Skip to main content

මට ලැබුණු අවස්ථාවන් එක්ක ලැබුණු මේ දේවල් ගොඩක් වටිනවා

2019-05-27-ent-1262
මේ වනවිට පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වී සිටින්නේ ඇයයි. ඒ සංගීතේ ටෙලි නාට්‍යය තුළිනි. සංගීතේ අසේනිගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. මේ වනවිට වයස් බේදයකින් තොරව ආදරය හිමිකර ගත් ඇය ගීත්මා බණ්ඩාර වෙයි. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතා බහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.

මේ දවස්වල සතුටෙන් ඉන්නවා කියලයි ආරංචිය?2019-05-27-ent-1266
ඔව්, ගොඩක් සතුටක් තියෙනවා. හේතුව සංගීතේ ටෙලි නාට්‍යය. පාරේ ගියත් ගොඩක් අය ළඟට ඇවිත් ඔයා නේද අසෙනි කියල අහනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ සතුටත් සමඟ කාලය ගත කරන්නේ.

'සංගීතේ' ඔබේ පළමු ටෙලි නාට්‍යයද?
නැහැ. ඊට පෙර 'අහස් මාලිගා' ටෙලි නාට්‍යයේ තරු කියන චරිතය රඟපෑවා. ඉන් පසු 'නීල පබළු' ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඔය අතර කාලයේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා.

තව අලුත් නිර්මාණ බාර ගත්තේ නැද්ද?
වෙන නිර්මාණ කිසිවක් භාරගත්තෙ නැහැ. 'සංගීතේ' ට තමයි මූලිකත්වය දීලා මුළු කාලයම වැය කරන්නේ. ඒ නිසා එම නාට්‍යය වෙනුවෙන් මම උපරිමයෙන්ම කැප වෙනවා.

කලාවට මඟ පෑදෙන්නේ කොහොමද?
මම දැන් අවුරුද්දක පමණ කාලයක ඉඳන් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වලට දායක වෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ ‘හිරු අවුරුදු කුමරිය’ තරගයට මම ඉදිරිපත් වුණා. ඒකට සම්බන්ධ වෙලා දෙවැනි ස්ථානය ලබා ගන්න හැකිවුණා. ඒකෙන් තමයි මට කලාවට පාර හැඳුනේ. ඊට පස්සේ හිරු නාලිකාවෙන් මාව ‘අහස් මාලිගා’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ කලා. ඒක තමයි මගේ ප්‍රථම ටෙලි නාට්‍යයටය. ඒක හරහා තමයි මට ටෙලි නාට්‍ය ජීවිතයට එන්න අවස්ථාව ලැබුණේ.

දායක වුණු වෙළෙඳ දැන්වීම ගැන කිව්වොත්?
නම් වශයෙන්නම් කියන්න අමාරුයි. මොකද මම වෙලෙඳ දැන්වීම බොහෝ ප්‍රමාණයක් සඳහා දායක වෙලා තියෙනවා. මට අමතක වෙන්නේ නැහැ මගේ පළවෙනි වෙළෙඳ දැන්විම. ඒක අධ්‍යක්ෂණය කලේ ඇන්ඩෘ පුල්ලේ. එක්ස්ටෙන්ඩ් ආයතනයෙන් තමයි කලේ. මාධව විජේසිංහ අයියයි, මමයි ඉන්න මැලිබන් බිස්කට් ඇඩ් එක. මෑතකදී මම බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයකට සම්බන්ධ වුණා. ඒ අතරින්, ඩයලොග්, බෝඩින්කාරයෝ (ටෝකියෝ සිමෙන්ති) වෙළෙඳ දැන්වීම වගේ දේවල් ගොඩක් කලා.

නවකයෙකු විදිහට දැනන දේ?
මම තාම අලුත් කෙනෙක්. කලාවට සම්බන්ධ වෙන හැමෝම හුඟක් දක්ෂ අයයි. ඉතිං මගේ අභියෝගය තියෙන්නේ ප්‍රවීණ අයත් එක්කයි. මට ඕනේ ප්‍රවීණයන් අතරට යන්න. මගේ දැක්ම තියෙන්නේ ප්‍රවීණයෝ. මගේ පළවෙනි නාට්‍යය හරහාම කමල් දේශප්‍රිය වගේ දැවැන්තයොත් එක්ක වැඩ කරන්න ලැබුණා. මම හිතනවා මගේ ආරම්භ සාර්ථකයි කියලා. ඒ හරහා ලොකු ගමනක් යන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.

කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?
මම අධ්‍යාපන කටයුතු ඉවර කරලා නැහැ. අධ්‍යාපනය කියන්නේ කලාවට ආභරණයක්. මම කලාවේ වෘත්තීමය වශයෙන් නියැලෙන්න බලාපොරොත්ු වෙනවා.

පවුලේ විස්තර කිව්වොත්?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. ඒවුණාට මම හැදුනේ වැඩුනේ මගේ පුංචි අම්මා ගාව. මගේ අම්මා, තාත්තා වගේම මාව බලාගත්තේ මගේ පුංචියි, බාප්පයි, සහෝදරියෝ දෙන්නයි. ඒ අයගේ නොමද ආදරය මැද්දේ තමයි තාමත් මම ඉන්නේ.

පවුලෙන් කොහොමද ලැබෙන සහයෝගය?
මගේ පුංචියි, බාප්පයි තමයි මාව අවුරුදු කුමරි තරගයට එක්කන් ගිහිල්ලා මගේ හෙවනැල්ල වගේ මාව බලාගත්තේ. අදටත් එහෙමයි. ඒ දෙන්නා තමයි මගේ පස්සෙන්ම ඉන්නේ. ඉතිං ඒ අයගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ.

පවුලේ අයගේ හීනයක්ද රංගන ශිල්පිනියක් වෙන එක?
මගේ අම්මානම් මුලින්ම කැමති වුණේ නැහැ. අවුරුදු කුමරිය තරගයට යනවටත් කැමති වුණේ නැහැ. මම පාසලේදී රංගන කටයුතු කරනවාට, වේදිකාවේ ඉන්නවාට වැඩිය කැමැත්කත් තිබුණේ නැහැ. නමුත් මම ඒ දේ තෝරගත්තාට පස්සේ හැමෝගේම සහයෝගය ලැබුණා.

කවුද කිව්වේ රඟපාන්න පුළුවන් කියලා?
මම පොඩි කාලේ ඉඳන්ම රඟපානවා. රඟපාන්න මම හරි ආසයි. විශයක් විදිහට හදාරලා නැහැ. රඟපාන්න ලොකු ඇල්මක් තිබ්බා. ඒ නිසා තමයි අදටත් ඒ දේ ආදරෙන් ආසාවෙන් කරන්නේ.

රංගනය සඳහා ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සාමාන්‍යයෙන් අපේ ගෙදර කට්ටිය ටෙලි නාට්‍යය බලනවා අඩුයි. ඉතිං ගෙදරින් නම් ප්‍රතිචාර හොඳයි.

අඩුපාඩු කියන්නේ කවුද?
වැඩේ කියන්නේ, මම ඉන්න හින්දා මන්දා කට්ටිය නාට්‍ය බලන්නෙත් නැහැ. එහෙම නැහැ. ගෙදර අය අඩු පාඩු කියලා දෙනවා.

හදාරන්න බලාපොරොත්තුවක් නැද්ද?
මට ලැබුණු අවස්ථාවන් එක්ක ලැබුණු මේ දේවල් ගොඩක් වටිනවා. නමුත් කලාවේ ඉදිරියට රැඳී ඉන්න නම් මීට වඩා ලොකු හැදෑරීමක් කරන්න අවශ්‍යයි. ඉතිං ඒ සඳහා කටයුතු ඉදිරියේදී අනිවාර්යෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.

කෙටි කාලයක් තුළදී බොහෝ නිර්මාණ සඳහා දායක වෙන්න ලැබුණේ වාසනාව නිසාද?
හැකියාවට ලැබුණු වාසනවාක්. හුඟක් අය එනවා යනවා. නමුත් මට ආවත් එක්කම විශාල වැඩ වලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒවගේම එක දිගට ඒවා කෙරී ගෙන යනවා. තව තවත් අලුත් නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. ඉතිං මම හිතනවා ඒක මම ලබපු විශාල ජයග්‍රහණයක් කියලා.

ලස්සන නිසාද මේ හැමදෙයක්ම ලැබෙන්නේ?
භාහිර පෙනුම හරහා තමයි කෙනෙක්ට කලා නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙන්නේ. ලස්සනම වෙන්න ඕනේ නැහැ. කිසියම් දෙයකට දක්ෂතාවය තියෙන්න ඕනේ. ඉතිං ඒ හරහා තමයි කෙනෙක්ට රඟපාන්න වරම් ලැබෙන්නේ. ලස්සන තියෙන අය එනවා. හැකියාව අඩුනම් කැපෙනවා.

ඔබට අවස්ථාව ලැබෙන්නේ කුමක් නිසාද?
ලස්සන, හැකියාව සහ උනන්දුව නිසා කියලයි මම හිතන්නේ.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
ඉදිරියේදී රංගනයෙන් ලොකු ගමනක් යන්න බලාපොරාත්තු වෙනවා. මගේ අධ්‍යාපන කටයුතුත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අතහිත දුන් අය ගැන කිව්වොත්?
නම් වශයෙන් මතක් කරන්න ගියොත් සීමාවක් නැහැ. මගේ පවුලේ අයට, එවගේම හිරු ආයතනයට ස්තූති වන්ත වෙනවා. මගේ ජීවිතයට අලුත් අඩිතාලමක් දැම්මාට. නිල්වලා ආයතනයට ස්තූති වන්ත වෙනවා මාව නීල පබළු ටෙලි නාට්‍යයට සම්බන්ධ කර ගත්තාට. ඉතිං මාත් එක්ක සෙට් එකේ වැඩ කරන හැමෝටම, මට වචනයකින් සහයෝගය දෙන හැමෝටම, මාත් එක්ක දුකේදී සැපේදීත් ඉන්න හැමෝටම ස්තූති වන්ත වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 2019-05-27-ent-12632019-05-27-ent-12642019-05-27-ent-1265

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot