Skip to main content

ඉර උදාව අනෙකුත් ග්‍රහලෝක වල ඉද්දි පෙන්නේ කොහොමද ?

ඉර නැතුව අපිට පෘථිවිය මත ජීවය පිලිබදව හිතන්නව බැරිය.ඉතින් මේ කියන සුර්යයාගේ උදාව සිදුවෙනවා දැක නැති කෙනෙක් නැති තරම්.කොච්චර බැලුවත් එපා වෙන්නැති මේ සුර්ය උදාව වෙනත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහවස්තුවකට ගියොත් කොහොම පෙනෙයිද? Ron Miller කියන පුද්ගලයා තමයි මේ කියන නිරුපනයන් ඉදිරිපත් කරලා තියෙන්නේ.

1.බුධ

mercury
බුධ ග්‍රහයා පිහිටලා තියෙන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 60 ක් පමණ එහායින් වීම නිසා බුධ හිදී ඉර උදාව පෘථිවියට සාපේක්ෂව තුන් ගුණයක් විශාලව හා දීප්තිමත්ව දිස්වෙනවා!

2.සිකුරු

venus
සිකුරු ග්‍රහලෝකයේ ඉදල සුර්යයාට ඇති දුර කිලෝමීටර මිලියන 108ක් විතර වෙනවා. ග්‍රහලෝකය වටා තියෙන ඝන වලාකුළු නිසා සුර්යයා මෙහිදී දිස්වෙන්නේ ලා පාට ලපයක් විදිහට.

3.අඟහරු

mars
සුර්යයාගේ ඉදල අඟහරුවල කක්ෂයට තියෙන දුර කිලෝමීටර් මිලියන 230 ක් පමණ වෙනවා! දුර වැඩි කියල එක ඉර උදාව දිස්වෙන්න බාධාවක් වෙන්නේ නෑ .හැබැයි වේගවත් සුළං මෙහි පවතින නිසා දුවිලි සහිත වායුගෝලයක් දකින්න පුළුවන්.

4. බ්‍රහස්පති

jupiter
බ්‍රහස්පති වල උපග්‍රහයෙක් වන යුරෝපා(Europa ) වල ඉදන් බලද්දී තමයි ඉර උදාව මේ විදිහට පෙනෙන්නේ.බ්‍රහස්පති ග්‍රහයා සුර්යයාගේ ඉදල ඉතා විශාල දුරකින් තමා පවතින්නේ. හරියටම කිව්වොත් කිලෝමීටර මිලියන 779ක් පමණ ඈතින්.සුර්යාලෝකය බ්‍රහස්පතිගේ වායුගෝලයේ වායු ස්ථර හරහා ගමන් කරන විට, බ්‍රහස්පති ග්‍රහය වටා තියෙන රතු පාට වළල්ලක් තිබෙන ආකාරයට තමා දිස්වන්නේ.

5.සෙනසුරු

saturn
සෙනසුරුගේ කක්ෂයට සූර්යයාගේ ඉදන් තියෙන දුර කිලෝමීටර බිලියන 1.5ක් විතර වෙනවා. අයිස් ස්ඵටික හා වායුන්ගේ බහුලතාවය නිසා සුර්යාලෝකය මෙහිදී පරාවර්තනයට ලක්වෙනවා. False Sun වගේ ඡයාවන් එනිසා මෙහිදී දැක හැකියාවක් තියෙනවා.

6. යුරේනස්

uranus
යුරේනස්වල උපග්‍රහයෙක්වන ඒරියල්(Ariel ) වල මතුපිටට ඉරු උදාව පෙනෙන විදිහ තමයි ඔය තියෙන්නේ. යුරේනස් ග්‍රහයා සුර්යයාගේ සිට කිලෝමීටර බිලියන 2.8 ක් ඈතින් පිහිටන නිසා සුර්යාගේ උණුසුම දැනෙන්නේ නැති තරම්ය.

7.නෙප්චූන්

neptune
නේප්චුන සතු විශාලතම උපග්‍රහයා වන ට්‍රයිටන්(Triton ) වලට ඉර උදාව පෙනෙන්නේ ඔන්න ඔය විදිහට.සුර්යයාගේ ඉදල කිලෝමීටර බිලියන 4.5ක් පමණ දුරකින් තමයි මේ ග්‍රහලෝකය පිහිටල තියෙන්නේ.

8.ප්ලූටෝ

pluto
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සුර්යයාට ඈතින්ම තියෙන ග්‍රහලෝකය වෙන්නේ ප්ලුටෝ. හරියටම කිව්වොත් සුර්යයාගේ ඉදල කිලෝමීටර බිලියන 6ක් පමණ තමා ප්ලුටෝ තියෙන්නේ. ඒ හින්ද ඉර මෙහිදී පෙන්නේ දීප්තිමත් කුඩා ලක්ෂයක් විදිහට. සුර්යයාගේ ඉදන් තියෙන දුර වැඩි හින්දා ආලෝකයේ දීප්තිය පෘථිවිය මතදී ආලෝකයේ දීප්තියට සාපේක්ෂව 1600 ගුණයකින් පමණ අඩු වෙලා තියෙනවා.

source: Sira

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.