Skip to main content

අලුත් ජීවිතය ගැනත් කසුන් කල්හාර ගැනත් කුෂානි සඳරේඛා කියන කතාව


"2009 සිට පුද්ගලික හේතුවක් තිබුණා"
ඕනෑම සිතක්  වසඟයට පත් වෙන හඬක්  වගේම නර්තන ලාලිත්‍යක් කුෂාණි සදරේඛාට තිබෙනවා. ඇය ඒ මාධ්‍ය දෙකටම දක්ෂ වුණත් පසුගිය කාලයේ ම ඇයව දකින්න ලැබුණේ නැහැ. කාලෙකට පස්සේ කුෂාණි යළිත් කලාවත් එක්ක ගණුදෙනු කරන්න පටන් අරගෙන.ඒ වගේම ඇය ආයෙමත් විවාහ වුණා කියලත් අපිට ආරංචියි. ඒ ගැනත් අපි ඇහුවා. සංගීත ජිවිතේ තොරතුරු වගේම තවත් තොරතුරු හිරු ගොසිප් අපි ඇගෙන් විමසුවා.මේ ඒ කතාබහයි.

කුෂාණි සදරේඛා කාලයක් කලාවත් එක්ක ගණුදෙනු නොකර හිටියා.ආයෙමත් ඔබ වැඩකටයුතුවලට සම්බන්ධ වෙනවා .ඒ ගැන  කිව්වොත් ..?
මම නිර්මාණ එළිදක්වනවා අඩු නිසා මට හිතුණා ආයෙමත් ගීත කරන්න ඕන කියලා . ඒ වගේම මම අලුත් ගීත කරන්නේ නැද්ද කියලා හුඟදෙනෙක් මගෙන් ඇහුවා . තවමත් අහනවා .ඒ නිසා මම මගේ හඬින් ප්‍රයෝජන ගන්න ඕන කියලා හිතුවා.මේ දවස්වල ප්‍රවීණයින් කිහිප දෙනෙක් හා නවකයින් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා අලුත් ගීත කිහිපයක්ම කරන්න පටන් ගත්තා.
ඔබ වර්ෂ අටක් පමණ සංගීත ප්‍රසංග වලටත් සම්බන්ධ නොවී හිටියා .ඒ ඇයි ..නැවත ප්‍රසංග වේදිකාවට ඔබේ දායකත්වය ලබා දෙනවාද ..?
මම අන්තිමට රේඛා ඇල්බම් එක කළේ මිට වර්ෂ අටකට පමණ පෙර තමයි . ඊට පස්සේ ප්‍රසංග වේදිකාවට සමුදුන්නා. පුද්ගලික හේතු වගේම අධ්‍යාපන වැඩකටයුතු නිසා. දැන් ඒ හැමදෙයකින්ම නිදහස්. ආයෙමත් මම ප්‍රසංග වේදිකාවේ වගේම විදේශ සංචාර වලටත් සම්බන්ධ වෙනවා .
කාලයක් නොදැක හිටපු කුෂානිට තවමත් රසික ප්‍රතිචාර ලැබෙනවාද  .. ඒ වගේම ප්‍රසංග වලට හොද ඉල්ලුමක් තියනවද කියලත් මතක් කරමු ...?
මම කාලයක් ප්‍රසංග වේදිකාවට සම්බන්ධ නොවුණ නිසා ආරාධනා ලැබුණේ නැහැ .නමුත් දැන් නම් ගොඩක් ආරාධනා ලැබෙනවා.පුළුවන් විදිහට  කාලය වෙන් කරගෙන ඒවාට සම්බන්ධ වෙනවා. මාව නොදැක්කත් මගේ ගීත නිතරම ඇහුණේ නැතත් මට ලැබුණු ප්‍රතිචාරවල නම් අඩුවක් ඇත්තටම තිබුණේ නැහැ. ටිකක් හරි ප්‍රතිචාරවල අඩුවක් තිබුණා කියලා කෙනෙකුට හිතුණා නම් දැන් ඒ තත්ත්වය වෙනස්.
පුංචි තිරයට වගේම රිදී තිරයට පසුබිමින් ගයන්නත් ඔබට අවස්ථාවක් ලැබුණා නේද ..?
ආදරණිය කතාවක් චිත්‍රපටියට ගයන්න ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව පිළිගන්න වුණා ලස්සන නිර්මාණයක් නිසා. මමයි කසුන් කල්හාරයි  ඒ චිත්‍රපටයේ ආදරය කියන ගීතය ගයනා කරනවා. ඒ ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.ඒ වගේම හොද නිර්මාණ ලැබුණොත් භාර ගන්න කැමැත්තක් තියනවා.
ඔබ කාලයක් කසුන් කල්හාර එක්ක එකට වැඩ කරන එක නතර කරලා තිබුණා නේද ...?
ඔව්. අපි දෙන්නා එකට වැඩ කළා කාලයක් . නමුත් 2009 වර්ෂයේ සිට පුද්ගලික හේතුවක් මත අපි දෙන්නා එකට වැඩ කරන එක නතර කළා.නමුත් අපි ආයෙමත් එකට වැඩ කරන්න ඕන කියලා බොහෝ අය කිව්වා. ඒ වගේම අපිටත් හිතුණා අපි දෙන්නගේ දක්ෂතා එකට දකින එක හොදයි කියලා. දැන් අපි දෙන්නට එකට වැඩ කරන්න ගැටලුවක් නැති නිසා වැඩ කරනවා එකට. ඒ විදිහට ලැබුණු ආරාධනාවක් තමයි ආදරණිය කතාවක් කියන්නෙත්. එහි අධ්‍යක්ෂ මගෙන් ඇහුවා කසුන්ව කැමති කරගෙන හොද වැඩක් කරමුද කියලා.කසුන්ගේ අකමැත්තක් තිබුණේ නැති නිසා අපි ඒ නිර්මාණයට සම්බන්ධ වුණා.
කොහොමද පුද්ගලික ජිවිතේ ....?
හොඳයි වරදක් නැහැ. කලා වැඩකටයුතු එක්ක සමබරව පුද්ගලික ජීවිතෙත් සතුටින් ගෙනියනවා.
ජීවිතය වෙනස් වුණා කියලා ආරංචියි ...?
ඒක මගේ පුද්ගලික ජිවිතේ. මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ.


- හර්ෂණී වීරරත්න



Source - Hiru Gossip

Popular posts from this blog

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :