මේ දවස්වල කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරයි ගෙදර ඉන්නේ. පුතා මේ දවස්වල එයාගේ අධ්‍යාපනික කටයුතුවල නියැලෙනවා. ඒ නිසා පුතා ඒ දේවල් කරද්දී එයාව ගෙදර තනියම දාලා මම යන්න කැමති නැහැ. ඒ නිසා මේ දවස්වල කලා කටයුතුවලින් මිදිලයි ඉන්නේ.
ඒවා තවමත් එහෙමම තියෙනවා. රටේ පවතින අයහපත් තත්ත්වය වේදිකාවට දැඩිලෙස බලපෑවා. රුපියල් දාහක් දීලා ප්‍රවේශ පත්‍රයක් ගන්න තරම් අද බොහෝ දෙනාට ආර්ථික ප්‍රශ්න තියෙනවා. අනික වේදිකා නාට්‍යයක් බලද්දී පවුලේ හැමෝම වගේ එකට ඉඳගෙන තමයි වේදිකා නාට්‍ය රස විඳින්නේ. ඉතින් ගෙදරින් තුන්දෙනෙක් ආවත් අද කාලේ හැටියට ඒක ලොකු මුදලක්. ඒ නිසා නාට්‍ය සංවිධායකයෝ මේ දවස්වල නාට්‍ය පෙන්නන්න මහන්සි ගන්නවත් හරිම අඩුයි. ඉදිරියේදී මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වේවී. අනික පුතාගේ කාලය මේ දවස්වල වේදිකා නාට්‍යයක් වෙනුවෙන් කැපකරන්න මම කැමති නැහැ. මේ දවස්වල පුතා අධ්‍යාපන කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු හමාර වුණාට පස්සේ ඉදිරියේ දී ඒ වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්න බලාපොරොත්තු තියෙනවා.
ඒ කියන්නේ බොහෝ දුරට විජය නන්දසිරි රඟපෑ චරිත ඔහුගේ පුතාගෙන් දැකගන්නට පුළුවන් වේවී...? එහෙමද...?
ඔව්... ගහේ කටු උල්කරන්න ඕන වෙන්නේ නැහැ. විජේගේ හැම හැඟීමක් දන්න, හැම ඉරියව්වක්ම දන්න, විජේව තේරුම් ගන්න පුළුවන් මුල්ම කෙනා මමයි. ඊට පස්සේ මගේ දරුවෝ දෙන්නා. ඒ දරුවෝ දෙන්නාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි විජේ නාට්‍ය සීයක රඟපෑවත් ඒ සියලුම නාට්‍ය පිටපත්, ගීත සහ සියල්ලම දුවටයි පුතාටයි මතකයි. විජේ රඟපෑව නාට්‍ය සියල්ලම එයා මුල ඉඳන් කටපාඩම් කරගත්තා. වේදිකාවේ රඟපාද්දී තව කෙනෙක්ගේ දෙබසක් අමතක වුණත් විජේට ඒක මතක් කරදීමේ හැකියාව තිබුණා.
දරුවෝ ලැබෙන්න කලින් අපි දෙන්නම ඒ පිටපත් කියෙව්වා. සමහරදාට මම ගෙදර උයන ගමන්, පොල්ගාන ගමන්, පිටපත ළඟ තියාගෙන ඒක දිහා බල බලා මම ඒවා කටපාඩම් කරගත්තා. කාලයාගේ ඇවෑමෙන් දරුවන් දෙන්නා නිසා මම කාර්යයබහුල වෙද්දී විජේ ඒ පිටපත් දරුවන් ලවා කටපාඩම් කරගත්තා. ඒ නිසා හැම දෙයක්ම පසුකාලීනව දරුවනුත් ඉගෙන ගත්තා. ඒ නිසා දරුවන් දෙන්නාටම පොඩි කාලේ ඉඳන්ම වේදිකාව හුරුයි. පුතා රංගනයට විතරක් නොවේ. වේදිකා පසුතල, ආලෝකකරණය, බෙර වාදනය මේ හැමදෙයක්ම කරන්න දක්ෂයි. දුව චන්න විජේවර්ධනගේ ගෝලයෙක්. ඉතින් දුවත් වේදිකාවට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඒ නිසා දරුවන්ගේ ඒ හයියත් මේ නාට්‍ය පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් වෙනවා. ඒ අයත් වයසට වඩා ලොකු දැනුමක් පුංචි කාලේ ඉඳලා තිබුණා.
විජය නන්දසිරිගේ නිර්මාණ වෙනුවෙන්, ජීවිතය වෙනුවෙන් කැපකිරීමක් කළ දේවිකා පළමු රෑපවාහිනී නිළිය... එහෙම නේද...? ඒ රංගන ආසාව ඇති වුණේ කුඩා කල පටන්මද...?
මගේ ගම නුගේගොඩ. මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. කලාව කියන දේ පුංචි කාලේ ඉඳන් මගේ හිතට ආවේ මගේ නැටුම් ගුරුවරිය නිසයි. ඒ දයා නෙල්ලම්පිටිය ගුරුතුමිය නිසයි. ඇය හරිම සුදුයි. ඔසරිය ඇඳලා, බෙල්ලට කොණ්ඩය බැඳලා, මුතු පොටක් දාලා හරි ලස්සනට හිටපු ගුරුතුමියක්. “තෙයි තා...* කිය කියා නටද්දී ඒ කාලේ මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒනිසා නැටුමට මටත් ආසාවක් ඇතිවුණා. මගේ අම්මා තාත්තා රඟනොපෑවට කලාවට හරි ආදරෙයි. අපේ පවුලේ දරුවෝ අට දෙනෙක් ඉන්නවා. මම තමයි තුන්වෙනියා. විජේගේ පවුලේත් හත්දෙනෙක් ඉන්නවා. එයාත් පවුලේ තුන්වෙනියා. ඉතින් විජේගේ පවුලෙත් රඟපෑමට එකතු වුණේ විජේ විතරයි. අපේ පවුලෙන් රඟපෑමට එකතු වුණෙත් මම විතරයි. මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම ගායන හැකියාවන් තිබුණා. තාත්තා නිතරම ඒ කාලේ හිටපු ගායක ගායිකාවන් කිහිපදෙනෙක්ව ළඟින් ඇසුරු කළා. ඒ නිසා නිතරම ඒ අය අපේ ගෙදර එනවා. සින්දු කියනවා. ඒ හැම දෙයක්ම දිහා මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා.
එහෙම ආසාවෙන් බලාගෙන හිටපු නිර්මාණවලට දේවිකාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?
ඒ අවස්ථාව ලැබුණෙත් විජේ නිසාම තමයි. මම සෝමදාස නිත්තවල ගුරුතුමා යටතේ උඩරට නැටුම් හැදෑරුවා. අපි ප්‍රධාන ශාලාවේ නැටුම් පුහුණු වෙද්දී අනිත් ශාලාවේ විජේලා නාට්‍ය පුහුණුවීම් කර කර තමයි හිටියේ. අපි නටද්දී ශාලාවේ දොරවල් වහලා තමයි පුහුණු වුණේ... ගැහැනු ළමයි ඉන්න නිසා කට්ටිය දොරින් ඇවිත් එබිකම් කරනවාට අපි කැමති නැහැනේ. ඒ ශාලාවේ වාකවුළු හුළං එන්න තියලා තිබුණා. අද වාගේ ඒ කාලේ ඒ.සී. තියෙන ශාලා තිබුණේ නැහැනේ. ඉතින් විජේලා තේ බොන්න පුහුණුවීම් නවත්තලා යද්දී ඒ වා කවුළු අස්සෙන් අපේ නැටුම් පන්තිය දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒ බලද්දී තමයි විජේ වා කවුළුව අස්සෙන් මාව දැකලා තියෙන්නේ. ඒ කාලේ සයිමන් නවගත්තේගමත් “සුභ සහ යස* වේදිකා නාට්‍යය නළු නිළියන් තෝරණ කාලේ. ඒ නිසා විජේ තමයි මේ වේදිකා නාට්‍යයට රඟපාන්න මට එන්න කිව්වේ. ඒ නිසා මම නිළියක් වුණේ විජේ නිසයි.
දේවිකා රඟපාන්න යනවට මව්පියෝ කැමති වුණාද...?
ඒ කාලේදී මගේ තාත්තා හිටියේ විදේශ ගතවෙලයි. ඉතින් මට විජේ මේ ආරාධනාව කරද්දී මම එකපාරටම “හා* කිව්වෙත් නැහැ. මම කිව්වේ “ගෙදරින් අහලා කියන්නම්* කියලා. අම්මාගේ අකමැත්තක් තිබුණේ නැහැ. අද කාලේ වගේ ඒ කාලේ හැමවෙලේම විදෙස් රටක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න තරම් පහසුකමක් තිබුණේ නැහැනේ. ඉතින් තාත්තා ආවට පස්සේ මට තාත්තාගේ අවසරය දුන්නා. එතකොට මගේ වයස අවුරුදු දාහතයි. ඔහොම නාට්‍යයක් කරද්දී ඩී.බී. නිහාල්සිංහ අපිට හොරා නාට්‍යයක් බලන්න ඇවිත් තිබුණා. ඒ නාට්‍යය බලලා තමයි ශ්‍රී ලංකාවේ විතරක් නොවේ, දකුණු ආසියාවේම නිෂ්පාදනය කරපු මුල්ම රෑපවාහිනි නාට්‍ය වුණු “දිමුතු මුතු* ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තේ. ඒක මගේ පෙර වාසනාවක් නිසා මට ලැබුණු දෙයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම රෑපවාහිනි නිළිය දෙන්නෙක් වෙන්න බැහැනේ. ඒ අවස්ථාව ලැබෙන්නේ එක්කෙනාටයි. ඒකෙන් රෑපවාහිනි ප්‍රථම නිළියට මම අභිෂේක ලැබුණා. ඒ ඔටුන්න මම ඉන්නතාක් කල් මගේ ඔළුවේ තියෙනවා. ජනප්‍රියතාවය, දක්ෂතාවය වෙනස් වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම අපේ මේ රස්සාව කරන්න පුළුවන් වෙන්නේ අපේ කටහඬ, අපේ රෑපය, ඇඟේ ශක්තිය තියෙන කල් විතරයි.
