Skip to main content

Posts

Showing posts from January, 2017

සිතට සුව ගෙනෙන තාපසාරාමය ADISHAM

"තරුණයා" හි චාරිකාවකට වෙන්වෙන පිටුව බොහෝවිට විනෝදාස්වාදයට මුල්තැනක් ලබාදෙන ගමනක් බව මෙතෙක් කල් මෙම පිටුව හා රැඳී සිටි ඔබට පැහැදිලිවනු ඇත. එහෙත් මෙවර අපි ඔබව ඉන් මුදවා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නට සිතුවෙමු. එනම්, ඒ තාපසාරාමයක් වෙතය. තංගමලේ රක්ෂිතයට යන ගමන් මාර්ගයේ තොටුපොළ කන්ද, නමුනුකුල සහ පිදුරුතලාගල කඳු වළල්ලට මැදිව දිදුලන ඇඩිෂම් බංගලාව, බදුල්ල හෝ හපුතලේ ප්‍රදේශයට විනෝද චාරිකාවක් යන බොහෝ දෙනෙකු අනිවාර්යෙන්ම ගොඩවදින ස්ථානයක් වන්නේ එහි ඇති පෞරාණිකත්වය ගැබ්වූ ආකර්ෂණයත්, කදිමට විඳින්නට හැකි සුවදායී පරිසරයත්, එහි ඇති අධ්‍යාපනික වටිනාකමත් නිසාවෙනි. මත්පැනට තිත තබා ඇති මෙම පරිශ්‍රය පුරා ඉන්එහා විඳිය හැකි සුන්දරත්වයක් ඇති අතර, එහි නවාතැන් පහසුකම්ද ඇත. එමෙන්ම මේ දිනවල සාර්ථකව තිරගතවන %සරිගම^ චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය ලෙස යොදාගෙන තිබෙන්නේද මෙම බංගලාවය. ගමන් මාර්ගය කොළඹ, බදුල්ල (A4) ප්‍රධාන මාර්ගයේ, කොළඹ සිට බදුල්ල දෙසට ගමන් කරන්නෙකුට කිලෝමීටර් 186 පමණ ගමන් කළ පසු හපුතලේ නගරය හමුවේ. හපුතලේ නගරයට ඔබ්බෙන් පිහිටි හපුතලේ නගරයේ සිට වැලිමඩ දෙසට (හපුතලේ පොලිස් ස්ථානය පිහිටි මාර්

දැන් හැමෝම දන්නේ ශිවන්‍යා කියලා

හඬකැවීම් ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම ගායන ශිල්පිනියක ලෙසද කටයුතු කරන පූර්ණිමා විදේශිකාමේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින්නීය. ඒ පසුගියදා විකාශය නිමා වූ 'ප්‍රේම දඩයම' ටෙලිනාට්‍යයේ ශිවන්‍යාගේ චරිතයට හඬ කැවීම හේතුවෙනි. මේ වනවිට උසස් පෙළ අධ්‍යාපනය අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාසිටින ඇය සිය නව තොරතුරු පිළිබඳ කළ සංවාදයකි මේ. මේ දවස්වල මුණගැහෙන අය ඔයාව හඳුන්වන්නේ ශිවන්‍යා කියලද? පූර්ණිමා කියලද? ශිවන්‍යා කියලා තමයි. දැන්නම් පූර්ණිමා කියලා කියන්නෙම නැති තරම්. මොකද ඒ ගැන හිතෙන්නේ? මට ගොඩක් සතුටුයි. මම හඬකවපු පළමුවැනි නාට්‍යය මේක. කලින් නිර්මාණවලට සහභාගි වෙන්න ආරාධනා ලැබුණත් මම සහභාගි වුණේ නෑ. පළමුවැනියටම හොඳ නිර්මාණයකින් ඉදිරියට එන්න ලැබීම ගැන සතුටුයි. ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ආඩම්බරයකින්ද ඉන්නෙ? එහෙම ආඩම්බරයක් නැහැ. එහෙම වෙන්නෙත් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක වැරදියි. දැන් නාට්‍ය අවසානවුණා නේද? ඒ ගැන මොකද වෙන්නේ? ඊටපස්සෙ ප්‍රේමායුධ කියලා වෙනත් කතාවක වැඩකටයුතු කරනවා. එතැනින් පසුව ප්‍රේම දඩයම 2 ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි. ඔබට ආරාධනා ලැබ

තරුවක් සමග වරුවක් ගෙවන භාෂිණී සමරසිංහ

කෙනෙකුට කුමන හෝ ක්ෂේත‍්‍රයකින් යම් දෙයක් කිරීමට සහජ හැකියාවක් යම්තාක් දුරට හෝ තිබිය යුතුයි. ඒ අතර මව්පිය උරුමයෙන් එන හැකියාවනුත් යම් චරිත රටේ ජනප‍්‍රියත්වයකට පත් කරලා තියෙනවා.  එදා ගුවන් විදුලි නිෂ්පාදකවරයකු නිවේදකයකු වූ පාලිත සමරසිංහ සහ ප‍්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් වු රත්නා සමරසිංහ දෙපළගේ දයාබර දියණිය භාෂිණී සමරසිංහ අද නිවේදන ක්ෂේත‍්‍රයේ ඉහළටම ගිය චරිතයක් බවට පත් වී හමාරයි. අද ගුවනේ තරු සමග ඇය එකතු කර ගත්තේ ඔබ ආදරය කරන තවත් වින්දනාත්මක හෝරාවක් ගැන කතා කරන්න. මේ භාෂිණී සමරසිංහයි. ”තරුවක් සමග වරුවක්” දැන් හරි ජනප‍්‍රියයි නේද? අම්මෝ ඔව්.. ගොඩක් ජනප‍්‍රියයි. ශ්‍රී.එෆ්.එම්. එකේ ඉරිදා උදේ දහයේ ඉඳලා දොළහ වෙනකම් ලංකාවේ ජනප‍්‍රිය තරුවක් එක්ක ගත කරන හෝරාව හරිම සුන්දරයි. ඉරිදා උදේ දහයට අපි ගෙදරට එනකම් බලා ඉන්න පේ‍්‍රක්ෂකයෝ දවසින් දවස වැඩි වෙලා. මේ තරු විදිහට එන්නේ ලංකාවේ මොන වෘත්තීන්වල අයද? යම්කිසි විදිහකට විශේෂත්වයක් තියෙන සහ ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් මත, පේ‍්‍රක්ෂක මනාප මත ජනප‍්‍රිය වුණ අය කලාව විතරක් නෙමෙයි. දේශපාලනය, ක‍්‍රීඩාව වෙනත්  ඕනෑම ක්ෂේත‍්‍රයක නමත් එක්ක ජනප‍්‍රිය වුණ

මෙන්න ගිටාර්

හොනෝකා සහ අසීටාගේ මෙම සුන්දර ගිටාර් වාදනය අසා සිටින්නට ඉතාමත් සුන්දරයි. ඔවුන් එය ඔවුන් දෙදෙනා මෙන්ම සුන්දර මෙම ගිටාර් වාදනය නරඹන්නට මෙම විඩියෝවෙන් ඔබට හැකියාව තිබෙනවා. රචින්ත ජයවර්ධන source Saravita

පෝල් ඩාන්ස්

පෝල්ඩාන්ස් කියන්නෙ සමාජ ශාලා වලදි දකින්නට ලැබෙන දර්ශණයක් වුනාට මේ වීඩියෝව ඔබට බලන්නට තියෙන්නෙ ඒ සරාි හැීමෙන් මිදිලා සැබෑ දක්ෂතාවයක් අගය කරන හැඟීමෙනුයි. මෙම ක්‍රියාව සරළ යැයි ඔබ සිතනවානම් කරුණාකර මෙම වීඩියෝව බලන්න රචින්ත ජයවර්ධන Source Saravita

රයන් විලියම්ස්ගෙ පිම්ම

බයිසිකල්වලින් ස්ටන්ට් වැඩ දාන ඕන කොල්ලෙක් රයන් විලියම්ස් ැන දන්නවා. ඒ ඔහු ඒ වෙනුවෙන් දැන් සිටින ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු නිසායි. රයන් විලියම්ස්ගේ මෙම පිම්ම නැරඹුවොත් ඔහු එම ක්‍රීඩාවේ ඉහලින්ම සිටින්නේ ඇයිද යන්න ඔබට වැටහේවි. රචින්ත ජයවර්ධන Source Saravita

Malka Solanga Arachchi

source Saravita

බොලිවුඩයේ කිං ඛාන් කිරුළ අමීර්ට

  ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව පසුගියදා ප්‍රකාශයට පත්කළ ආකාරයට බොලිවුඩයේ වර්තමාන ‘කිං ඛාන්’ කිරුළ අමීර් ඛාන්ට හිමිව ඇති බවය. ඔහුගේ අලුත්ම සිනමාපටය වූ ‘දංගල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 720කට වඩා වැඩි මුදලක් සොයා ගැනීමට සමත් වීමත් සමග ඔහුට මෙසේ ‘කිං ඛාන්’ කිරූළ හිමිව ඇති බවය. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 700කට වඩා වැඩි ආදායමක් උපයාගත් චිත්‍රපට දෙකක ප්‍රධාන නළුවා වූ අමීර් ඛාන් මුලින්ම ඉන්දීය රුපියල් කෝටි 400ක් උපයාගත් ‘ත්‍රී ඉඩියට්ස්’ චිත්‍රපටයේද ප්‍රධාන නළු චරිතයට පණපොවනු ලැබූ නළුවාද විය. පසුගිය කාලයේ ‘කිං ඛාන්’ ලෙස තමාව හඳුන්වා දුන් ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට අසාර්ථක වීම නිසා ඔහුට මේ වනවිට එහි කිරූළ අහිමි වි ඇති බවද ‘ෆෝබ්ස්’ සඟරාව පවසා ඇත. source Saravita

මෙන්න ඩාන්ස්

මේ පෙන්නන්න යන්නෙ විනෝදෙට නටන්න නියම විදි ටිකක්. 2015 ජෑස් රූට්ස් ප්‍රසංගයෙන් ගත්තු මේ වීඩියෝව සැබවින්ම මිතුරන් සමග විනෝදයට නටන්නට කදිමයි වගේම බලා ඉන්න්ත් ලස්සනයි. රචින්ත ජයවර්ධන source Saravita

දිපීකාට තවත් හොලිවුඩ් චිත්‍රපටයක්

මේ දිනවල අති සාර්ථකව තිරගත වන 'xXx: The Return of Xander Cage' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණපොවන දිපීකා පදුකෝන්ට තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබී තිබෙන බව සඳහන් වෙනවා. මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 24ක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් උපයාගෙන තිබෙනවා. ලැබෙන තොරතුරුවලට අනුව දිපීකාට මෙසේ තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී ඇත්තේ ඇය 'xXx: The Return of Xander Cage' චිත්‍රපටයේ ඉදිරිපත් කරන රංගනය නිසා බව සඳහන්. source Saravita

2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය

2016 වසරේ බොලිවුඩ් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් උපයාගත් චිත්‍රපටය බවට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය තේරී පත්ව ඇත. මේ වනවිටද තිරගත වෙන මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 750කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. එය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 380ක මුදලක් උපයාගෙන ඇති අතර, එහි ලාභ උපයා ගැනීම 320%ක ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබේ. මෙම චිත්‍රපටය පසුව පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් පෙන්වා ඇත්තේ සෝනම් කපූර් රඟපෑ ‘නිර්ජා’ චිත්‍රපටයයි. එහි ලාභ උපයා ගැනිම 260%ක ප්‍රතිශතකයක් පෙන්වා තිබේ. සල්මාන්ගේ ‘සුල්තාන්’ අමිතාබ්ගේ ‘පින්ක්’, ආක්ෂේගේ ‘එයාර් ලිෆ්ට්’ හා ‘රස්තම්’ ෂාරුක්ගේ ‘ඩියර් සින්දගි’ හා ටයිගර්ගේ ‘භාගි’ චිත්‍රපට අනෙකුත් ලාභ ලැබූ චිත්‍රපට වේ. Source Saravita

Motor Show 2017

Source Saravita