Skip to main content

Posts

Showing posts from October, 2018

ලහිරු 3D සිංදුවක් කරලා

ලහිරු පෙරේරා කියන්නේ වෙනස්ම විදිහේ වැඩ කරන ගායන ශිල්පියෙක්නේ. රම්බරි ඉඳලා මේ වෙනකන්ම ලහිරු එකිනෙකට වෙනස් අළුත්ම දේවල් තමයි එයාගේ රසිකයන්ට ලබා දුන්නේ. ඉතින් ලහිරුගේ අළුත් ගීතයත් ඒ වගේම වෙනස් එකක්. “ඩම් ඩම්” කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. මේ ගීතයේ රූප රචනාව ලහිරු 3D තාක්ෂණය යොදාගෙන තිබුණා. ලහිරුගේ එම ගීතය පහතින් නරඹන්න.

රූ රැජිනක් වෙන්න මට බලපෑවේ රූපය

  දුෂේනි මියුරංගී කියන්නේ කෙටි කාලයක් තුළ පේ‍්‍රක්ෂක ආදරය දිනා ගත් රුවැත්තියක්. ටෙලි නිර්මාණ ගණනාවකින් පේ‍්‍රමණීය හදවත්වලට සමීප වූ ඇය මේ දිනවල විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයෙහි මහා ප‍්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතයට ද පණ පොවයි. කොහොමද දුෂේනිට මහා ප‍්‍රජාපතී දේවිගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ? හිරු නාලිකාව සමග ගෙවුණු අවුරුදු 2 1/2 ඇතුළත ගොඩක් වැඩ කරලා තියෙනවා. මේ නිර්මාණයට මට කතා කළේ ප‍්‍රභාත් අයියා. අකිල අබේරත්න (අධ්‍යක්ෂක) ඇතුළු හිරු නාලිකාවේ අනුමැතියත් සමග මාව ඒ චරිතයට තෝරා ගත්තේ. කලාවට ඇවිත් බොහොම පුංචි කාලයයි. මේ කාලය ඇතුළේ රංගනය තුළ දැනෙන චරිතයත් කරන්න ලැබුණාද? 2015 ෂඔභ අවුරුදු කුමරිය වුණාට පස්සේ තමයි මම රංගනයට ආවේ. කලාවට ආවට පස්සේ මට ගොඩක් හොඳ චරිත ලැබුණා. ක්ෂේත‍්‍රයේ නවකයෙක් විදිහට ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ තාක් ලැබිලා තියෙන්නේ පෙම්වතියගේ චරිත. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබුණම මුලින්ම මට පුදුම හිතුණා. මේ වගේ බෞද්ධ, ශ්‍රේෂ්ඨ චරිතයකට පණ පොවන්න මට හැකි වේවිද කියලා. ඇත්තටම මහා ප‍්‍රජාපතී දේවියගේ චරිතය මගේ රංගන ජීවිතේ ල

කකුල් දෙක බලා කාන්තාවක් සැබෑවටම පිරිසිදුව සිටින්නේද නැද්ද යන්න දැනගන්න පුළුවන්

හිරු ටීවී, හිරු ස්ටාර් රියැලිටි ටෙලිවිෂන් සජීවිකරණ වැඩසටහන හරහා සෑම සති අන්තයකම අප ආලින්දයට එන තරු පිරිවර අතර විරාජමාන වන විරාජිනියක් ලෙසට අද ඇය වඩාත් ජනාදරයට පාත්‍ර වී ඇත. තම හඬින් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලබනා ඇය, රුවින් ද ඔබේ මතකයේ රැඳී ඇත්තේ නොමැකෙන ලෙසය.  ඔබ සතියෙන් සතිය ගොඩක් ලස්සන වෙන බවයි පෙනෙන්නේ. මොකක්ද රහස? මම සාමාන්‍යයෙන් විලාසිතා කරන්න බය නැති කෙනෙක්. ඒ නිසා සතියෙන් සතියට කොණ්ඩා මොස්තරය වෙනස් කරනවා. ඇඳුම් පැළඳුම් පවා විවිධාංගිකරණය කරනවා. මම හිතනවා මගේ ඇඟට ගවුම, සල්වාරිය වගේම සාරියත් එක ලෙස ගැලපෙනවා කියා. ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේදී මට ගැලපෙන ඇඳුම් විලාසිතාව තෝරා ගන්නවා වගේම පාට කෙරෙහිත් මම තරමක් සැලකිලිමත්. එකම පුද්ගලයෙක්ව එකම විදිහට දකින එක නතර කරන්නයි මම විවිධ වෙනස්කම් කරමින් රියැලිටි වැඩසටහන්වලට සහභාගි වෙන්නේ. ඒ වෙනස වෙන්න ඇති දින දින මා ලස්සන කරන්නේ. කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්්වාස කරනවාද? ලස්සන සාපේක්‍ෂව දකින දෙයක්. සෑම කාන්තාවක්ම ප්‍රියමනාපව සිටිය යුතු බවයි මගේ හැඟීිමනම්. ප්‍රියමනාප බව කියා මා මෙහිදී අදහස් කළේ මුහුණේ ස්වභාවයවත්, හමේ පාටවත්, කෙට්ටු ශරීරයක

ප්‍රංශ හරි ජර්මන් හරි ගීතයක් ගායනා කරන්න ලැබුණොත් නම් ඒක ටිකක් අමාරු වෙන්න තිබුණා

ඉන්දියාවේ පියා වූ මහත්මා ගාන්ධිගේ එකසිය පනස් වෙනි ජන්ම දිනය වෙනුවෙන් ගැයූ භජන් ගීතයට ලංකාවෙන් භාතිය, සංතුෂ් සහ උමාරියාට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා... කොහොමද ඒ අවස්ථාව ලැබුණේ...? (මේ පිළිබඳව අපිට මුලින්ම අදහස් කිව්වේ භාතියයි) අපිට ඒ ආරාධනාව ලැබුණේ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකාවේ තියෙන ඉන්දියානු තානාපති කාර්යාලය හරහා තමයි අපිට ඒ ආරාධනාව ලැබුණේ. ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා බෙහෙරා මහත්මිය තමයි මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කළේ. දැනට තාරුණ්‍යය සහ සියලු වයසකම අය කැමැත්ත තියෙන කලාකරුවන් කිහිපදෙනෙක් ඔවුන් සොයලා තියෙනවා. ඒ අනුව තමයි සංතුෂ්ටත්, මටත්, උමාරියාටත් මේ අවස්ථාව ලැබුණේ. ඒ අනුව තමයි අපි එකතුවෙලා මේ ගීතය ගායනා කළේ. මේ අවස්ථාව ලැබුණාම සංතුෂ් මොකද හිතුණේ...? ඇත්තටම මේ අවස්ථාව අපිට ලැබුණහම අපි හොඳයි කියලා අපි හිතුවා. අපේ ගමන ගත්තොත් ඒ කාලේ ඉඳන්ම ජාත්‍යන්තරයත් එක්ක පුළුවන් තරම් අපේ සංගීතය, අපේ ශ්‍රී ලාංකික හඬ, අපේ අනන්‍යතාවය ගොඩාක් අපි අපේ සංගීතයට එකතු කරගන්න තමයි අපි හැමවෙලේම උත්සාහ කළේ. ඉතින් මේකත් අපිට හොඳ අවස්ථාවක්. ඒ නිසා හරිම කැමැත්තෙන් ඒ අවස්ථාවට අපි එකතු වුණා. ග

අපි දෙන්නා ගෙදරට හොරෙන් විවාහ වෙලා කුලියට ගෙයක් අරගෙන ජිවත් වුණේ.

ගී අඹරේ අමරණිය හඩක් වූ අමරා රණතුංගයන් පසුගියදා යන්නටම ගියා. ඔහුගේ ආදරණිය ස්වාමියා දු දරුවන් තනිකර. ජිවතුන් අතර සිටිද්දී ඒ නිරහංකාර චරිතය කොයි වගේද යන්න. ප්‍රවීණ ගායක  දයාරත්න රණතුංගයන් වගේම පුතණුවන් පුවත්පතකට මේ විදිහට කතා කර තිබෙනවා. මේ ඒ කතාබහයි “අපේ පවුලේ මමයි අයියයි නංගියි ඉන්නේ. අයියා ඉන්නේ විදෙස් ගතවෙලා. අම්මාගෙ මරණයත් සමග අයියා ලංකාවට ආවා. නංගි මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක්. අපේ පුංචි කාලේ හරි අපූරුයි. මේ රටේ බොහෝ ප්‍රවීණ සංගීත අංශයේ ශිල්පීන් අපට ඇසුරු කරන්නට ලැබුණා. මමයි අයියයි ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. සමහර දවස්වලට අපි ඉස්කෝලේ ඇරිලා එක්කෝ ගුවන් විදුලියට යනවා. එහෙම නැත්නම් සෞන්දර්යය කලායතනයට යනවා. ඒ දවස්වල තාත්තා ගුවන් විදුලියේ සංගීත අංශයේ අධ්‍යක්ෂ. අම්මා සෞන්දර්ය කලායතනයේ කථිකාචාර්යවරියක්. අපි මේ තැන් දෙකෙන් කොතැන හරි තමයි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම තමයි ඉන්දියාවේ සංගීතය පිළිබඳ ඉහළ තලයේ සිටි ගුරුවරු ලංකාවට ආවාම අම්මගෙ තාත්තාගේ ආරාධනාවට ඔවුන් අපේ නිවෙසටත් එනවා. ඒ වගේම අපේ රටේ ශිල්පීනුත් එනවා. ඒ හමුවීම් හරිම රසවත්. අම්මා විශ්ව විද්‍යාලයේ පමණක් නොවෙයි නිවෙසේදිත

ප්ලාස්ටික් සැත්කම්වලින් මුහුණ වෙනස් කරගත් බොලිවුඩයේ සුපිරි නිළියන් මෙන්න

ෂ්මිතා සෙන් කියන්නේ සමාජ මාධ්‍ය ජාලය තුළ වැඩිපුර කතාබහට ලක්වන බොලිවුඩ් නිළියක්. මෑතකදී ඇය සමාජ මාධ්‍ය සඳහා එක් කරනු ලැබූ ඡායාරූප කිහිපයක් හේතුවෙන් ඇය ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමකින් තමන්ගේ මුහුණ වෙනස් කරගෙන ඇති බවයි. ප්ලාස්ටික් සැත්කම්වලින් මුහුණුවර වෙනස් කරගත්ත බොලිවුඩ් නිළියන් ගැන කතාබහක් ආයෙම ඇතිවෙන්න සුෂ්මිතාගේ ජායාරූප හේතුවක් වෙනවා.    කොහොම වුණත් සුපිරි තරු බොහෝමයක් තමන්ගේ මුහුණ වෙනස් කරගත්තේ ප්ලාස්ටික් සැත්කම් අනුහසින් කියලා කියන්න පුළුවන් විදිහේ ජායාරූප කිහිපයක් අපිට ලැබුණා.    කත්‍රිනා කයිෆ්, දීපිකා පදුකෝන්, ඓෂ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා, අනුෂ්කා ෂර්මා, ජුහි චවුලා, ශිල්පා ෂෙට්ටි වගේ බොහෝ දෙනෙක් මේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න බවයි දැනගන්න ලැබෙන්නේ.    

සුපිරි නළු අර්ජුන් රම්පාල්ගේ මවට අවසන් ගෞරව දක්වන්න අප්‍රිකානු පෙම්වතියත් ඇවිත්

Arjun Rampal කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ නළුවෙක් වගේම ජනප්‍රිය චරිතයක්. ඔහුගේ ආදරණිය මෑණියන් Gwen Rampal පසුගිය ඉරිදා දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ වර්ෂ ගණනාවක් තිස්සේ පැවති පියයුරු පිළිකා රෝගයෙනුයි. පිළිකා රෝගය හේතුවෙන් තම මව දැඩි ලෙස පිඩා විදි බවත් රෝගාතුර වූ බවත් ඔහු සංවේගයෙන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔහුගේ මවගේ අවසන් කටයුතු ඊයේ දින තිබුණු අතර ඒ සදහා විශාල කලාකරුවන් පිරිසක් සහභාගී වී තිබෙන බවත් සදහන්. තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් අර්ජුන් විවාහ වෙන්නේ 1998 වර්ෂයේ. ඒ ඉන්දියාවේ සුපිරි නිරූපිකාවක්වන Mehr Jesia සමග. මේ දෙදෙනාගේ දරුවන් වන්නේ  Mahikaa Rampal හා Myra Rampal. අර්ජුන් මොවුන්ගෙන් වෙන්ව ජිවත් වුවත් ඒ අයද ඇයට  අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ තිබෙනවා.  එමෙන්ම ඔහුගේ කලින් පෙම්වතියත් පැමිණ තිබෙන බව සදහන්. එමෙන්ම වර්තමාන පෙම්වතිය වන අප්‍රිකානු නිරූපණ ශිල්පිනි Gabriella Demetriade පැමිණ තිබීමත් විශේෂත්වයක් බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අයියගේ හීනය මම රූ රුජනක් වෙන එකයි

නුවන්දිකා.. අපි මුලින්ම පවුලේ විස්තර සහ ගම්පළාත ගැන කතා කරමු..? මගේ අම්මයි තාත්තයි දෙන්නම දකුණේ. මම ඉපදුනේ බෙලිඅත්තෙ. මම පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. මගේ අයියා අවුරුදු දහයකට කලින් රිය අනතුරකින් මියගියා. පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ..? මම පුංචි කාලේ ඉඳලාම ගණිත විෂයට හරිම දක්ෂයි. ඒ නිසාම ගණිතඥවරියක් වෙන්න හීන දැක්කා. මම සාමාන්‍ය පෙළ පන්තියෙදී වුණත් හැමදාම ගණිත විෂයට ලකුණු අනූනවයයි, සීයයි. උසස් පෙළටත් භෞතික විද්‍යාවට ඉහළම ලකුණු ගත්තා. හැබැයි ගණිතඥවරියක් වෙන්න වගේම වෛද්‍යවරියක් වෙන හීනයකුත් මට තිබුණා. විශ්වවිද්‍යාල ජීවිතෙත් අමතක වෙන්න විදිහක් නැහැ..? ඔව්.. කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ. කැම්පස් ජීවිතෙත් හරිම සුන්දරයි. මම මගේ යාළුවෝ එක්ක හරිම සුහදව වැඩ කළා. මගේ කැම්පස් ජීවිතේ අවසාන කාලෙදී තමයි මගේ සහෝදරයා නැතිවුණේ. මාව බලන්න කැම්පස් ඇවිත් ගෙදර යද්දී තමයි අයියා නැතිවුණේ. ඒ නැතිවීම මගේ ජීවිතේ ලොකු කම්පනයක් ඇතිකළා. මගේ නිවුන් සහෝදරයෙක් තරමටම මම ඔහුට ආදරය කළා. පුංචි කාලේ ඉඳන්ම මගේ හුස්ම ටික

රටේ පවතින අයහපත් තත්ත්වය වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරයි ගෙදර ඉන්නේ. පුතා මේ දවස්වල එයාගේ අධ්‍යාපනික කටයුතුවල නියැලෙනවා. ඒ නිසා පුතා ඒ දේවල් කරද්දී එයාව ගෙදර තනියම දාලා මම යන්න කැමති නැහැ. ඒ නිසා මේ දවස්වල කලා කටයුතුවලින් මිදිලයි ඉන්නේ. විජය නන්දසිරි කියන්නේ වේදිකාවේ හිටපු ප්‍රවීණ චරිතයක්. ඔහු නියැලුණු වේදිකා නිර්මාණවලට මොකද වුණේ...? ඒවා තවමත් එහෙමම තියෙනවා. රටේ පවතින අයහපත් තත්ත්වය වේදිකාවට දැඩිලෙස බලපෑවා. රුපියල් දාහක් දීලා ප්‍රවේශ පත්‍රයක් ගන්න තරම් අද බොහෝ දෙනාට ආර්ථික ප්‍රශ්න තියෙනවා. අනික වේදිකා නාට්‍යයක් බලද්දී පවුලේ හැමෝම වගේ එකට ඉඳගෙන තමයි වේදිකා නාට්‍ය රස විඳින්නේ. ඉතින් ගෙදරින් තුන්දෙනෙක් ආවත් අද කාලේ හැටියට ඒක ලොකු මුදලක්. ඒ නිසා නාට්‍ය සංවිධායකයෝ මේ දවස්වල නාට්‍ය පෙන්නන්න මහන්සි ගන්නවත් හරිම අඩුයි. ඉදිරියේදී මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වේවී. අනික පුතාගේ කාලය මේ දවස්වල වේදිකා නාට්‍යයක් වෙනුවෙන් කැපකරන්න මම කැමති නැහැ. මේ දවස්වල පුතා අධ්‍යාපන කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු හමාර වුණාට පස්සේ ඉදිරියේ දී ඒ වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්න බලාපොරොත්තු තියෙන