මනෝ විද්‍යා උපදේශක සුරංග අමරකෝන්
සිනමාව යනු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි. මෙම මාධ්‍යය තුළ විවිධාකාර සිනමාපට බිහිව තිබේ. කලාත්මක, වානිජ හා මේ දෙක අතරමැද සිනමාව ආදී වශයෙන් මේවා විචාරකයන් විසින් වර්ග කරනු දක්නට හැකිය. මේ ත්‍රිත්වය තුළම ලිංගිකත්වය නිරූපණය කරන චිත්‍රපටද අනන්තවත් අපට නරඹන්නට ලැබේ. නමුත් මේ සියල්ලටම වඩා මේ කාලයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ එහෙත් සමාජය තුළ විවෘතව කතාබහට ලක්නොවන නමුත් සමාජයට, සංස්කෘතියට, සදාචාරයට දැඩි බලපෑමක් කරන චිත්‍රපට විශේෂයක්ද ඇත. එනම් අන්තර්ජාලය හරහා බොහෝ දෙනකු ගොදුරු කරගනිමින් සිටින නිල් චිත්‍රපට හෙවත් අසභ්‍ය චිත්‍රපට ධාරාවයි.
කලාත්මක හෝ වාණිජ චිත්‍රපට ගැන පමණක් නොව වත්මන් සමාජයට දැවැන්ත බලපෑමක් කරමින් සිටින මෙවැනි ධාරාවන් ගැනද සංවාදයක් අවශ්‍ය යුගයකට අප පිවිස ඇති බවක් හැඟේ.
මනෝ චිකිත්සකවරයකු ලෙස මගේ අත්දැකීමට අනුව නම් අපේ රටේ තරුණ මෙන්ම වැඩිහිටි පරම්පරාවටත් ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නෑ. ඒ පිළිබඳව ලියැවුණු පොත්පත්ද බොහෝවිටම ඇත්තේ නෑ. වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය ශිෂ්‍යයන්ට අවබෝධ කර ගත හැකි, ගැඹුරු ඉංග්‍රීසියෙන් ලියැවුණු පොත්පත් තිබුණත් ඒවා ඉංග්‍රීසි නොදත් පාඨකයන්ට කියවීමට අවස්ථාව නෑ. සමහර පොත්වල සිංහල පරිවර්තන තිබුණත් ඒවායෙහි ඇති ඇතැම් කඨෝර සිංහල වදන්වල අදහස දැන ගන්නට සිංහල ශබ්දකෝෂයක්ද ළඟ තබා ගන්නට සිදුවෙනවා. මේ අනුව ලිංගික අනවබෝධය, ලිංගික කුතුහලය වැනි හේතූන් මතද ඇතැමුන් නිල් චිත්‍රපට හා අසභ්‍ය වබේ අඩවි වෙත යොමුවිය හැකියි.
අසභ්‍ය වබේ අඩවි නැරඹීම තුළින් කෙනකු ඊට ඇබ්බැහිවිය හැකිද?
සැබැවින්ම ඒ සඳහා ලොකු අවකාශයක් තිබේ. එලෙස සිදුවන්නේ කොහොමද? අපි ඒ ගැන විමසා බලමු.
නිරුවත මෙන්ම ලිංගික සම්බන්ධතාද අසභ්‍ය දෙයක් සේ සැලකෙන්නේ නැත. මෙය අසභ්‍ය දෙයක් බවට පත්වන්නේ ඊට ව්‍යාජත්වයක් ආරෝපණය කර එය අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරන විටයි. අසභ්‍ය චිත්‍රපට එනම් නිල් චිත්‍රපටවලින් ඉදිරිපත් කරන සියලුම දේවල් එම නිරූපණ ශිල්පීන් හා ශිල්පිනියන් කරනු ලබන රඟපෑම් මිස ඒ කිසිවක් සැබෑ දේවල් නොවේ. කිසිසේත් අපට සිතා ගන්නට නොහැකි ආකාරයේ දේවල් මේවායේ අඩංගු වන්නේ ඒවා රඟපෑම් නිසාය.
ගුප්ත දේවල් ප්‍රිය කිරීම මනුෂ්‍ය ස්වභාවයයි. එබැවින් අසාමාන්‍ය, අස්වාභාවික දේවල් අසන්නට සහ දකින්නට මනුෂ්‍යයන් වන අප කැමතිය. මෙය අසභ්‍ය චිත්‍රපටවලටද පොදු තත්ත්වයකි. එහි ඇති අසාමාන්‍ය ලිංගික හැසිරීම් දකින්නට මිනිසුන් ප්‍රියවන්නේ එනිසාය.
එසේම නිතර අලුත් වෙනසකට කැමති වීමත් මනුෂ්‍යයන්ගේ පොදු තත්ත්වයකි. එබැවින් ඒකාකාරී බවින් මිදුණු වෙනස් දර්ශන සහිත අසභ්‍ය චිත්‍රපට දකින විට මිනිසුන් ඊට ආකර්ෂණය වීම පුදුමයක් නොවනු ඇත.
නමුත් මෙහි ඇති බිහිසුණු බව එය නොවේ. මෙවැනි අසභ්‍ය චිත්‍රපට නව යොවුන් වයසේ දරුවන් නරඹන විට එයින් විය හැකි හානිය ඉතා විශාලය. නව යොවුන් වයස යනු ලිංගිකත්වය පිළිබඳ හැඟීම් මෝදු වන කාලයයි. මේ කාලයේ ඇතිවන ලිංගික කුතුහලය නිසා මෙබඳු අසභ්‍ය චිත්‍රපට දැකීමේදී ඔවුන් සිතන්නේ ඒවා ස්වභාවිකත්වය නිරූපණය කරනවාය යන්නය. එසේම මෙසේ දකින දර්ශන සිතේ මුල් බැස ගන්නා අතර ලිංගික අත්දැකීම් නැති නිසාත්, කුතුහලය නිසාත් දැඩි ලෙස ඔවුන් මේවායෙහි එල්බ ගනු ඇත. එහි ප්‍රතිඵලය ඊට ඇබ්බැහි වීමය. ඒ අතරම ඔවුන්ගේ මනසේ නිතර නිතරම තමන් දුටු අසභ්‍ය චිත්‍රපටවල චිත්ත රූප සිතේ ඇඳෙන අතර අනිකුත් සියලු දේ පසුගාමී වී මේවා ගැනම මෙනෙහි කරන්නටද පෙළඹිය හැකිය. එහි භයානකකම වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනයටද මෙය ප්‍රබල පහරක් වීමය. සමහර නව යොවුන් දරුවන් මෙබඳු දේ හරහා ස්වයං වින්දනයට යොමුවිය හැකිය.
අනෙක් කරුණ නම් මේ වයසේ දරුවන් මෙම චිත්‍රපට නිසා ලිංගික ඉන්ද්‍රියයන් සම්බන්ධව මිථ්‍යා විශ්වාසයන්හි එල්බ ගැනීමය. වරක් මා හමුවන්නට පැමිණි අවුරුදු විසි දෙකක තරුණයකු තමාට කවදාවත් විවාහ විය නොහැකි බව පවසා සිටියේය. විවාහ වන්නටත් පෙර එවැනි දෙයක් තීරණය කරන්නේ කොසේදැයි මා විමසූ විට ඔහු කීවේ මෙබඳු අදහසකි.
මේ තරුණයා අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහිවී සිටියේය. ඒවායෙහි දකින පිරිමින්ගේ අඟපසඟ හා අවයවවල ස්වරූපයට සමාන අවයව තමා තුළ නැතිවීම හේතුවෙන් තමාට කාන්තාවක සතුටු කළ නොහැකි යැයි ඔහු තීරණයකට එළඹ ඇත. තරුණයන්ගේ මේ ගැටලු ගැන හොඳින් දන්නා නිසාම ලිංගික අවයව වර්ධනයවන බව කියමින් විවිධ ආලේපන අලෙවි කරන ව්‍යාජ වෙද්දුද බොහෝ සෙයින් බිහිව සිටිති. එවැන්නන්ට විශාල වශයෙන් මුදල් පූජා කොට අන්තිමේ ඉච්ජා භංගත්වයට පත්වන තරුණ පිරිසද බොහෝය. හේතුව එවැනි ප්‍රතිකාර සත්‍ය වශයෙන්ම නොමැති වීමය.
නව යොවුන් දරුවන්ට තරමටම හානියක් අසභ්‍ය චිත්‍රපට නිසා වැඩිහිටියන්ට සිදුනොවුවත් සමහර වැඩිහිටියන්ගේ විවාහ ජීවිතයට මෙමගින් විශාල බලපෑම් ඇතිවේ.
කෙනකු මත්පැන්වලට ඇබ්බැහි වන්නේ කොහොමද? එහිදී සිදුවන්නේ මොළයෙහි රසායනික වෙනසක් ඇතිවී මොළයේ යම් යම් තැන් උත්තේජනය වීමය. ඒ උත්තේජනය මොළය විසින් නැවත නැවත ඉල්ලන විට මත්පැන් ගැනීමට එම පුද්ගලයා පෙළඹෙන්නේ නිතැතිනි. යම් කෙනකුට ලිංගික උත්තේජනයක් ලැබුණේ අසභ්‍ය චිත්‍රපට දැකීමෙන් නම් එම උත්තේජනය ලබන්නට එබඳු දර්ශන නිතර නිතර දකින්නටම අවශ්‍ය වේ.
එය සිදුවන්නේ මේ ආකාරයටයි. පැව්ලෝ නම් මනෝවිද්‍යාඥයකු වරක් මෙබඳු පරීක්ෂණයක් කළේය. සුනඛයකුට ආහාර දෙන වේලාවට සීනුවක් නාද කරන්නට පටන් ගත් අතර මෙය හුරුවූ සුනඛයාට සීනුව නාද කරන විට කටට කෙළ උනන්නට විය. ඉන්පසු ආහාර නොදී සීනුව පමණක් නාද කළත් සීනු හඬට උගේ කටට කෙළ ඉනුවේ ඉන්පසු ආහාර ලැබෙන බවට ඔහුගේ මොළයෙහි සටහන් වී තිබූ නිසාය.
මත්පැන්වලදී මේ දේම සිදුවෙයි. මුලින්ම යමකු මත්පැන් පානය කරන්නේ මිතුරන් කණ්ඩායමක් සමග සාදයකදී යැයි සිතමු. එවිට ඒ අවස්ථාවේ සිතේ පවතින්නේ බොහෝ පී්‍රතිදායක සිතුවිලිය. ඒ අනුව මත්පැන් ⋆ ප්‍රීතිදායක සිතුවිලි යන්න මොළයෙහි සටහන් වෙයි. ඉන්පසු සාදයක් නැතත් මිතුරන් නොසිටියත් මත්පැන් ගන්නා විට අර පී්‍රතිදායක සිතුවිලි සිතට දැනෙනු ඇත.
ලිංගික දර්ශන නරඹන විටද මෙම උත්තේජනයම ඇතිවෙයි. තරුණයකු නම් අන්තිමේ විවාහ වූ පසුවත් ලිංගික උත්තේජනයක් ඇතිකර ගැනීමට එබඳු දර්ශන දැකීමට අවශ්‍ය විය හැකිය.
ඊළඟ කරුණ නම් මේවායෙහි නිරූපණ ඉදිරිපත් කරන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ඇතැම් අස්වාභාවික ඉරියව් හා ස්වභාවික නොවන ශරීර අවයවයන්ය. මේවා දකින පිරිමින් එවැනි කාන්තා ශරීරයක් තම සහකාරියගෙන්ද අපේක්ෂා කරන්නට පෙළඹිය හැකිය. එවැනි උදාහරණ ගණනාවක් වුවද මට ඉදිරිපත් කළ හැක්කේ මෙබඳු දේවල් නිසා මහත් මානසික පීඩාවට පත්ව උපදේශනය පතා පැමිණෙන කාන්තාවන් මට කොතෙකුත් හමුවී ඇති බැවිනි.
එක් නිදසුනක් පමණක් ඉදිරිපත් කරමි.
අසභ්‍ය චිත්‍රපටයක නිරූපිකාවක් එක් පියයුරු පුඩුවක ලොකු මුද්දක් වැනි රවුමක් දමාගෙන හිඳිනු දුටු එක සැමියකුට තමන්ගේ බිරිඳටද එවැනි දෙයක් කිරීමට වුවමනා විය. නමුත් එම බිරිඳ එය දැඩිව ප්‍රතික්ෂේප කළාය. කෙසේ වුවද සැමියාගේ අධික බලපෑම් හමුවේ ඔහුගේ ඉල්ලීමට අවනත වීමට පසුව ඇයට සිදුවිය. අන්තිමේ සිදුවූයේ කිසිසේත් නොසිතූ දෙයකි. එම මුද්ද දැමීම සඳහා විදින ලද ස්ථානය පැසවා ආසාදනය වී තදබල කැක්කුමක් ඇතිවීම හේතුවෙන් ඇයට රෝහල්ගත වීමට සිදුවිය. මෙම කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සැමියාට නොසෑහෙන්නට බැණ වැදුණු අතර බිරිඳගේ පියයුරෙහි නරක් වූ කොටස සැත්කමකින් ඉවත් කිරීමටද සිදුව තිබිණි.
අසභ්‍ය චිත්‍රපටවලින් ඉදිරිපත් කෙරෙන දේවල් සැබෑ ලිංගික සතුට යැයි සිතීම මුලාවකි. සරල උදාහරණයක් ගනිමු. චිත්‍රපටවල පෙම්වතුන් පෙම්වතියන් මල්ගස් වටා දුවමින් ගීත ගැයීම බොහෝ විට අප දැක පුරුදු දෙයකි. නමුත් සැබෑ පෙම්වතුන් යුවලක් මෙවැනි දේ කරනවාද? අසභ්‍ය චිත්‍රපටවලින්ද ඉදිරිපත් කරන්නේ එවැනි නිරූපණ ය. ඒවායේ නිරූපිකාවන් හැසිරෙන ආකාරයට තම සහකාරිය නොහැසිරෙන්නේ තමා වෙතින් ඇය සතුටක් නොලබන නිසා යැයි සිතන සැමියන් කොතෙකුත් මට හමුවී ඇත.
එනිසා අවසන් වශයෙන් කිවයුත්තේ නව යොවුන් වයසේ පසුවන දරුවන් මේවා නැරඹීම ඉතා හානිකර විය හැකි බව සහ වැඩිහිටියන් වුවද මීට ඇබ්බැහිවීම කෙසේවත් යහපත් නොවන බවය. එසේම මේවා සැබෑවක් නොව මායාවක් බව වටහා ගැනීමද ඔබේ යහපතට හේතු වෙයි.
සාකච්ඡා කළේ: ඉන්දු පෙරේරා