Skip to main content

Hulk වගේ ඇඟ හදාගන්න අධි කායවර්ධන එන්නත්වලට ඇබ්බැහි වූ කායවර්ධන ශිල්පියා

Valdir Segato නම් 50 හැවිරිදි බ්‍රසීල ජාතික කායවර්ධන ශිල්පියෙක් තම සිරුරෙ මාංශ පේශි වර්ධනය වෙනුවෙන් අධික ලෙස මේදය අඩංගු එන්නත් ශරීර ගත කර ගැනිමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වෘත්තියෙන් කම්කරුවෙක් වන මොහු කුඩා කල සිටම තම ශරීරය වර්ධනය කර ගැනීමේ ආශාවෙන් පෙළී ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු කායවර්ධන මධ්‍යස්ථානයකට සම්බන්ධ වී සිය කායවර්ධන ව්‍යායාමයන්වල නිරත වුවත් ඔහුට ඉක්මනින් Hulk වැනි විශාල මාංශ පේශි සහිත ශරිරයක් අවශ්‍ය වූ නිසා කායවර්ධන ශිල්පීන්ට ලබා දෙන විවිධ එන්නත් ශරීර ගත කර ගැනීමට 2016 වසරේ සිට ඇබ්බැහි වී ඇති බවයි සදහන් වන්නේ.

අද වන විට ඔහුට මේ ඇබ්බැහි වීම නතර කරන ලෙස පැවසුවද ඔහු එය නතර නොකරන බවත් ඔහුට ඔහුගේ අවශ්‍යතාවය ඉෂ්ඨ වනතෙක්ම එන්නත් ශරීර ගත කරගන්නා බවත් ඔහු පවසනවා.
මේ කෘතිම එන්නත් වර්ග වන සින්ටෝන් ආදීය ශරීර ගත කර ගැනීම නිසා මේ වන විටත් ඔහු ස්නායු ආබාධ,ආමාශ ආබාධ, මස්තිෂ්ක ආඝාතය, ආසාදිත සංකූලතා වැනි වූ ජීවිත අවධානමට ලක් විය හැකි රෝගාබාධ බොහෝ ප්‍රමාණයකට ගොදුරු වී ඇති බවත් සදහන්. 






Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot