වතිකානුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හට ජර්මනියේ යතුරුපැදි කණ්ඩායමක් වන "ජීසස් බයිකර්ස්" විසින් හාලි ඩේවිඩ්සන් යතුරු පැදියක් ලබා දී තිබෙනවා.එම සමාගම විසින් මෙම යතුරුපැදිය පාප්වහන්සේ වෙනුවෙන්ම නිපදවා තිබෙන අතර එතුමන් මෙම යතුරුපැදිය වෙන්දේසි කර ලබන මුදල උගන්ඩාවේ අනාථ නිවාසයකට දීමට සැරසෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

