පොල් ගෙඩියක් නිසා මුරකරුගේ තුවක්කුවෙන් හිස පසාරු වූ උපුල් අවසන් හුස්ම හෙළයි අනවසරයෙන් ඉඩමකට ඇතුළුවී පොල්ඇහිදීමට ගිය බව කියන පුද්ගලයෙකුට එහි මුරකරු විසින් වෙඩි තැබීමේ පුවතක් වැලිවේරිය ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. වෙඩි වැදීමෙන් අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ මුරකරු විසින් සිතාමතාම මෙම ඝාතනය සිදු කර ඇති බවයි. පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවුණේ පෙරේදා සවස 6.30 ට පමණයි. පොලිසිය සඳහන් කළේ පොල් වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ඇහිදීමට ගිය අයෙකු එම වත්තේ මුරකරුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දන උපුල් කිත්සිරි නමැත්තෙක්. පොලිසිය සදහන් කළේ කුරුල්ලන්ට වෙඩි තැබීමට යොදා ගන්නා උණ්ඩ මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ''මරන්න තරම් දෙයක් නෙවෙයිනේ පොල් ගෙඩියක් කඩන එක.කාට හරි කියන්න තිබුණනේ. මෙහෙම ඇවිල්ලා ඉන්නවා අල්ලන් ඉන්නවා මොකක් හරි කරන්න ඕගොල්ලෝ කියලා මොකද නෑදෑයොනේ පිට මින