Skip to main content

අඳුර පරදා ජීවිතය ජයගත් ආදර යුවළක් යුගදිවියට

blindරත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරන අවධියේදී දැන හැදිනගෙන විවාහ මංගල්‍ය දක්වා ගිය දෘශ්‍යාබාධිත යුවළකගේ මංගල උත්සවයක් ඉකුත් 28දා මාවනැල්ල උත්සව ශාලාවකදී සිදු කෙරිණි.
මාවනැල්ලේ චන්ද්‍රාංගනී සෙනෙවිරත්න උපතින්ම අන්ධය. පසුව මවුපියන් චන්ද්‍රාංගනීව රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කරන්නේ අන්ධ වුවත් ඉගෙනුමට ඇති අති දක්ෂකම නිසාමය. චන්ද්‍රාංගනී ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද මහත් උනන්දුවක් දක්වන්නීය. මතුගම පොලේගොඩ සිට පැමිණ අන්ධ විද්‍යාලයේම අධ්‍යාපනය ලබන ඉෂාර ලක්මාල් නුවන්සිරිද තවත් එවැන්නෙක්ය. චන්ද්‍රාංගනීත් ඉෂාරත් රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ට වඩා තරමක් ඉදිරියෙන් අධ්‍යාපනය සිටි දක්ෂයන්ය. අවසානයේ දෙදෙනාම විභාග ඉහළින් සමත් වී විශ්ව විද්‍යාල වරම් ද හිමිකර ගත්හ. චන්ද්‍රාංගනීටත් ඉෂාරටත් පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ දොර ඇරිණි. 2013 වර්ෂයේ චන්ද්‍රාංගනීත් ඉෂාරත් උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිට විය. පසුව දෙදෙනාටම ගුරු පත්වීම්ද ලැබිණි.
මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයට පළමු පත්වීම ලැබූ චන්ද්‍රාංගනීට පසුව එම විද්‍යාලයේ දරුවන්ට සිංහල ඉතිහාසය ඉගැන්වීමට ලැබිණි. මතුගම පොලේගොඩ මහා විද්‍යාලයේ දරුවන් හට බුද්ධාගම ඉතිහාසය ඉගැන්වීමට ඉෂාර ලක්මාල්ට හිමි විය. ඔය අතරතුර මීට වසර දෙකක පමණ ඉහතදී දිනක් ඉෂාර චන්ද්‍රාංගනීගේ ජංගම දුරකතනයට ඇමැතුමක් ගෙන කළ ඉල්ලීමකට අනුව විවාහය තීන්දු කරගෙන තිබේ.
ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍ය ඉකුත් 28 වැනිදා මාවනැල්ල උත්සව ශාලාවකදී සිදු කෙරුණේ සියලු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින්ය. පෝරුවේ චාරිත්‍ර, විවාහය ලියා පදිංචි කිරීම, දහවල් කෑම මේසය, ඡායාරූප ගැනීම හා උත්සව සභාවේ කටයුතු සිදු වූයේ දෙපාර්ශ්වයේම පැමිණ සිටි ඥාතීන්ගේ නෙතට කදුළක් එක්කරමින්ය. අවසානයේ සවස ඉෂාරත් චන්ද්‍රාංගනීත් විවාහ මංගල උත්සව ශාලාවෙන් පිටව ගියේ මාවැනල්ලේම පිහිටි හෝටලයක මධුසමය ගත කිරීමටය. මධුසමය ගත කිරීමට යෑමට පෙර චන්ද්‍රාංගනී මෙසේ ප්‍රකාශ කළාය.
අපි දෙන්නා රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදිවත් විශ්ව විද්‍යාල කාලයේදීවත් ආදර සම්බන්ධයක් තිබුණේ නෑ. දෙන්නම එක විදියට ඉගෙන ගත්තා. ඉෂාර ගැන නම් මගේ හිතේ කිසිම දෙයක් තිබුණෙ නෑ. නමුත් ඉෂාරට නම් මා ගැන හිතේ තිබුණාද කියා මා කියන්න දන්නේ නෑ. කොහොමටත් අපි දෙන්නාගේම විවාහය සිදු කිරීමට තීරණය කිරීමේදී කිසිම ගැටලුවක් මතු වුණේ නෑ. ඉෂෘරට තරහා ගියාම මම නිවිලා ඉන්නවා. මටත් පොඩ්ඩක් තරහ ගිය බව දැන ගත්තම ඉෂාරත් පාඩුවේ ඉන්නවා කියලා කිව්වා. එතකොට අපි දෙන්නාම සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. වර්තමානයේ තරුණ තරුණියෝ බොහෝ පිරිසක් අඩු වයසින් විවාහ වෙනවා. ඒ අයට අධ්‍යාපනයකුත් නෑ. රැකියාවකුත් නෑ. එතකොට ප්‍රශ්න වැඩියි. ඒ අය විවාහය කියන අකුරු හතරේ තේරුමවත් දන්නේ නෑ. අපි දෙන්නා අන්ධ විද්‍යාලයෙන් ඉගෙන ගත්තා විශ්ව විද්‍යාලයේ ගියා, රජයේ රැකියා ලැබුණා. නියමිත කාලයට විවාහ වුණා. නියමිත කාලයට විවාහ වුණා. සාර්ථක ජීවිතයක් මෙතැන් පටන් ගෙවීමට බලාපොරොත්තු වෙනවා.
    
ජනයුගය – 2017.07.31

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.