Skip to main content

මට තිබුණ ක්‍රිකට්‌ උණත් එක්‌ක කල්ලි ගැහෙන්න වෙලාවක්‌ තිබුණෙ නෑ

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ලොකු පොඩි කවුරුත් දන්න චරිතයක්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මතකයට නැගුනු බොහෝ දෙනෙකුට ඊළගට මතක් වෙන චරිතයක් තමයි ඔහු. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන  ඩිල්ෂාන් ඔහුගේ ඉලන්දාරි කාලේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා.

ඉලන්දාරි කාලෙ?
වැඩිපුරම ගැවසුණේ ක්‍රීඩා පිට්‌ටනිවල. ගෙදරින් එළියට ගියොත් කාට වුණත් මාව හොයාගන්න වෙන්නේ පිට්‌ටනියකදී තමයි. පුංචි ළමයි ටිකක්‌ ක්‍රිකට්‌ ගහනව දැක්‌කත් මම නතර වෙලා ඒ දිහා බලන් ඉන්නව ඇරෙන්න මම ඉලංදාරියෙක්‌ කියල මට හිතුනෙම නෑ.

පාසල?
කළුතර මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවෙ. අධ්‍යාපන කටයුතුවල හොඳින් නියෑලුණා. ඒත් වැඩිපුරම හිත තිබුණේ ක්‍රීඩා පිටියෙ. උදේ පන්තියට ඇතුළු වෙන්නෙත් සෙල්ලම් කරල. ඉන්ටර්වල් එකෙත් එහෙමයි. ඉස්‌කෝලෙ ඇරුනම කොහොමටවත් ගෙදර ආවෙ නෑ.

යාළුවෝ?
මට හිටපු යාළුවො නම්වලින් කියන්න ගියොත් පොතක්‌ පිරෙන්න ලියන්න පුළුවන් මොකද හැමෝම යාළුවො. ප්‍රියංකර, චිත්‍රක, නලීන් (බජව්) තමයි ළඟින්ම හිටියෙ. අදටත් අපි පුළුවන් වෙලාවට හමුවෙනවා.

පටබැඳුණු නම්?
විශේෂයෙන් කියල අපි දාගත්තු විකට නම් තිබුණෙ නෑ. අපි හැමෝම අපේ නම් කෙටි කරල දාගෙන තමයි කතා කළේ. මට හැමෝම කිව්වෙ ඩිලා කියලා. අදටත් මම ඉස්‌කෝලෙ යාළුවො අතර ඩිලා.

කල්ලි ගැහුණු තැන්?
මට තිබුණ ක්‍රිකට්‌ උණත් එක්‌ක කල්ලි ගැහෙන්න වෙලාවක්‌ තිබුණෙ නෑ. හැමදාමත් මම කැමතිම ස්‌ථානය වුණේ පිට්‌ටනිය නිසා ඉඩක්‌ ලැබුණ ගමන් මම හිටියෙ එතන. ඉතින් යාළුවො මාව හොයාගෙන සෙට්‌වෙන්න එන්නෙත් පිට්‌ටනිවලට නිසා අපි කල්ලි ගැහුණේ ඒ තැන්වලමයි.

කරපු දඟ වැඩ?
කාටවත් කරදරයක්‌ වෙන කාගෙවත් හිත නරක්‌වෙන දඟ වැඩ නම් අපි කළේ නෑ. ඒත් නඩේ සෙට්‌ වුණාම ගහක අඹ ගෙඩියක්‌, ඇඹරැල්ල ගෙඩියක්‌ තියෙනව පේන්න බැහැ. වන් ෂොට්‌ ගල් ගහල කඩාගෙන කනව.

කරපු හොඳ වැඩ?
අපේ ගේ තිබුණෙ කළුතර ටිකක්‌ උස්‌ බිමක. තැඹිලි විකුණන මනුස්‌සයෙක්‌ නිතරම ෆුට්‌ සයිකලේකින් තැඹිලි වලු හතරක්‌ පහක්‌ අරන් හරි අමාරුවෙන් කන්දෙ සයිකලේ තල්ලු කරනවා. මම තමයි හැමදාම ඒක තල්ලු කරන්න උදව් කළේ. හැමදාම ඒ මනුස්‌සය මට යෝධ බල, යෝධ ශක්‌තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරල යනවා.

විනෝදාංශ?
විනෝදාංශ විදියට කළෙත් සෙල්ලමම තමයි. එක්‌කො අපි මැච් එකක්‌ ගහනවා. නැත්නම් කොහේ හරි කාගෙ හරි මැච් එකක්‌ කට ඇරන් බලන් ඉන්නවා. ෆිල්ම් එකක්‌ බලන්න, මියුසිකල් ෂෝ එකක්‌ බලන්න ගියේ බොහොම කලාතුරකින්.

අමතක නොවන සිදුවීම්?
අපි යාපනේ පදිංචිවෙලා ඉන්න කාලෙ පොලිසියේ අංකල්ල වගයක්‌ වොලිබෝල් ගැහුවා අපේ ගේ ළඟ ග්‍රවුන්ඩ් එකක. එක පාරටම අපේ ගේ පැත්තට බෝලෙ ආවා. මම ඒකට පයින් ගැහුවා. ඒකට අර අන්කල්ලට කේන්ති ගියා මොකද ඒ අය ක්‍රීඩාවට ගරුකරන නිසා. ඕක අපේ තාත්ත දැකල මාව යාපනේ ටවුන් එකට එක්‌ක ගිහින් ෆුට්‌ බෝලයක්‌ අරන් දුන්නා.

දෙමවුපියෝ?
මගේ ක්‍රිකට්‌ ගැහිල්ලට අම්ම කොහෙත්ම කැමති වුණේ නෑ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙයි කියලා. තාත්ත ෆුට්‌ බෝල් ක්‍රීඩකයෙක්‌ නිසා ඔහුගෙ ලොකු උනන්දුවක්‌ තිබුණා මාව ඒ ක්‍රීඩාවට යොමුකරන්න. ඒත් මගේ දක්‍ෂකම් දැකපු කීර්ති සර් (අද ජීවතුන් අතර නැහැ) සුනිල් සර් අදටත් කළුතර විද්‍යාලෙ ඉන්නවා ඒ අයව ගෙන්නලා මම ක්‍රිකට්‌ ක්‍රීඩාවෙ නියෑලෙන්න අවසර අරන් දුන්නා.

අහල පහල අය?
මම මිදුලට බැස්‌සොත් ගල්කැට උඩ දාල බැට්‌ එකෙන් ගහනවා. ඒවා අහල පහල ගෙවල්වලට වදිනව කියල සුළු සුළු පැමිණිලි අහල පහල අයගෙන් තිබුණා. ඒත් මා එක්‌ක කිසි කෙනෙක්‌ අමනාප නෑ.

බලාපොරොත්තු?
කවද හරි ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වෙනව කියන එක. ඒක ඒ විදියටම ඉටුවුණා.

ධම්මික හේවාවසම්

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.