Skip to main content

Posts

Showing posts from April, 2017

ශිෆානිගේ අලුත්ම විලාසිතා

SOURCE- Harigossip

වැඩේ හොදයි! – හැබැයි ගබ්සා දොස්තරගේ නම ගලවන්න – මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ගෙන් ඉල්ලයි!

ඉරාජ් වීරරත්නගේ “වස්සාන හීනය” ගීතය පසුගිය දිනවල සමාජජාල තුල දැඩි කතාබහට ලක්විය. එම වීඩියෝවේ එක් අවස්ථාවක ගබ්සා වෛද්‍යවරයෙකුගේ දර්ශණයක් තිබෙන අතර එම වෛද්‍යවරයාගේ නම ලෙස සටහන් වන්නේ අබ්දුල් රාසික්! ඉරාජ් වීරරත්න වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම මියුසික් වීඩියෝවෙන් “අබ්දුල් රාසික්” යන නම ඉවත් කරන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. මුස්ලිම්වරුන් දැඩි ලෙස ගබ්සාවට විරුද්ධ බවත් එම නිසාම ගබ්සාව ශ්‍රී ලංකාව තුල තහනම් බවත් සඳහන් කරන මුස්ලිම් කවුන්සිලය එවන් තත්වයක් යටතේ මුස්ලිම් නමක් සහිත වෛද්‍යවරයෙකු යෙදීම හරහා සිය ආගමට අපහාස වන බව දක්වා තිබේ. කෙසේවුවද මෙම ඉල්ලීමට ඉරාජ් වීරරත්න තවමත් ප්‍රතිචාර දක්වා නැත. එම ලිපිය ඔබට පහතින් නැරඹිය හැක. SOURCE- Harigossip

නිරුවත සමඟ හොඳ ගණුදෙනුවකට සිනමාවේදියෙකු හට අනෝමා ජනාදරීගෙන් ආරාධනාවක් - Photos

‘‘මම මාකට් කළේ පූර්ණ නිරුවත“ ‘‘මිනිස්සු හැම ගෑනු ඇඟක් දිහාම බලන්නේ ආසාවෙන්..“ ‘‘මම රඟපාන්න ඕනේ හොඳ ලිංගික චිත්‍රපටයකයි..“ අනෝමා ජනාදරිගේ නම ඇසුණු ගමන්ම කාගේත් මතකයට එන්නේ ඇය කරන විලාසිතා ගැනයි. බොහෝ අය නම් කියන්නේ වයසට ගැළපෙන විලාසිතා ඇය කරන්නේ නැහැ කියලයි. කොහොම නමුත් ඇය සිනමාව හා පුංචි තිරය තුළ ප්‍රබල රංගනයක යෙදෙන රංගන ශිල්පිණියක්. මේ ඇය සමග පුවත්පතක් කළ කතා බහයි. දැන් ගෙවන ජීවිතය ගැන  හිතට එකඟව සතුටුද? මේ වෙනකොට මගේ වෘත්තීය ජීවිතයත් අරගලයක්. මට චරිතයක් ලැබුණම ඒ චරිතයේ සමාජ දේශපාලන අන්තර්ගතය වටහාගෙන මෙය රඟපෑම පළවෙනි අරගලයයි. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන්නේ ඉවරයක් නැති අරගල විතරයි? ඔව්. ලංකාවේ ටෙලි හා සිනමා කර්මාන්තයේ මගේ රංගනයට අදාළව වෘත්තීය හිමිකම ලබාගැනීමත් මගේ ජීවිතේ අරගලයක්. මම මුලින් කිව්ව පළවෙනි අරගලයට අවශ්‍ය මම වගාකරගත්තු දැනුම, ගුරුහරුකම්, පර්යේෂණ කරන අරගලය තවමත් මට මූණදෙන්න පුළුවන් අරගලයක්. ඒත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම කියන අරගලය බහුපාර්ශ්විකයි. එයට මාධ්‍යයේත් සදාචාරයේත් උදවු ඕන වෙනවා. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයත් ඔබට අරගලයක් වුණාද? තනි තටුවට ගෙ

අතුල - සමිතාගේ දියණිය කවින්ද්‍යා අධිකාරී සිනමාවට - Photos

‘‘ඒ දෙන්නාගේ රසිකයන් මට ඒ විදිහටම ආදරය කරාවි..“ ‘‘දිගටම සිනමාවේ ඉන්න එකක්‌ නැහැ..“ අතුල - සමිතාගේ දුව කවින්ද්‍යා අධිකාරී අපි දන්න විදිහට ගායනයෙන් තමයි ඉදිරියට එන්නේ. ඇය දැනටමත් ගීත කිහිපයක්‌ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ දැන් කියන්න යන්නේ කවින්ද්‍යාගේ අලුත්ම ගීතය ගැන නෙමෙයි. ඇගේ සිනමා ආගමනය පිළිබඳවයි. කවින්ද්‍යා සිනමාවට එනවා කියලා තමයි ආරංචිය ? ඔව්. ඒ ආරංචිය ඇත්ත. මොකද ඒ ගැන හිතෙන්නේ ? ඒ ගැන නම් ලොකු සතුටක්‌ තියෙන්නේ. ඔබ මීට කලින් සිනමාවට එන්නේ නැහැ කියලා නේද කිව්වේ ? ඔව්. එහෙම කිව්වා තමයි. එහෙනම් ඇයි දැන් සිනමාවට එන්න අදහස්‌ කළේ ? ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ. කවින්ද්‍යාට ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබෙන්නේ. මේක ගොඩක්‌ දෙනෙක්‌ට ලැබෙන්නේ නැති අවස්‌ථාවක්‌? අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු

සෙල්ෆි ඡායාරූපය මිනිස්සුන්ව පුදුම කරපු හැටි - Photo

මේ තිබෙන ඡායාරූපය ඔබට බැලු බැල්මට පෙනෙන්නේ ලස්සන තරුණ ජෝඩුවක් සෙල්ෆි ඡායාරූපයකට පෙනි සිටිනවා විය හැකියි. නමුත් හොඳින් බලන්න මේ ඡායාරූපයේ පිටුපස තිබෙන වීදුරු කණ්ණාඩිය. ඔබට යම්කිසි අමුත්තක් දැනෙවී. මේ ඡායාරූපය දුටු බොහෝදෙනා එක්වරම තිගැස්මට පත්වෙලා තියෙනවා. සමාජ ජාල වෙබ් අඩවි තුල මෙම ඡායාරූපය ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. කෙසේවුවත් මෙය Photoshop භාවිතයෙන් සකසන ලද්දක් බවනම් පැහැදිලියි. SOURCE- Rategossip

වෙනින් තරුණයෙක් සමග යහන් ගත වුන පෙම්වතියට අමතක නොවන පාඩමක් උගන්වපු පෙම්වතා - photo

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්තාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිළිබද විදෙස් පුවත් තොරතුරු වාර්තාකර තිබෙනවා. අදාල තරුණයා නිවසට පැමිණෙනවිට ඔහුගේ පෙම්වතිය මත් පැන්ද පානයකර මෙලෙස වෙනත් තරුණයෙකු සමග ඇදේ නිදාගෙන සිට ඇතිබවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එහෙත් මෙම පෙම්වතා කිසිදු කලබලයකින් තොරව ඔවුන් දෙදෙනාගේ ජායාරූප ලබාගෙන තිබෙනවා. එමෙන්ම තිදෙනාම පෙනෙන ලෙස සෙල්ෆි ජායාරූපයක්ද ලබාගෙන ඇති ඔහු එවා ෆේස්බුක් සමාජජාලයට මුදාහැර ඇතිබවයි විදෙස් වාර්තාවල වාර්තා කර තිබෙන්නේ. SOURCE- Rategossip

ඡායාරූප ගන්න ගිහින් ප්‍රපාතයට වැටුනු ජිවිතයට අමතක නොවන පාඩමක් කියලා දිපු හැටි - video

ජිවිතේ පරදුවට තියල ෆොටෝ ගන්න අය ඕන තරම්. එහෙම ගිහිල්ල ජීවිතේට නැවතීමේ තිත තියාගන්න අය ගැනත් අහන්න ලැබෙනවා. එහෙම ෆොටෝ එකක් ගන්න ගිහින්, ලොකු අනතුරකට මුහුණපාල කෙනෙක් ජිවිතේ බේරාගත්තා. ඒ අවස්තාව කැමරාවක සටහන් වෙලා තිබුණා. මේ සිදුවීම වුණේ චීනයේ. කන්දක් උඩ තියෙන ගල් කුලක එල්ලිලා ඡායාරූපයක් ගන්න ඔහු එක පාරටම අත අතහැරිලා බිමට වැටෙනවා. හැබැයි ඒ පහල තියෙන ප්‍රපාතයේ කොටසක එල්ලිලා යතම් දිවි බේරගන්න වාසනාවත් එක්ක. බරපතල තුවාල එක්ක දැන් රෝහලේ ඉන්න මෙයාට, මේ වගේ වැඩ ආයේ නොකරන්නම පාඩමක් ඉගෙනගන්න ලැබිලා තියෙනවා. SOURCE- Rategossip

පංසලට යන විදිය, පාටියකට යන විදිය එකකට එකක් වෙනස්

​ නිරූපිකාවක් වෙන්න ආසාව තියෙන ගෑණු ළමයි ඕන තරම් ඉන්නවා!   මේ ක්ෂේත්‍රයට එන්න ආසාව, වුවමනාව තියෙන කෙනෙක්ට මම මුලින්ම කියන්නේ තමන් ගැන හිතන්න ඕන කියලා තමයි. ඒ කියන්නේ එකක්, තමන්ගේ රූපය, සිරුර ගැන විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම විශ්වාසයක් ඇති වෙන්න නම් තමන්ගේ රූපය සහ ශරීරය හොඳට පවත්වා ගන්න ඕන. ඒ වගේම තමයි තමන්ගේ තත්වය ‍රැකගෙන, මේක වෘත්තියක් විදියට කරන්න, තමන්ගේ වැඩේ හරියට කරලා යන්න හැකියාව තියෙන්න ඕන. ඇත්තටම ආසාව විතරක් තිබුණට විතරක් මදි. තමන්ට මේ ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්න වුවමනායි කියලා හිතනවා නම්, තමන් ගැන විශ්වාසය තියෙන්න ඕන. අර මම කිව්ව දේවල් කරන්න, කැපකිරීම් කරන්න, කැපවීමෙන් මේ ක්ෂේත්‍රයේ තමන්ගේ ටාගට් එකට යන්න පුලුවන් වෙන්නේ ඒ විශ්වාසය තියෙනවා නම් තමයි. මම හිතනවා මේ ක්ෂේත්‍රයට එන්න වුවමනාවක්, උනන්දුවක් තියෙන කෙනෙක්ට මේ විදියට වැඩ කරන්න පුලුවන් නම් ඉහළටම යන්න පුලුවන්, වරදින්නේ නැහැ කියලා. ඇ‍ඟෙන් එන දෙය වගේම ඉගෙනීමෙන් එන දෙයත් තියෙන්න ඕන විශිෂ්ට නිරූපිකාවක් වෙන්න නම්! නිරූපණ ශිල්පියෙක් ශිල්පිණියක් වෙන්න පුහුණු පාසැලකට ගිහින් ඉගෙන ගන්න ඕනෑමයි කියලා එකක් නැහැ, මම හිතන විදියට. නි