Skip to main content

මට තිබුණ ක්‍රිකට්‌ උණත් එක්‌ක කල්ලි ගැහෙන්න වෙලාවක්‌ තිබුණෙ නෑ

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ලොකු පොඩි කවුරුත් දන්න චරිතයක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මතකයට නැගුනු බොහෝ දෙනෙකුට ඊළගට මතක් වෙන චරිතයක් තමයි ඔහු. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන  ඩිල්ෂාන් ඔහුගේ ඉලන්දාරි කාලේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

ඉලන්දාරි කාලෙ?
වැඩිපුරම ගැවසුණේ ක්‍රීඩා පිට්‌ටනිවල. ගෙදරින් එළියට ගියොත් කාට වුණත් මාව හොයාගන්න වෙන්නේ පිට්‌ටනියකදී තමයි. පුංචි ළමයි ටිකක්‌ ක්‍රිකට්‌ ගහනව දැක්‌කත් මම නතර වෙලා ඒ දිහා බලන් ඉන්නව ඇරෙන්න මම ඉලංදාරියෙක්‌ කියල මට හිතුනෙම නෑ.

පාසල?
කළුතර මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවෙ. අධ්‍යාපන කටයුතුවල හොඳින් නියෑලුණා. ඒත් වැඩිපුරම හිත තිබුණේ ක්‍රීඩා පිටියෙ. උදේ පන්තියට ඇතුළු වෙන්නෙත් සෙල්ලම් කරල. ඉන්ටර්වල් එකෙත් එහෙමයි. ඉස්‌කෝලෙ ඇරුනම කොහොමටවත් ගෙදර ආවෙ නෑ.

යාළුවෝ?
මට හිටපු යාළුවො නම්වලින් කියන්න ගියොත් පොතක්‌ පිරෙන්න ලියන්න පුළුවන් මොකද හැමෝම යාළුවො. ප්‍රියංකර, චිත්‍රක, නලීන් (බජව්) තමයි ළඟින්ම හිටියෙ. අදටත් අපි පුළුවන් වෙලාවට හමුවෙනවා.

පටබැඳුණු නම්?
විශේෂයෙන් කියල අපි දාගත්තු විකට නම් තිබුණෙ නෑ. අපි හැමෝම අපේ නම් කෙටි කරල දාගෙන තමයි කතා කළේ. මට හැමෝම කිව්වෙ ඩිලා කියලා. අදටත් මම ඉස්‌කෝලෙ යාළුවො අතර ඩිලා.

කල්ලි ගැහුණු තැන්?
මට තිබුණ ක්‍රිකට්‌ උණත් එක්‌ක කල්ලි ගැහෙන්න වෙලාවක්‌ තිබුණෙ නෑ. හැමදාමත් මම කැමතිම ස්‌ථානය වුණේ පිට්‌ටනිය නිසා ඉඩක්‌ ලැබුණ ගමන් මම හිටියෙ එතන. ඉතින් යාළුවො මාව හොයාගෙන සෙට්‌වෙන්න එන්නෙත් පිට්‌ටනිවලට නිසා අපි කල්ලි ගැහුණේ ඒ තැන්වලමයි.

කරපු දඟ වැඩ?
කාටවත් කරදරයක්‌ වෙන කාගෙවත් හිත නරක්‌වෙන දඟ වැඩ නම් අපි කළේ නෑ. ඒත් නඩේ සෙට්‌ වුණාම ගහක අඹ ගෙඩියක්‌, ඇඹරැල්ල ගෙඩියක්‌ තියෙනව පේන්න බැහැ. වන් ෂොට්‌ ගල් ගහල කඩාගෙන කනව.

කරපු හොඳ වැඩ?
අපේ ගේ තිබුණෙ කළුතර ටිකක්‌ උස්‌ බිමක. තැඹිලි විකුණන මනුස්‌සයෙක්‌ නිතරම ෆුට්‌ සයිකලේකින් තැඹිලි වලු හතරක්‌ පහක්‌ අරන් හරි අමාරුවෙන් කන්දෙ සයිකලේ තල්ලු කරනවා. මම තමයි හැමදාම ඒක තල්ලු කරන්න උදව් කළේ. හැමදාම ඒ මනුස්‌සය මට යෝධ බල, යෝධ ශක්‌තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරල යනවා.

විනෝදාංශ?
විනෝදාංශ විදියට කළෙත් සෙල්ලමම තමයි. එක්‌කො අපි මැච් එකක්‌ ගහනවා. නැත්නම් කොහේ හරි කාගෙ හරි මැච් එකක්‌ කට ඇරන් බලන් ඉන්නවා. ෆිල්ම් එකක්‌ බලන්න, මියුසිකල් ෂෝ එකක්‌ බලන්න ගියේ බොහොම කලාතුරකින්.

අමතක නොවන සිදුවීම්?
අපි යාපනේ පදිංචිවෙලා ඉන්න කාලෙ පොලිසියේ අංකල්ල වගයක්‌ වොලිබෝල් ගැහුවා අපේ ගේ ළඟ ග්‍රවුන්ඩ් එකක. එක පාරටම අපේ ගේ පැත්තට බෝලෙ ආවා. මම ඒකට පයින් ගැහුවා. ඒකට අර අන්කල්ලට කේන්ති ගියා මොකද ඒ අය ක්‍රීඩාවට ගරුකරන නිසා. ඕක අපේ තාත්ත දැකල මාව යාපනේ ටවුන් එකට එක්‌ක ගිහින් ෆුට්‌ බෝලයක්‌ අරන් දුන්නා.

දෙමවුපියෝ?
මගේ ක්‍රිකට්‌ ගැහිල්ලට අම්ම කොහෙත්ම කැමති වුණේ නෑ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙයි කියලා. තාත්ත ෆුට්‌ බෝල් ක්‍රීඩකයෙක්‌ නිසා ඔහුගෙ ලොකු උනන්දුවක්‌ තිබුණා මාව ඒ ක්‍රීඩාවට යොමුකරන්න. ඒත් මගේ දක්‍ෂකම් දැකපු කීර්ති සර් (අද ජීවතුන් අතර නැහැ) සුනිල් සර් අදටත් කළුතර විද්‍යාලෙ ඉන්නවා ඒ අයව ගෙන්නලා මම ක්‍රිකට්‌ ක්‍රීඩාවෙ නියෑලෙන්න අවසර අරන් දුන්නා.

අහල පහල අය?
මම මිදුලට බැස්‌සොත් ගල්කැට උඩ දාල බැට්‌ එකෙන් ගහනවා. ඒවා අහල පහල ගෙවල්වලට වදිනව කියල සුළු සුළු පැමිණිලි අහල පහල අයගෙන් තිබුණා. ඒත් මා එක්‌ක කිසි කෙනෙක්‌ අමනාප නෑ.

බලාපොරොත්තු?
කවද හරි ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වෙනව කියන එක. ඒක ඒ විදියටම ඉටුවුණා.

ධම්මික හේවාවසම්

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :