2000 දශකයේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වූ ඊශා ඩියොල් නැවත වරක් මව් පදවිය ලැබීය. ඒ ජුනි 10 වැනිදා මුමබායි හි පෞද්ගලික රෝහලක් තුළය. ඊශාට මෙවර දියණියක් ලැබුණ අතර, ඇයට මේ වනවිට මිරායා ලෙස නම් තබා තිබේ. මිට පෙර ඊශාට පුතෙක්ද සිටින අතර, ඔහු මේ වනවිට තුන්වැනි වියෙහි පසුවන්නීය.සිය දියණිය සමගින් රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය මුණ ගැසුණ ඊශා ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් සියල්ලම ස්තුතිය පළ කර තිබුණි. එමෙන්ම ඊශාගේ මාපියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමා මාලිනි හා හින්දි සිනමා නළු ධර්මේන්ද්‍රද සිය සුබපැතුම් ‘ටිවටර්’ ගිණුම් හරහා පළ කර තිබුණ බව සඳහන් වේ.
ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා. පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..
