පෘථවිය යම් දවසක විශායට පත්වුවහොත් හෝ භාවිතයට නුසුදුසු මට්ටමකට පත්වුවහොත් පෘථවියේ ජීවීන්ට වාසයට සුදුසු වෙනත් ග්‍රහලොවක් පැවතීම අනිවාර්්‍යයෙන්ම අවශ්‍ය කරුණක්. එහෙත් ඒ සදහා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ජීවයට සුදුසු පරිසරයක් පවතින බවට විශ්වාස කෙරෙන ග්‍රහලෝක රැසක්ම පෘථවියට ආසන්න වන්නට සිතීමටත් අපහසු දුරකින් පිහිටා තිබීම හේතුවෙනුයි. එහෙත් මෙතෙක් පැවැති එම බාධාව යම් තාක් දුරකට සමනය කරමින් පෘථවියට ආසන්නයෙන් පිහිටි ජීවයට සුදුසු ග්‍රහලොවක් හදුනාගැනීමට නාසා ආයතනය සමත්ව තිඛෙනවා.
මෙම ග්‍රහලෝකය පෘථවියට ආසන්නතම ප්‍රොක්සිමා සෙන්චූරි තාරකාව වටා භ්‍රමනය වන්නක් වන අතර ඊට ඇති දුර ආලෝක වර්ෂ 4ක්. මෙතෙක් ආසන්නයෙන්ම වාර්තාවූ ජීනයට සුදුසු එකම ග්‍රහලෝකය මෙය වන අතර එහි ජලය මෙන්ම ජීවයද පවතින බවටයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. අප ජීවත්වන කාලයේදීම එනම් මේ පරම්පරාව තුල මෙම ග්‍රහලෝකය තරණය කිරීමට පෘථවි තාක්ෂනය දියුණු වනු ඇති බවටද විද්‍යාඥයන් විශ්වාසය පල කර තිඛෙනවා.(අමල් අල්මේදා)
source: lankaanews