Skip to main content

අපි නොදන්න රොනී



2018-11-28-ent-15
රොනී ලීච් නැති නම් කවුරුත් දන්නා පරිදි ‘ලස්සන තට්ටයා^ අප හැර ගොස් දැනට මාස දෙකකි. ඉතාම ක්‍රමානුකූල ලෙස වැඩ කරන්නට හුරු පුරුදු වී සිටි රොනී, ‘අද’ පුවත්පත වෙනුවෙන් කතාබහක යෙදෙන්නට පොරොන්දුව සිටියේ ඔහු ආයෙමත් නොඑන්නට ගිය ඔස්ට්‍රේලියානු සංචාරයට පෙරය
ලංකාවට ආව ගමන් මම කතා කරන්නම් යැයි කියා දුරකථන අංකය ඉල්ලාගත් රොනී ආපසු පැමිණියේ නිහඬවම වුවත් ඔහුගේ දිනපොත මත නැවත ආපසු කරන්නට ඇති වැඩ පිළිබඳව ඔහු සටහන් තබා තිබූ අනුපිළිවෙළ අනුව රොනීගේ සමීපතමයන්ගෙන් ඒ පුවත අපට දැනගන්නට ලැබිණි. රොනී ගැන අපි දන්නේ මොනවාද ? ඔහු නිකම්ම නළුවෙක් ගායකයෙක් පමණක් නොවේ. මේ ලියැවෙන්නේ අප නොදැන සිටි රොනීගේ සැබෑ කතාවයි.2018-11-28-ent-17
රොනී යනු සංගීත ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් පැවැති ගායකයෙකු බැවින් ඔහුට මසකට අඩුම තරමේ ගී ගැයීමේ අවස්ථා දහය ඉක්මවා පැවැති බව ඔහුගේ පවුලේ සියලු දෙනා දැන සිටියද , රොනී ඒ සංදර්ශනවලින් කොපමණ මුදලක් අය කළේද යන්න කිසිවෙකු විමසා සිටියේ නැත. මන්ද අඩුම තරමේ මාසයකට හය හත් අවස්ථාවක රොනී ගී ගයන්නේ මිතුරන්ගේ වැඩවලදී මුදලක් නොගෙන බව ඔවුන් දන්නා හෙයිනි. රොනීගේ ළඟම මිතුරන් බොහෝ සිටියද ඉතාම සමීප මිතුරෙකු වූයේ ගායක පීටර් රොසයිරෝ මහතාය.
රොනී ගැන කියන්නට රොනීගේ සමීපතමයෙකු වූ පීටර් වඩා සුදුසු යැයි රොනීගේ පවුලේ උදවියගේද තීරණය වූයෙන් අපි රොනී පිළිබඳ පීටර් රොසයිරෝ මහතාගෙන් විමසන්නට අදහස් කළෙමු. මේ හෙතෙම අප සමග දැක්වූ අදහස්ය
“මම රොනීව මුලින්ම දකින්නේ 1988දී පමණ වත්තල පුරහලේ පැවැති සාදයකට සහභාගි වී සිටියදීයි. ඒ මෙලඩියන්ස් නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ කාලයේ. රොනී හොඳින් හිසකෙස් පැවැති ප්‍රියමනාප පුද්ගලයෙක්. දැකපු පළමුවැනි දවසෙම ඔහු ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙකු ලෙස හැසිරුණා. මට ආයෙම රොනීව මුණගැහෙන්නේ 92 අවුරුද්දේ. ඒ මං ‘නයිට්රයිඩර්^ සංගීත කණ්ඩායමේ වාදකයෙකුව සිටියදීයි. ඒ වෙනකොට රොනී ‘මං ලස්සන තට්ටයා^ ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වෙලා හිටි කාලේ. ඒත් මට රොනීව එකවරම කලින් හමුවී තිබුණ බව මතකයේ නොතිබුණත් රොනී අපි මුලින් හමුවුණ දවස ස්ථානය පවා මට මතක් කර දුන්නේ මාවත් පුදුමයට පත්කරමින්. මේ අතර අපට ලැබෙනවා ඔස්ට්‍රේලියාවෙ සංගීත සංචාරයක්. මෙහිදී දෛවෝපගතව වගේ රොනී සමග පළමු සංචාරය ලබන්නෙත් මා සමග මරියසෙලුත් ඒ සංචාරයට එක්වෙමින්. ඒ සංචාරයත් සමග අප අතර ඇති වූ ඒ බැඳීම කිසිම දවසක පළුදු නොවී රොනී මියයන තෙක්ම පැවතුණා. එසේම රොනීට අවසන් විදේශ සංචාරයේදීත් ඒ පළමු සංචාරයේම මිතුරියක් එක්ව තිබුණා. ඒ මරියසෙල්. නමුත් ඒ සංචාරය නිමවා ලංකාවට ඔහුගේ දේහය ගෙන ආ වෙලේ එය හඳුනා ගෙන බාරගත්තේ මමයි.

කලාවෙන් බැහැරව බොහෝ දෙනා නාඳුනන රොනී ගැන තොරතුරු පැවසීම දැන් ඔබට පැවරෙන කාරියක්?
ඔවු. බොහෝ දෙනා රොනීව දන්නේ සැහැල්ලුවෙන් ජීවත්වන නිහතමානී සහ හිත හොඳ දක්ෂ බටහිර පන්නයට ජීවත් වෙන ගායකයෙක් නළුවෙක් වශයෙන් වුණත් රොනී තුළ ඊට වඩා බොහෝ සුවිශේෂතා තිබුණා. රොනී හොඳ කතෝලිකයෙක්. ඔහු පල්ලියත් එක්ක හරිම සමීපයි. නමුත් රොනී අනිත් හැම ආගමකටම බොහෝ ගරුකළ පුද්ගලයෙක් . ඔහු කවදාවත් පන්සල් හෝ පල්ලිවලින් කෙරෙන පොදු වැඩවලදී මිලක් නියම කරල වැඩකරපු ගීත ගයපු, සහභාගි වුණ කෙනෙක් නෙවෙයි. ඔහු අප හොඳින්ම දන්නා පරිදි ඒ වගේ පොදු වැඩකදී කවදාවත් මුදල් මත ඒ උත්සවවලට සහභාගි වුණේ නැහැ. සමහර අවස්ථාවලදී ඒ සඳහා ගමන් වියදම පවා ඔහු අරගත්තේ නැහැ. ඔහුගේ හඬ හැම විටම පොදු ජනයා වෙනුවෙන් කැප කරන්න සූදානමින් හිටියා.
රොනී කියන්නේ කුඩා දරුවන්ට අසීමිතව ආදරය කළ කෙනෙක්. පුදුමයකට වගේ කුඩා දරුවනුත් රොනීට බොහෝ ආදරය කළා. හැම ළමා දිනයකදීම රොනී ළමා රෝහලේ පැවැත්වෙන සැමරුම් උත්සවවලට නොමිලයේ සහභාගි වෙලා දරුවන් වෙනුවෙන් තමන්ට කළ හැකි සියල්ල කරන්නට දායක වුණා.

ඔබ කීවා රොනී අඩුම තරමේ ගමන් වියදමවත් ලබා ගන්නේ නැහැ කියලා. ඒ වගේම රොනීට වාහනයක් තිබුණ නමුත් ඔහුට වාහන පැදවීමට බලපත්‍රයක් තිබුණේ නැහැ නේද?
ඔවු. රොනීට වාහන පැදීමට කවදාවත් බලපත්‍රයක් තිබුණේ නැහැ. රොනී කවදාවත් වාහනයක් පැදෙව්වෙත් නැහැ. රොනීගේ කාරයේ ගමනක් යනවා නම් ඔහු හැමදාම යන්නේ වෙන කෙනෙක් පදවන විටෙකයි. බොහෝ විට සමාජමය වැඩ කටයුත්තකට සහභාගි වුණත් අපි යන්නේ අපේ කාණ්ඩයත් එක්ක. ඒ නිසා අපි කවුරුහරි කෙනෙක් ගෙදරට ගිහින් ඔහුව එක්කගෙන යනවා මිසක කවදාවත් රොනී වාහනය පදවාගෙන ගිහින් නැහැ. එයට බලපෑ හේතුව ඔහු වාහන පැදවීමට බලපත්‍රයක් ලබා නොතිබීම. ඒ වගේම රොනී තුළ තිබුණා අසාමාන්‍ය හැකියාවක්.

ඒ මොකක්ද..?
රොනී පුදුමාකාර මතකයක් ඇති කෙනෙක්. 40 දශකයේ 50, 60 ,70 ආදී වසරවල නිපදවුණ හැම චිත්‍රපටයකම අධ්‍යක්ෂක කවුද, එහි තිබුණ ගීත මොනවද, ඒවා ගැයුවෙ කවුද, ඒ ගීතයේ රූප රාමුවට පෙනී සිටි නළු නිළියන් කවුද, ඒ චිත්‍රපටයට සම්මාන ලැබුණ අංශ මොනවාද, මොන අවුරුද්දේදිද, ආදී තොරතුරු කටපාඩමින් ක්ෂණිකව නිවැරදිව කිව හැකි මතකයක් සහ හැකියාවක් ඔහුට තිබුණා. ඒ වගේම රොනී කියන්නේ අධිසංවේදී පුද්ගලයෙක් මිස විහිළු කාරයෙක්ම නෙවෙයි. ඔහු මිනිසුත් ගැන මනුෂ්‍යත්වය ගැන උපරිමයෙන් තමන්ට කළ හැකි සේවාව ඉටු කරල පොළවට ඇති බර සැහැල්ලු කරගත් පුද්ගලයෙක්.
ඔහුගේ මරණය දවසේ හලාවත ඉඳලා ආව පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ කියූ මේ කතාව ඒ අවස්ථාවේ එතැන සිටිය හැමෝම ඇඬෙව්වා

ඒ කතාව ඔබට මතක තිබෙනවාද?
ඔවු රොනී කොහොම හරි හලාවත බිංගිරිය පැත්තේ ගමක තිබුණ සංදර්ශනයකට ගිහින්. එහිදීත් ඔහු මුදල් අරන් නෙවෙයි ගීත ගයලා තියෙන්නේ. කොහොම හරි දැරියකගෙන් ඔහු ගී ගයන වෙලාවේ අහල තියෙනවා පුතා පාසල් යනවාද කියලා. මේ දරුවා පාසල් යන වයසේ කෙනෙක් වුණත්, දරුවා කියලා තියෙන්නේ යන්න ආසයි ඒ වුණාට යන්නෙ නෑ කියලා.
රොනී ගීත ගයලා අවසන් වෙලා අර දැරියට කතා කරල අහල තියෙනවා. ඇයි පාසල් නොයන්න හේතුව කියලා. දරුවාගේ පියාගෙන් දැනගන්න ලැබිලා ආර්ථික අමාරුකම් නිසයි, දරුවාට ඇඳුම් පැලඳුම් පොත්පත් ටික අරන් දෙන්න තියෙන නොහැකියාවයි නිසා දරුවා පාසල් නොයවා තියන් ඉන්න බව. ඒ දරුවාට ඇඳුම්, සපත්තු, පොත්පත් වෙනුවෙනුවෙන් රුපියල් හත්දහස් ගණනක් වැය කරලා ඒ දරුවාව පාසල් යවන්න රොනී කටයුතු කරලා. රොනීගේ මළගම දා ඒ දරුවාගේ පියා ඇවිත් රොනීගේ දේහය ඉදිරියේ මේ කතාව කිවුවේ වැලපෙමින්. කොහොමත් සමාජයේ පීඩිත පුද්ගලයන් වෙනුවෙන් ඔහුගේ චරිතය තුළ විශේෂ කැපවීමක් තිබුණා. හැම ඉරිදාවකම රොනී උදය වරුව ගතකරන්නේ සුවිශේෂී විදිහකට.

ඒ කොහොමද?
රොනී හැම ඉරිදාවකම උදේ නවය වෙද්දී දෙල්කඳ පොළට යනවා ගෙදරට ඕන බඩු ටික ගෙනෙන්න. නමුත් ඒ ගමන ඉවර කරල ඔහු ආයෙම එන්නේ දවල් දොළහත් පහුවෙලා. මෙච්චර වෙලාවක් ගතවෙන්නෙ ඇයි කියන එක හැමෝටම ගැටලුවක්. නමුත් රොනී දෙල්කඳ පොළේ වෙළෙඳ මහතුන් එක්ක විතරක් නෙවෙයි කුඩා දරුවන්, රසික පිරිවර මේ හැමෝ එක්කම ආ ගිය තොරතුරු කතාකරල ඒ අයට හිනාවෙන්න කතාවක් දෙකක් කියලා එන්න ආවාට ඔහු ඒ ඒ චරිත ගැන හොඳ මතකයක් හිත ඇතුළෙ දරාගන්නවා. එවැනි චරිතයක් නිරූපණය කරන්න වුණාම අර මතකයෙන් ඔහු ඔහුට ලැබෙන චරිතයට මනා හැඩයක් දෙනවා.

රොනීගේ සමාජ මෙහෙවර අතර කෝට්ටේ වික්ටෝරියා නිවාසය ප්‍රධානයි නේද?
වික්ටෝරියා නිවාසයේ ඉන්නේ ආබාධිත අයනේ ? රොනීගේ ඉහළම රසිකයන් ඒ අතර ඉන්නවා. රොනී එහේ ගිහින් ඒ අය එක්ක ගීත ගයනවා. රොනීට හරි ලස්සනට අපේ පැරණි ගීතත් ගයන්න පුළුවන්. ඔහු බටහිර පන්නයේ කෙනෙක් කියල හැමෝම හිතුවට රොනී තුළ ඉතාම හොඳ ගැමියෙක්, සරල මනුෂ්‍යයෙක් ,හොඳ ලාංකිකයෙක් ජීවත් වුණා. ඔහු අප්‍රමාණව මේ රටට රටේ මනුෂ්‍යයන්ට ආදරය කළ කෙනෙක්.
මේ ටිකත් නොකියම බෑ රොනී කියන්නේ අපේ පැරණි ගීත කලාව සංරක්ෂණය කළ සිවිල් පුද්ගලයෙක්. ඔහු පරණ ගීත එකතුවක් ඔහුගේ නිවස තුළම පවත්වාගෙන ගිය කෙනෙක්. ඒ පුස්තකාලයේ ඇති පැරණි ගීත ගුවන් විදුලි සංස්ථාවේවත් නැහැ. ලංකාවේ හින්දි ජනයා අතර ඉතාම ජනප්‍රිය ‘භාරත සංස්කෘතික උළෙල^ වෙනුවෙන් රොනී අවුරුදු අටක්ම එක දිගට සහභාගි වෙමින් සහය දීලා. ඒ අයට නත්තල් මාසය වෙනුවෙනුත් නොමිලයේ ගීත ගයන්න පොරොන්දුවක් ඔහු දීලා තියෙනවා. රොනී කියන්නේ ජනතාවගේ ගායකයෙක්. එය ඔහු ගේ මළගම දා සම්පූර්ණයෙන්ම ඔප්පු වුණා. පන්සල් පල්ලි, සිංහලකම වෙනුවෙන් හදවතින්ම කැපවෙලා දෙවියන් තමන්ට දුන් හැකියාවෙන් උපරිම සේවයක් කළ නික්ම ගිය ඔහු අපේ ගීත කලාවට අහිමි වීම අතිවිශාල පාඩුවක්.

නාලිකා රාජපක්ෂ

 2018-11-28-ent-16

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල