Skip to main content

පුංචි කාලේ මට ගායිකාවක් වෙන හීනයක් කොහෙත්ම තිබුණේ නැහැ



2018-11-27-ent-58
මේ දවස්වල මොකද කරන්නෙ..?
මේ දවස්වල එහෙම විශේෂයෙන් කරන වැඩක් නැහැ. ගෘහස්ත සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගි වෙනවා. කලා කටයුතු කියලා කරන්නෙ ඒ දේවල් තමයි.

ඉන්ද්‍රානි පෙරේරා නම් කලාකාරියගේ ළමා කාලය ගෙවුණේ කොහොමද..?2018-11-27-ent-60
පුංචි කාලේ මට ගායිකාවක් වෙන හීනයක් කොහෙත්ම තිබුණේ නැහැ. මම ඉපදුණේ බොරුල්ලේ කොටා පාරේ තිබුණු අපේ ගෙදරමයි. මගේ තාත්තගේ නම ඒ.ඒ. පෙරේරා. අම්මගේ නම මේරියල් පෙරේරා. අපේ පවුලේ හිටියෙ ගෑනු ළමයි තුන්දෙනෙක් විතරයි. ඒ තුන්දෙනාගෙන් දෙවැන්නා තමයි මම. අපි තුන්දෙනාම ඉගෙනගත්තෙ කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයෙ. මට වඩා මගේ නංගි අයිරාංගනී ගොඩක් පොඩියි. ඉතින්.. අපේ අම්මා අපි තුන්දෙනාටම කෑම හදාගෙන ඉස්කෝලෙට එනවා. අපි තුන්දෙනාටම හරි ලස්සන පිඟන් තුනක් තිබුණා. ඒ කාලේ ඉඳන්ම අපේ අම්මා පුංචි හැඳිගෑරුප්පු දෙකකින් අපිට ඒවා පාවිච්චි කරන විදිහත් හොඳට උගන්වලා තිබුණා. මගේ සීයාත් හැම ඉන්ටර්වල් එකකදීම අපේ ඉස්කෝලෙ ළඟට ආවා. ඒ එද්දී හැමදාම අපි තුන්දෙනාට ක්‍රීම් බනිස් තුනක් අරගෙන එනවා. අපේ සීයා සුදු ඇඳගෙන ටයි එකක් දාගෙන ටයි පින් එකක් පැළඳගෙන හරි පිළිවෙලට අපේ ඉස්කෝලෙ ළඟට එද්දී අපිට හරිම ආසයි. අපේ තාත්තා ජීවිතේ ගොඩක් මහන්සි වුණු කෙනෙක්. අපි හරි ලස්සන පවුලක්. හැම සෙනසුරාදාවකම හරි ඉරිදාවකම හරි අපේ තාත්තා අපි කට්ටියම ගෝල්ෆේස් එක්කගෙන ගියා. මගේ තාත්තා බුද්ධාගමේ. මගේ අම්මා කතෝලික ආගමේ. නමුත් දෙන්නට දෙන්නා ආගම් දෙකටම ගරු කළා. කවදාවත් අපේ ගෙදරදී ආගම් පිළිබඳව ප්‍රශ්න ඇතිවුණේ නැහැ.

පුංචි කාලෙදී ඉන්ද්‍රානි දඟයිද..?
අම්මෝ.. ගොඩක් දඟයි. අපි තුන්දෙනාගෙන් වැඩියෙන්ම දඟ මමයි. අපේ ගෙවල් ළඟ පිරිමි ළමයි හිටියනෙ. ඉතින්.. මමත් ඉස්සර පිරිමි ළමයෙක් වගේ කොණ්ඩෙ කොටටම කපලයි හිටියෙ. මගේ වැඩේම කලිසම් ඇඳලා දඟ වැඩම කරන එකයි. දුවනවා.. ගස් නඟිනවා.. තාප්පවලින් පනිනවා. ඒ වගේ දඟ වැඩ කළා. මගේ තාත්තා මාව දැක්කෙ ගෙදර හිටපු පිරිමි දරුවා වගෙයි. මාත් එක්ක ඕන තැනකට යන්න කාටවත් බයක් තිබුණේ නැහැ. සමහර දවස්වලට මගේ යාළුවන්ගේ අම්මලා පවා එයාලව යැව්වේ මාත් එක්කයි. මම සින්දු කියද්දී කවුරුහරි යාළුවෙක් අහගෙන හිටියෙ නැත්නම් මගෙන් ටොකු තමයි.

පාසලේදී දඟ චරිතයක්ද..?
ඉස්කෝලෙදී ගෙදර තරම් දඟ නැහැ. මම ක්‍රීඩාවලට එච්චර කැමති නැහැ. ඉතින්.. අපි ක්‍රීඩා කරද්දී පස්සට වෙලා ඉන්නවා. කවුරුහරි ගුරුවරියක් බලෙන් ක්‍රීඩාවට ඇදලා දැම්මා මිසක් ආසාවෙන් ක්‍රීඩාවලටනම් සහභාගි වුණේ නැහැ. සංගීත පන්තියේ පවා මම හිටියෙ අන්තිම බංකුවේ. හැබැයි මට සින්දු කියන්න පුළුවන්කම තිබුණා. මගේ අම්මගේ නංගිලා හැමෝම පල්ලි ගියා. ඉතින්.. හරි ලස්සනට ඇඳලා පල්ලි යන්න මාත් ආසා කළා. ඒ නිසා මාත් පල්ලි ගිහින් එයාලා කියන ගීතිකා කියන්න පුරුදු වුණා. පසු කාලෙදී මට ලැබුණු පළමුවැනි සම්මානයත් ඒකයි. දෙවියන් වහන්සේ මම දිහා බලලා මට මගේ කටහඬට සම්මානයක් ලබාදුන්නා. අද පැත්තකට වෙලා ඒ ළමා කාලය ගැන හිතද්දී කොයිතරම් නිදහස් ජීවිතයක්ද ඒ ගතකළේ කියලා හිතෙනවා.

සංගීත පන්තියේ අන්තිම පේළියේ හිටපු ඔබ කලාකාරියක් වුණේ කොහොමද..?
සංගීත පන්තියේ අන්තිම පේළියේ හිටියට මම සංගීතයට හරි ආසයි. අපේ තාත්තට ඒ කාලේ හින්දි තැටි ගොඩක් තිබුණා. අම්මා වෙනුවෙන් තාත්තා ඉංග්‍රීසි තැටිත් ගොඩක් ගෙනාවා. ඒ නිසා අපේ ගෙදර නිතරම හින්දි සහ ඉංග්‍රීසි ගීත ඇහුණා. අපේ චූටි නංගි ඒ ගීතවලට හරි අපූරුවට නැටුවා. ඒ දවස්වල රෑපවාහිනී තිබුණේ නැහැ. ඒ නිසා මහ රූ වෙනකම් මගේ අම්මා තාත්තා අපිව වටකරගෙන අර ගීත තැටි දාලා අහගෙන ඉඳිද්දී අයිරාංගනී නංගි පුංචි පාද තියලා නටපු හැටි මට තාමත් මතකයි.

ඒ වුණාට මුලින්ම සින්දු කියන්න පටන් ගන්නෙ ඔබේ අක්කා..?
ඔව්.. මල්ලිකා අක්කා තමයි අපි තුන්දෙනාගෙන් මුලින්ම සින්දු කියන්න පටන් ගත්තෙ. මම වැඩිපුරම බටහිර ගීත තමයි ඇහුවෙ. හැබැයි මගේ ආසාව තිබුණේ නැටුම් පන්තියකට යන්නයි. ඒ නිසා හැම අඟහරුවාදාවකම මම වරද්දන්නෙ නැතිව ඉස්කෝලෙ ගියා. එදාට තමයි අපිට නැටුම් විෂය තිබුණේ. ඉතින්.. ඒ ආසාව නිසාම අපේ අම්මා මාව වජිරා චිත්‍රසේන කලායතනයට දැම්මා. නැටුම් ඉගෙනගන්න අතරතුරේදී සිතාර් වාදනයත් යම් ප්‍රමාණයකට ඉගෙන ගත්තා. ඒ ලයනල් අල්ගම මහතාගෙන්. මගේ අක්කා අමරදේව මාස්ටර්ගෙන් සංගීතය හදාරන්න ගියා. සමහරදාට අක්කගේ තනියට ගියේ මම. ඒ ගියාම මමත් පන්තියේ එළියේ තියෙන බංකුවක වාඩිවෙලා ඇතුළෙ උගන්වන සංගීතය අහගෙන හිටියා. ඒ අය රාග විදිහට ඉගෙනගත්ත දේ මම ගීත විදිහට තමයි දැක්කෙ. මම ඒ දේවල් ගීතයක් හැටියට ගෙදර ඇවිත් අම්මා තාත්තා ඉස්සරහ කියලා පෙන්නුවා.
‘ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා’ කියලා ඒ අයට උගන්වද්දී මම ඒක රඟපාමින් ගෙදර ඇවිත් ගායනා කළා. අපේ අක්කා වේදිකා නාට්‍යවලට ගීත ගායනා කළා. පසු කාලයක අපේ නංගිත් වේදිකා නාට්‍යවල රඟපෑවා. ඉතින්.. ඒ ඇසුර අපිට තිබුණා. මගේ අක්කගේ මුල්ම ගීතය ලිව්වේ සුගතපාල සෙනරත් යාපා මහතායි. ජයතිස්ස අලහකෝන් මහතා තමයි ඒ ගීතය නිර්මාණය කළේ. ඒ සාමා චිත්‍රපටයටයි. ඉතින්.. අක්කා චිත්‍රපටවලට ගීත ගායනා කරද්දී අපේ නංගී චිත්‍රපට කිහිපයක රඟපෑවා.

අක්කා නංගී කලාවට එකතු වෙද්දී ඉන්ද්‍රානි ප්‍රසංග වේදිකාවට එකතු වුණේ කොහොමද..?
මගේ බටහිර ගීතවලට එදා ඉඳන්ම කැමැත්තක් තිබුණා. ඉතින්.. බටහිර ගීත මමම රෙකෝඩ් කරමින්, ඒවා ආයෙ ආයෙත් අහමින් ලොකු සතුටක් වින්ඳා. ඒ රෙකෝඩින් පැත්තට මම හරි ආසා කළා. ඔහොම ඉඳිද්දී ගෙදර හැමෝම මට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා දැනගත්තා. ඒ කාලේ ඉස්කෝලෙදී අක්කා හරි ජනප්‍රිය චරිතයක්. ඉස්කෝලෙ ගස් යට අක්කව තියාගෙන අක්කගේ යාළුවෝ එයාගෙන් සින්දු අහගත්තා. ඊටපස්සෙ මට සින්දු කියන්න පුළුවන් කියලා දැනගත්තා. ඉතින්.. මාවත් සින්දු කියන්න යොමු කළා. ඔය කාලෙදී අපේ සංගීත ගුරුවරිය මාව පාසල් මට්ටමෙන් තිබුණු සංගීත තරගයකට යොමු කළා. ඒ තරගයෙන් මම ලංකාවෙන්ම හතරවැනියා වුණා. ඒ ජයග්‍රහණය මට ලොකු ශක්තියක් වුණා. මම ගායනා කළේ ඉංග්‍රීසි ගීතයක්. එදා මට එංගලන්තයට යන්න පවා අවස්ථාවක් ලැබුණා. ඒ වෙද්දී අපේ අම්මා ජීවතුන් අතර නැහැ. ඒ නිසා මම ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා.

අම්මගේ වියෝව ගැහැනු දරුවන් තුන්දෙනාට ලොකු අඩුවක්.. එහෙම නේද..?
අම්මෝ ඔව්.. ඒක ගැනනම් කියන්න වචන නැහැ. මගේ අම්මා පිළිකාවක් වැළඳිලා තමයි මියගියේ. අපි ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. මගේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. දරුවන්ට හරිම ආදරෙයි. සිංහල අලුත් අවුරුද්දට අපි තුන්දෙනාට එකම විදිහට ගවුම් තුනක් මහද්දී අපේ අම්මා ඒ රෙද්දෙන්ම ඒ විදිහටම ගවුම් මහලා අපේ ගෙදර අහළ පහළ හිටපු අපේ වයසේ ගැහැනු දරුවන්ට තෑගි කළා. ඉතින්.. අවුරුදු දවසේ ඒ පැත්තෙම ගෑනු දරුවෝ ඇන්ඳේ එකම විදිහේ ගවුම්. ඉතින් අම්මගේ වියෝවත් සමඟම මාවයි නංගිවයි බලාගත්තෙ මල්ලිකා අක්කා. ඉතින්.. එයත් නහරයක් පිපිරීම නිසා අපේ ජීවිතෙන් සමුගත්තා.

ඔබ මුලින්ම බටහිර සංගීත කණ්ඩායමක ගායිකාවක්. එහෙම නේද..?
ඔව්.. මම සින්දු කියන්න ආසයි කියලා මගේ යාළුවෙක් දැනගෙන හිටියා. ඒ මාරි මාලෙවන. ඔය කාලෙදී මම ඉගෙනගත්තෙ ස්ටෙෆඩ් බාලිකාවෙ. අපි හිටියෙ කොළඹ මහ රෝහල අසලම පදිංචිවෙලයි. ඒ නිසා මම නිතරම දැක්කෙ රෝහලට යන එන වෛද්‍යවරුයි. ඉතින් මම විද්‍යාව ඉගෙනගෙන වෛද්‍ය වෘත්තියට ඇතුළත් වෙන්න ආසා කළා. ඒ ගැන තාත්තට කිව්වම මගේ තාත්තා මාව ස්ටෙෆඩ් කාන්තා විදුහලට ඇතුළත් කළා. ඔය පන්තියේ මගේ දකුණු පැත්තෙ හිටපු මාරි යාළුවා ඇනෙස්ලි මාලෙවනගේ ඥාති සොහොයුරියක්. එයා තමයි මට ඇනෙස්ලිව හඳුන්වලා දුන්නෙ. ඉතින්.. දවසක් ඇනෙස්ලිලා රෙකෝඩින් කරන තැනට අපි ගියා. එතැනදී මට ක්ලැරන්ස් විජේවර්ධනව හඳුනාගන්න ලැබුණා. ඔහු ගීතයක් වාදනය කරලා ඒක අහලා කියන්න කිව්වා. මම ඉක්මනටම පුරුදුවෙලා ඒ ගීතය කිව්වා. ඒ අය ඒක රෙකෝඩින් කළා. ඒ තමයි ‘දිල්හානි දුවනී’ කියන ගීතය. ඒක තමයි සංගීත කණ්ඩායම් ගීතය වුණේ. මමවත් නොහිතපු විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා.

ත්‍රී සිස්ටර්ලා එකතුව ඇතිවුණේ ඊටපස්සෙ.. එහෙම නේද..?
ඔව්.. මගේ ගීත එකින් එක ජනප්‍රිය වෙද්දී ‘වනදෙව්ලිය තුරුළේ’ කියන සංගීත තැටිය කළා. රොක්සාමි මහත්මයා, වික්ටර් දළුගම, මේ වෙද්දී අපි හොඳින් හඳුනනවා. ඔය කාලෙදී අපේ තාත්තා &ඇයි ඔය තුන්දෙනා එකතුවෙලා ගීත ගයන්නෙ නැත්තෙ* කියලා ඇහුවා. මුලදී අපි තුන්දෙනා ඒකට අකමැති වුණා. නමුත් රොක්සාමි මහත්මයා ඇතුළු කට්ටිය &මේ වගේ හොඳ ශක්තිමත් තාත්තා කෙනෙක් ඉඳිද්දී ඇයි බයවෙන්නෙ* කියලා ඇහුවා. ඉතින්.. එදා අපි තුන්දෙනා එකතුවෙලා සින්දු කියන්න තීරණය කළා. එදායින් පසුව අක්කා මියයන තුරුම අපි ත්‍රී සිස්ටර්ලා හැටියට ගීත ගායනා කළා.

ඉන්ද්‍රානි සිනමාපට බොහොමයකට පසුබිම් ගායනයෙන් එකතු වුණා. නිර්මාණ කීයකට විතර සම්බන්ධවෙලා තියෙනවද..?
ඇත්තටම බොහෝ සිනමා නිර්මාණවලට මම පසුබිම් ගායනයෙන් සම්බන්ධවෙලා තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණය පිළිබඳව නිශ්චිතවම කියන්න මට අමාරුයි. ඇත්තටම ගීත ප්‍රමාණය කොච්චරක්ද කියලා මට හරියට මතක නැහැ.

ඔබ දරුවන් දෙදෙනෙක්ගේ ආදරණීය මවක්..?
ඔව්.. මගේ සැමියා මට මුණගැහුණෙත් කලාව නිසාමයි. මම ක්ලැරන්ස් එක්ක ගීත තැටි කිහිපයක්ම කළා. ඉතින්.. ජේම්ස් ඒවායේ නිෂ්පාදක විදිහට කටයුතු කළා. කාලයක් ආශ්‍රය කරද්දී ඔහු ගොඩක් හොඳ කෙනෙක් කියලා මට හිතුණා. අපේ අදහස් ගොඩක් දුරට ගැලපුණා. ඉතින් 1979 අපි විවාහ වුණා. අපිට දැන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. මගේ දුව දැන් විදෙස්ගතවෙලයි ඉන්නෙ. පුතා ඉන්නෙ ලංකාවේ. ඉතින්.. දරුවන් දෙන්නා ගැන අපිට සතුටුයි. එයාලා හොඳට ඉගෙන ගත්තා. කලාව නිසා ආදරණීය මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. ඇත්තටම කලාකාරියක් වීම ගැන හිතේ තියෙන්නෙ ලොකු සතුටක්. දැන් මම කලාවට ඇවිත් අවුරුදු පනහක් වෙනවා.

Text - Dishani / Pic - Sumudu

2018-11-27-ent-57 2018-11-27-ent-59

Popular posts from this blog

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල