් ලස්සන වුණාම, හොඳයි කියා මට හිතෙනවා.

යම් වෘත්තියකින් ඉදිරියට යාමේදී රූපයේ ලස්සන වැදගත් වෙනවාද?
නැහැ. යම් වෘත්තියකට ලස්සන රූපයක් තිබෙන කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් වෙයි. නමුත් වෘත්තියක රැුඳෙන්න අනිවාර්යෙන්ම දක්ෂතාවය විෂය දැනුම අවශ්‍යයයි. විෂය දැනුම වගේම සමාජ දැනුමත් තිබිය යුතුම වෙනවා.

විවාහයක් සාර්ථක වෙන්න කාන්තාවකගේ සුන්දරත්වය බලපානවාද?
සුන්දර බිරිඳක් ලැබීම සැමියා ලැබූ වාසනාවක්. නමුත් රූපයෙන් ලස්සන වූ පමණින් පවුලේ ලස්සන ඇතිවෙයි කියා සිතන්න අමාරුයි. විශ්වාසය, ආදරය, සෙනෙහස, කැපවීම, එකිනෙකා හඳුනා ගැනීම එකිනෙකාගෙ ගතිපැවතුම් තෝරා බේරාගෙන ජීවත් වීමට ලැබීමෙනුයි පවුල් ජීවිතයක් සාර්ථක වීමේ රහස. විවාහ වූ දා වාගේම වයසට ගිහින් තනි වූදාත් ආදරෙන් ඉන්න පුළුවන්නම් එයයි සැබෑම ආදරයක් ලෙසට මා දකින්නේ.

රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් නර්තන ගුරුවරියක් නිසාම බාහිර රූපය ලස්සනට තියා ගැනීම වැදගත්. ඒ වෙනුවෙන් මොකද කරන්නේ.
මම නිරෝගීකම ගැනත් ලස්සනට ඉන්න එක ගැනත් වගේම, ශරීරය ක‍්‍රමානුකූලව පවත්වා ගැනීම ගැනත් උනන්දුයි. ඒ නිසාම කෑමබීම ගැනීමේදී ටිකක් විතර සැලකිලිමත්. ඒත් හිතුන වේලාවට ආස හිතෙන කෑම බීම කනවා බොනවා.

සමේ පැහැය ලස්සනට තියා ගන්න ස්වභාවිකව සිදුකරන පිළියම් මොනවාද?
සතියකට වරක් සුදුහඳුන්, වෙනිවැල්ගැට, කොකුම්පොතු, කස්තුරි කහ අවශ්‍ය ප‍්‍රමාණයට අරං එයට යෝගට් එකක් මිශ‍්‍ර කරලා මුහුණේ ගෙල ඇතුළු මුළු ශරීරයේම ගල්වා විනාඩි 20ක් විතර ඉඳලා හෝදනවා. මෙය ශරීරයේ මැරුණු සම ඉවත් කෙරෙන හොඳ ස්වභාවික ස්ක‍්‍රබ් එකක්. එම ස්ක‍්‍රබ් කිරීමෙන් පසුව කඩල පිටිවලට කස්තුරි කහ ස්වල්පයක් මිශ‍්‍ර කරලා සකසා ගන්නා පල්පය ආලේප කරනවා. මෙය ඉතාම හොඳ සත්කාරයක්.

හිසකෙස්වල පෝෂණය වෙනුවෙන් මොනවාගේ ප‍්‍රතිකාරද නිවසේ කෙරෙන්නේ?
මගේ අම්මා අතින් නිවසේම සකස් කළ පොල්තෙල්වලට විටමින් ඊ කරල් හතරක් දාලා හිසේ ගල්වලා පැය 3 ඉඳලා ෂැම්පු කරලා නානවා. ඊට අමතරව ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කළ තෙල් වර්ගයකුත් මම පාවිච්චි කරනවා.

සමේ පැහැය ආරක්‍ෂා කරගැනීමට භාවිත කරන එළවළු, පලතුරු ගැනත් දැන ගන්න අපි කැමතියි.
ලස්සන වෙන්න කියලා හිතලාම එළවළු පළතුරු කන්නෑ. නමුත් දොඩම්, මිදි, අඹ, ගස්ලබූ, කෙසෙල් වගේ පලතුරු කන්න ආසයි. කොළ පැහැති එළවළු සහ පලා වර්ගත් වැඩිපුර ආහාරයට ගන්නවා. මම මස් වර්ග ආහාරයට ගන්නෑ. නමුත් කුඩා මාළු වර්ග එහෙම ආහාරයට එක් කර ගන්නවා. සීෆුඞ්වලට මම ගොඩක් කැමතියි. ඇඟ මහත් වෙන නිසා ?ට කන එකනම් ගොඩක් සීමා කරලා තියෙන්නේ.

සම සුදු කරගන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඔබ මෙය අනුමත කරනවාද?
සුදු වීම ලස්සනයි කියලා හිතන එකයි මෙතන ගැටලූව. ආසියානුවන් ලෙසට අප රටේ අයට ලස්සන හමක් ලැබිලා තියෙනවා. ඒ හම නිරෝගිව, පැහැපත්ව තියාගන්නයි අපි උත්සාහ ගත යුත්තේ. ක්‍ෂණිකව සිදුකර ගන්නා එවැනි ප‍්‍රතිකාර ජීවිතවලට පවා පසුකාලීනව හානි සිදුකරන බැවින් එය මට අනුමත කරන් නෑ.

ඔබ මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
මම මේ ලෝකයේ දැකපු ලස්සනම වගේම ධෛර්යවන්තම කාන්තාව තමයි මගේ අම්මා.
අපේ ජීවිතේ බොහෝ කඩා වැටීම් ඇති වුණා තාත්තාගේ අසනීපයත් එක්ක. අපිට කියලා තිබුණ ගෙවල්, දොරවල්, වාහන සියල්ල ඒ මොහොතේදී නැති වුණා. ඒ හැම වෙලාවේම අම්මා නිතර කිව්වේ ‘අපිට කවදා හරි හරියයි කියලා’ කියන වචනය විතරයි. ඒත් මම සමහර වෙලාවට අම්මා එක්ක තර්ක කළා ‘මෙච්චර වැරදිලාත් ඔයා තව මොනවාද හරි යයි කියන්නේ’ කියලා නමුත් අම්මා ප‍්‍රශ්නවලදී කඩා වැටුණේ නැහැ. ධෛර්යෙන් මුහුණ දුන්නා. මා විශ්වාස කරනවා අම්මා සතු නොසැලෙන ගුණය, නොසැලෙන ශක්තිය ධෛර්යය අද මටත් තියෙනවා කියලා.

අසුන්තා එදිරිසූරිය / ඡායාරූපය - සඳුන් ගමගේ

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot