Skip to main content

එවරස්ට් නැග හෝරාවකින් අවසන් ගමන් ගිය පියෙකුගේ සංවේදී කතාව

ලොව බයානකම කඳු තරණය වන එවරස්ට් තරණයේදී අත්වූ අවාසනාවන්ත ඉරණමක තවත් එක් කඳුළු කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයර්ලන්ත ජාතික සීමස් නමැති 39 හැවිරිදි පුද්ගලයෙක්.
 
කඳු නගින්නෙකු වූ සීමස් සිය බිරිඳට කෙටි පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් එය සිදුකළ බවයි.
 
ඒ වනවිටත් කුළුඳුල් දරු උපතට සූදානමින් සිටි ඔහුගේ බිරිඳ සිය සැමියාගෙන් ලැබෙන අවසන් පණිවුඩය එය බවට කිසිවිටෙක නොසිතන්න ඇති.
 

එහෙත් අවාසනාව එම පණිවුඩය යවා හෝරාවකින් පසුව සීමස් සොයා එන්නේ කිසිවෙකු නොසිතූ ලෙසයි.
 
ලෝක ප්‍රසිද්ධ එවරස්ට් කඳු මුදුනේ පිහිටා ඇති බැල්කනි ප්‍රදේශයේ සිට අඩි 27 000ක් පමණ පහළට ඇදවැටීමෙන් සීමස් සිය ජීවිතයෙන් සමුගෙන යනවා.
 
මේ අතර විදෙස් මාධ්‍යය වාර්තාවලට අනුව පසුගිය දින 9කදී හිමාල තරණයට ගිය පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව හිමාල කඳු මුදුනට ගමන් ගන්න මාර්ගය අසල තිබු පුද්ගලයෙකුගේ මල සිරුරක් කැනේඩියානු ජාතිකයෙකු විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.
 
එම ඡායාරූපය වෙත ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.
 
පවතින දැඩි සීතල නිසා එම පුද්ගලයාගේ මල සිරුරට කිසිදු වෙනසක් වී නොමැති බවයි වාර්තා වන්නේ.
 
එවරස්ට් මුදුනේ සිටයි ඔහු මෙම ඡායාරූපය ගෙන ඇත්තේ. කෙසේ වෙතත් ඔහු මම ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ කඳු තරණ‍යෙන් පසු නැවත සිය නිවෙස වන කැනඩාවේ Ottawa නුවරට පැමිණීමෙන් පසුවයි.
 
ඔහු මෙම ඡායාරූපය සමාජ ජාල මාධ්‍යට මුදා හැර ප්‍රකාශ කර ඇත්තේ එවරස්ට් කන්ද තරණය කිරීම ඉතා අවධානම් ක්‍රියාවක් බවයි.
 
දැඩි මහන්සිය, රැගෙන ගිය ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම, කන්ද මුදුනට ලඟාවීම සදහා දිගු වෙලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීම මෙලස පුද්ගලයින් විශාල පිරිසක් මිය යාමට හේතු වී තිබෙනවා.
 
මෙලෙස මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා නේපාල හමුදාව සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති අතර ඔවුන්ට එහිදී කඳු නගින්නන් 4 කුගේ මළ සිරුරු සොයාගන්නට හැකියාව ලැබී තිබෙනවා.
 

මෙලෙස මිය ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියානු, ඔස්ට්‍රියානු , ඇමරිකානු, එංගලන්ත, අයර්ලන්ත සහ ඉන්දියානු ජාතිකයන් 11 බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot