Skip to main content

මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව සුළු පියා කියා සිටියා- Ellenගෙන් හෙළිදරව්වක්

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් ලොව ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටින Ellen DeGeneres යොවුන් වියේ දී සුළු පියා අතින් අපයෝජනයට ලක්වූ ආකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කර තිබේ.

මෙම සිදුවීම ගැන 2005 දී පළමුවරට ඇය ප්‍රකාශ කළ නමුත් ඒ ගැන දැන් විස්තරාත්මකව පවසා සිටින්නට සිතුවේ “කිසිම පුද්ගලයකුට, කිසිමදාක එවැනි දෙයක් කිරීමට ඉඩ නොදෙන තත්වයට ගැහැණු ළමුන් කටයුතු කරනු දැකීමට වුවමනා නිසා” යැයි David Lettermanගේ මයි නෙක්ස්ට් ගෙස්ට් නීඩ්ස් නෝ ඉන්ට්‍රඩක්ෂන් නම් වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කර ඇත.

මවට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව දැනගැනීමෙන් පසු කාලයේ දී එනම්, Ellenගේ වයස අවුරුදු 15 හෝ 16 දී සුළු පියා විසින් ලිංගික අඩන්තේට්ටම් කළ බව ඇය ප්‍රකාශ කළා ය.   

“ඔහු මට පැවසුවා.... ඇගේ(මවගේ) පියයුරේ ගැටිත්තක් ඇති බව දැනෙන නිසා මගේ පියයුරත් පිරික්සා බැලිය යුතු බව.”

සුළු පියා පළමු වරට තමන්ට අඩන්තේට්ටම් සිදු කළේ මව නගරයෙන් පිටතට ගිය අවස්ථාවක බව Ellen පැහැදිලි කළා ය.

“මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව කෙසේ හෝ ඒත්තු ගන්වන්න ඔහුට වුවමනා වුණා. සහ ඔහු වෙන වෙලාවක නැවත එය සිදු කිරීමට උත්සහ කළා. තවත් වෙලාවක මගේ කාමරේ දොර කඩන්න ඔහු උත්සහ කළා. ඒ වෙලාවේ මම ජනේලෙන් එළියට පැනගෙන දිව්වා මොකද මම දැනගෙන හිටියා ඊට වැඩි දෙයක් සිදුවෙන්න යන බව.”

“මම” ආරක්ෂා විය යුතුයි.  

සිය මවගේ හිත අවුල් කිරීමට අකමැති වූ නිසා මුලින් එය මවට නොකී බව Ellen පැවසුවා ය.

“මට ඇය ආරක්ෂා නොකර ඉන්න තිබුණේ,” Ellen කීවා ය. “කළ යුතුව තිබුණේ මම ආරක්ෂා වීම. වසර කිහිපයක් යනතෙක් මම මවට මේ ගැන කිව්වේ නැහැ ඊට පස්සේ මම ඇයට මේ ගැන කිව්වා. ඇය මා විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ ඉදිරි වසර 18ක කාලයක් ඇය(මව) සිටියේ ඔහුත් එක්ක.”   

තමන්ගේ කතාව යොවුන් දැරියන්ට යම් ලෙසකින් ප්‍රයෝජනයක් වනු ඇති බවට 61 හැවිරිදි Ellen විශ්වාස කරයි.

“ඒ ගැන කතා කිරීමෙන් ඇති එකම ප්‍රයෝජනය එය පමණයි.”

Image result for Ellen DeGeneres
Image result for Ellen DeGeneres
Image result for Ellen DeGeneres
Image result for Ellen DeGeneres

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot