ඇත්තටම ඔය පූසො වගේ නෙවෙයිනෙ බල්ලො. පොඩි කාලෙ හුරතලේට ඉඳල ලොකු වුණාට පස්සෙ ගණන් උස්සන්නෙ නෑ. තිරිසනා වුණාට මනුස්සයින්ට වඩා කෙළෙහිගුණ දන්නව. අනික එක වේලක් කන්න දුන්නත් මැරෙන තාක් කල් උන්ට ඒක මතකයි. ඒ වගේම තමයි මොන දීපංකරේ ගිහිල්ල ආවත් හීන් කෙඳිරියක් දාලා, හරි ලස්සනට ගෙදරට පිළිගන්නව. වැඩිය ඕන නෑ, දුක් ගැනවිල්ලක් කිව්වත් තේරෙනව වගේ අහන් ඉන්න එකම සතාද කොහෙද. අන්න ඒ නිසාමයි එදා ඉඳන් අද වෙනකම් ‘මිනිහගෙ හොඳම යාළුවා’ සම්මානය දිනා ගන්න බව්වන්ට පුළුවන් වෙලා තියෙන්නෙ. ඉතින් අපි කල්පනා කළා, එදා මෙදා තුර නොබිඳෙන ළබැඳියාවක් පවත්වගෙන ආපු අපේ මේ ‘බලු’ සමාජය ගැන ටිකක් කතා කරන්න. මොකද මනුස්සයගෙ ආරක්ෂාවයි හුරතලයයි දෙකම සම්පාදනයක කරන එකම සතානෙ. වැඩේ කියන්නෙ වර්තමානය වෙද්දි නම් බව්වන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව, ආරක්ෂාවටත් වඩා උන්ගෙ ලස්සනට, කුලයට තමයි ලොකු වටිනා කමක් ලැබිලා තියෙන්නෙ. කොටින්ම කියනව නම් රුපියල් ලක්ෂ ගණන්වලට පවා බව්වො පැටව් විකිණෙනව. ඒ විතරක් නෙවෙයි සමහර බව්වොන්ගෙ දවසක වියදම රු. 500ටත් එහා පැත්තෙලු. අවාසනාව කියන්නෙ ගොඩ දෙනෙක් මේ බලු සබ්ජෙක්ට් එකට ආස කළාට අපේ රටට හරියන, තමන්ට ගැලපෙන බව්වෙක්