ටෙලිනාට්‍ය මුල්ම නිළිය වුණු දේවිකා පසුකාලේදී වැඩිය නිර්මාණවලට දායක වුණේ නැහැ නේද..?
ඒකට ප්‍රධාන හේතුව වුණෙත් විජේම තමයි. මම නිර්මාණවලින් ඈත් වුණේ මටම ඕන වුණු නිසාමයි. මම හැමවෙලේම කියන්නේ විජේ හැමදාමත් මට රජෙක්. එදා ඉඳන් එයාගේ ආර්ථික පසුබිම බොහෝම හොඳට තිබුණා. රජකේ වගේ ජීවත් වුණු විජේට කවදාවත් පසුබෑමක් තිබුණේ නැහැ. එයා මාධ්‍ය තුනේම හිටියා. සිනමාව, ටෙලිනාට්‍යය, වේදිකාව එකසේ ජයගත් විජේ ගොඩාක්ම වේදිකාවට ආදරේ කළා. ඒ සජීවීකමට හරියට ආස කළා. ඒ වගේම වේදිකාව හරිම කටුකයි. පහසුකම් හරිම අඩුයි. නමුත් වේදිකාවෙන් ජීවිතේ ඇරඹුණු නිසාම විජේ ඒ වේදිකාවට හරියට ආදරේ කළා. සමහරදාට උදේ වරුවේ ෂූටිං කරලා හැන්දෑවටත් වේදිකා නාට්‍යවලත් රඟපෑවා. වේදිකා නාට්‍ය මාධ්‍ය හරිම දුෂ්කරයි. නාට්‍යයක් කරද්දී ලොකු මුදලක් වෙන් කරන්න ඕනේ. වේදිකා නාට්‍ය පෙන්නන්න පැය තුනක්වත් කලින් ශිල්පීන් ඒ ශාලාවේ ඉන්න ඕනේ.
සමහරදාට රූට විජය ඔරලෝසුව ගලවන්නේත් නැතිවම අතේ තියාගෙන නිදාගත්තු දවස් තිබුණා... යටි හිත වැඩ කරන්නේ වෙලාව ගැනමයි. විජය හරියට වෙලාවට වැඩ කරපු කෙනෙක්. කාලය හරියට කළමනාකරණය කළා. ඉතින් ඒ තරම් කාර්යයබහුල වුණු විජය වෙනුවෙන් මම පොඩි කැපකිරීමක් කළා. අපි හැමෝටම පවුලක් තියෙනවා. ඒ නිසා පවුල් ජීවිතයයි, කලා ජීවිතයයි සමබරව ගෙනයන එක හරිම ලේසී පහසු දෙයක් නෙමේ. ඒක අමාරු දෙයක්. එතනදී විජේ යන මේ ගමන එයාට පහසුවෙන්, නිරවුල්ව යන්න මම පොඩි කැපවීමක් කළා. මම පොඩ්ඩක් පස්සට ගියා. කෙනෙක් හොඳ පිම්මක් පනින්නේ අඩි දෙක තුනක් පස්සට තියලනේ. ඉතින් ඒ පස්සට තියන අඩි දෙක තුන මම තියන්න තීරණය කළා. ඒ තීරණය මම ගත්තේ හරිම කැමැත්තෙන්.
මිත්තණිය කියන භූමිකාව අද ගෙවන්නේ කොහොමද...?
ඒ භූමිකාව මම ගෙවන්නේ හරිම හරි සතුටින්. මගේ දුව නවංජනා මිහිරානි, පුතා රසාංජන නන්දසිරි. ඉතින් මගේ දුවගේ පුංචි දුව තමයි සහන්‍යා මිහිරානි කියන්නේ. දැන් චූටි දුවට අවුරුදු තුනකට ළඟයි. දුව චූටි කාලේ ඉඳන්ම සින්දු කියන්න හරි කැමතියි. විජේ විවේක වෙලාවේ ඉන්ටර්නෙට් ගිහින් කරපු එකම දෙය තමයි ස්කයිප් හරහා චූටි දුව එක්ක කතා කරන එක. චූටි දුවට එයාගේ සීයා ගැන අද මතකයක් නැහැ. ඒත් විජේ සහන්‍යාට හරියට ආදරේ කළා. දැන් දුවලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දුව විවාහ වුණු සනත් පුතාත් හරිම හොඳ කෙනෙක්. ඉතින් මිත්තණිය කියන අපූරු කිරුළ මට දීපූ සහන්‍යා තමයි දැන් අපේ ලෝකය.
Text - Dishani / Pic - Sumudu