Skip to main content

ක්‍රිකට් වෙනුවෙන් ඕන ලෝකෙක ගිහින් සිංහ කොඩිය ඔසවන ගයාන් එංගලන්තේ කට්ටිය කුසල් ගැන කිව්ව දෙයක් කියයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් අපේ රට තුළ නැවතත් ක්‍රිකට් උණුසුම දසත පැතිරෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිරිගන්වමින් ලෝකෙ වටේ යන ගයාන් සේනානායක රූපවාහිනි තිරයෙන් දක්නට ලැබෙන සුලබ දසුනකි. පර්සි අබේසේකරගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ‘නිල’ දිරිගන්වන්නා වෙමින් මහඟු මෙහෙයක් කරන ගයාන්ගෙන් රට තුළ ක්‍රිකට් උණුසුම හමා යෑමට සැරසෙන මොහොතක පසුගිය දා නිමාවූ එංගලන්ත සංචාරයේ ආගිය තොරතුරු ගැන ඔහු මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
. කොහොමද ගයාන් එංගලන්ත සංචාරය…
“එංගලන්ත සංචාරය ක්‍රීඩකයන්ට වගේම අපටත් ඉතාම අමාරු සංචාරයක් වුණා. අධික ශීතලත් එක්ක සෑහෙන සටනක් කළේ. අපේ කණ්ඩායම ලබපු පරාජය ගැනත් ලොකු දුකක් තියෙන්නෙ. මම දවස් 45ක් විතර එංගලන්තේ හිටියා. මෙය මගේ දෙවැනි එංගලන්ත සංචාරය. අපේ කණ්ඩායම සංචාරය කළේ එංගලන්තේ ක්‍රිකට් වසන්ත සමයේ පළමු සමයේ. ඒ සමය එංගලන්තෙට එන ඕනෑම විදෙස් කණ්ඩායමකට සෑහෙන අමාරු කාලයක්. ඒ අවාසියත් අපිට තදින් බලපෑවා.”
. ගයාන් එංගලන්ත ප්‍රේක්ෂකයන් අපේ ක්‍රිකට් පිල ගැන මොනව ද කියන්නෙ…
“ඇත්තෙන්ම ඔවුන් අ‍පේ කණ්ඩායමේ පසුබැස්ම ගැන දුක් වෙනවා. ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායමක් ලෙස තමයි ඔවුන් අපේ කණ්ඩායම සලකන්නෙ. මහේල, සංගා, ඩිල්ෂාන්, මාලිංග වැනි ක්‍රීඩකයන් සමුගැනීම මෙවැනි පරාජයන්ට හේතු ලෙස ඔවුන් දකින්නෙ. එංගලන්ත ප්‍රේක්ෂකයන් කියන්නෙ සංගක්කාරට තවත් කලක් කණ්ඩායමේ ඉන්න තිබුණ කියා. ඒ වගේම කුසල් මෙන්ඩිස් ගැන සෑහෙන පැහැදීමක් එංගලන්ත වැසියන්ට තියෙනවා. ඔහුට හොඳ අනාගතයක් තිබෙන බවයි ඔවුන් කියන්නෙ. ඒ වගේම ‍එංගලන්ත ප්‍රේක්ෂකයන් මට පැවසුවා ඔබගේ කණ්ඩායම අපේ රටට ආවේ ක්‍රිකට් වසන්ත සමයේ දුෂ්කරම කාලයේ කියා.”
. එංගලන්ත ජාතිකයන් සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔබට ලැබුණ ප්‍රතිචාර මොන වගේද?
“එංගලන්තයට යෑමට පෙර සිටම අන්තර්ජාලයෙන් සහ මා මීට පෙර ගිය එංගලන්ත සංචාරයේදී හඳුනාගත් යාළුවෝ ගොඩක් මට එහේ ඉන්නවා. මා හිත්‍රෝ ගුවන් තොටුපළෙන් ගොඩ බැස්ස වෙලේ සිටම සෑහෙන දෙනෙක් මට ආගන්තුක සත්කාර කරන්න ඉදිරිපත් වුණා. මට ඉඳුම් හිටුම්, තරග නරඹන්න යෑමට ඒමට ප්‍රවාහන පහසුකම් සලසන්න එංගලන්ත ජාතිකයන් වගේම ශ්‍රී ලාංකිකයන් නොපැකිළව ඉදිරිපත් වුණා. අපේ ක්‍රිකට් පිල දිරිගන්වන්නට ක්‍රීඩාංගණවලට ගියාමත් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. මම ශ්‍රී ලාංකිකයන් සමඟ එක්වී දිරිගන්වන විට එය එංගලන්ත ප්‍රේක්ෂකයන්ට අමුතුයි කියා තමයි ඔවුන් කියන්නෙ. එංගලන්තයේදී කණ්ඩායම් දිරිගන්වන්නාට කියන්නෙ ‘මැස්කොට්’ කියා. ඔවුන් මට පැවසුවා ඔබ කරන සේවය විශිෂ්ටයි කියා. පළමු එක්දින තරගයේදී අපි චියර් කරන තැනට පැමිණි එංගලන්ත පොලිස් නිලධාරියෙක් ඔහුගේ කැප් එක මගේ ඔළුවට දාලා මා පළඳින ‘ෆනි’ කැප් එක ඔහු දාගෙන් ෆොටෝත් ගත්තා. එය අසාමාන්‍ය ක්‍රියාවක්. මොකද පොලිස් නිලධාරියකුගේ තොප්පිය අන් අයට නොදිය යුතු දෙයක්. එතරමටම ඔවුන් අපට ළෙන්ගතුයි. ඉන්දීය ජාතිකයන්ට, පාකිස්ථාන ජාතිකයන්ට එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ එතරම් කැමැත්තක් නැහැ. නමුත් ශ්‍රී ලාංකිකයන්ට ඉතාම කැමැතියි. මාත් සමඟ කතා කළ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණි බව පැවසුවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරයන්ට කැමැත්තක් දක්වන බව එංගලන්ත‍ වැසියන් අතර ප්‍රචලිතයි. සිලෝන් ටී එංගලන්ත වැසියන් අතර ඉතාම ජනප්‍රියයි. එය අපේ රටට ලොකු අභිමානයක්.”
. දෙපිලේ ක්‍රීඩකයන්ගෙන් ඔබට ලැබුණ සහයෝගය කොහොම ද?
“අපේ පිල ඉතාම සතුටු වුණා මාව එංගලන්තයේදී දැකීම ගැන. විශේෂයෙන්ම තරග නැරැඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර අපේ කණ්ඩායමේ කළමනාකාරතුමා විසින් සෑම දිනකම ගේට්ටුවේ තබා තියෙනවා. ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. එංගලන්ත ක්‍රීඩකයනුත් මගේ පැමිණීම ගැන සතුටු වුණා. එංගලන්ත පුහුණුකරුවන් වන පෝල් පැබ්‍රිස් වැනි අය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලත් සමඟ කාලයක් වැඩ කළ නිසා ඔහු මගෙන් සිංහලෙන් අැහුවා ‘හායි මචං, උඹ ආව ද?’ වැනි දේවල්.”
. ශ්‍රී ලංකා පිල දිරිගන්වමින් ලෝකේ වටේ යන ඔබ එංගලන්ත ක්‍රීඩාංගණ සහ ප්‍රේක්ෂකයන් දකින්නේ මොන විදිහට ද?
“ඇත්තෙන්ම එංගලන්ත ක්‍රීඩාංගණ ආසියානු ක්‍රීඩාංගණ වගේ දැල් ගහලා, කම්බි ගහලා කොටු කරලා නැහැ. සාමාන්‍ය පොඩි වැටවල්වලින් වෙන් කරලා තියෙන්නෙ. ක්‍රීඩකයන් සමඟ ඉතාම සමීපව ප්‍රේක්ෂකයන්ට නිදහසේ තරග නරඹන්න පුළුවන්. එය ආසියාතිකයන් හැටියට අපට අමුතුයි. එංගලන්ත ජාතිකයන් වුණත් තරග නරඹන විට හරිම සංවරයි. සමහර අවස්ථාවල කලබගෑනි වුණත් ඔවුන් තරගයකදී දෙපැත්තේ කවුරු හොඳ දෙයක් කළත් අත්පොළසන් නාදයෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම එහි ක්‍රීඩාංගණවලට ජාතික ධජ ගෙනියන්න පුළුවන් ධජ රඳවන ‘ස්ටික්’ ගෙනියන්න බෑ. ඒත් කියන්න සතුටුයි එම ‘ස්ටික්’ රැගෙන යාමට මට අවසර දුන්නා. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග නරඹන විට කිසිම ධජයක්, විච්චූර්ණ කැප් පැලඳීම තහනම්. ඒ වගේම ඉතාම සංයමයකින් යුතුවයි තරග නැරැඹිය යුත්තේ. ඒ සඳහා නීතිරීති පද්ධතියක් පනවා තිබෙනවා. මම ශ්‍රී ලංකා ටී ෂර්ටය ඇඳගෙන ‘චියර්’ කරන විට එංගලන්ත වැසියන්ට හරි පුදුමයි. ඔවුන් මට පවසනවා උඹනම් මාරයි, අපට ශීතල හුරු වෙලාත් ජර්සි දාගෙනත් ඉන්න අපහසුයි කියා. ඔවුන් තරග නරඹන විට කරන කාර්යයක් තමයි බියර් පානය. මටත් බියර් පානය කරන්න කීප විටක්ම ආරාධනා කළා. ඒත් මම ලෝකෙ කොහේ ගියත් කිසි විටෙක මත්පැන් පානය, දුම්පානය කරන්නෙ නෑ.”
. තරග නොමැති දිනවල මොනවද ඔබ කළේ…
“එංගලන්ත ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන් සමඟ නොයෙක් තැන්වල ඇවිදින්න ගියා. බර්මිංහැම්වල තියෙන ජේතවනාරාම පන්සලේ විශේෂ උත්සවවලට සහභාගි වුණා. එංගලන්තේ ඓතිහාසික දේවස්ථාන කීපයක්ම නරඹන්න ගියා. එහෙම ඇවිදිනකොට මම දැක්ක සුවිශේෂම දේවල් තමයි ඒ රටේ තිබෙන පිරිසුදුකම, පිළිවෙළ. ඇත්තෙන්ම අපේ රටේ නම් කොතරම් හොඳ ද?”
එංගලන්ත සංචාරයෙදී හමුවූ ශ්‍රී ලාංකිකයන් ඔහුගෙන් පුන පුනා කළ ඉල්ලීමක් ගැන ගයාන් කීය.
“මම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලත් සමඟ ලෝකෙ වටේම සැරිසරන නිසා ඒ හමුවන යාළුවන් එකතු කරගෙන අරමුදලක් ආරම්භ කරන්න කියා ඔවුන් මගෙන් ඉල්ලීමක් කළා. එය මම නුදුරේදීම ‘ගයාන් සේනානායක චැරිටි ෆන්ඩ්’ කියලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් එංගලන්තයේදී සත්කාර කළ සියලු දෙනාටත්, මට ලෝකෙ වටේ යෑමට උදවු කරන ඩීන් බ්‍රදර්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ නජිබ් ඩීන් මහතාට ස්තුති කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.”
අමිල මලවිසූරිය
(සිළුමිණට ලියන කෙනෙකි)
SOURCE-Gossipking 

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල