Skip to main content

Posts

Showing posts from February, 2019

රංගන ශිල්පීනී පියුමි හංසමාලිට සීතල හැදිලා කරපු වැඩේ

සද්ධා කපූර් මේ දිනවල ලන්ඩනයේ

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සද්ධා කපූර් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටයේ ළුු ‘ස්ට්‍රිට් ඩාන්සර්’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහාය. සිය පවුලේ සාමාජිකයන්ද කැටුව ගොස් සිටින සද්ධා චිත්‍රපට රූපගත කිරිම්වලින් පසුව ලන්ඩනයේ සුප්‍රසිද්ධ ස්ථාන නැරඹිමට සිය පවුලේ අය සමගින් සහභාගි වූ බවද සඳහන් වේ. මීට පෙර අවස්ථාව කිහිපයකදීම ඇය ලන්ඩනයට ගොස් තිබෙනමුත්, චිත්‍රපටයක රූපගත කිරිමක් සඳහා ඇය ලන්ඩනයේ එක්වෙන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. එමෙන්ම ඇය චිත්‍රපටයේ රූපගත කිරිම්වලට අමතරව පැය තුනකට ආසන්න කාලයක් සිය රූපගත කිරිම් කටයුතු පුහුණු වෙන්නට වැය කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ

නිරුවත කියන්නෙත් කලාවක්

අද සාරවිට කතාබහට එකතු කරගත්තේ නවක නිරූපණ ශිල්පිනියක් වන අදීශා ශෙහානිවයි. ඇය මේ වනවිට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී තිබෙනවා. නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යාමට බලාපොරොත්තු වන අදීශා එයාගේ විස්තර අපිට කිව්වේ මෙහෙමයි. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මම අදීශා ශෙහානි. මගේ වයස අවුරුදු 22යි. දැනට මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මගේ යාළුවෙක් මට ෆොටෝෂූට් එකකට ආරාධනා කළා. මම ඒ වෙනකොට නිරූපණයට ඇලුම් කරා. ඒක නිසා මමත් කැමති වෙලා අපි ඒ ෂූට් එක කළා. ඊටපස්සේ දිගටම නිර්මාණවලට ආරාධනා ලැබුණා. මේ වෙද්දි නිරූපණය පැත්තෙන් දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්? මම මේ වෙනකොට කෙටි ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ, සහ ෆොටෝෂූට් රැසකට. චෙරියෝ සුන්දරී කියන චිත්‍රපටයට දායක වුණා. තවත් චිත්‍රපටයකට දායක වුණා. ඒක තවම තිරගත වුණේ නැහැ. නිරූපණය කරන්නේ වෘත්තීයක් විදිහටද? මම නිරූපණයට ආසයි. ඒ නිසා තමයි මම නිරූපණය කරන්නේ. නිරූපණයට අමතරව මොනවා හරි බාහිරව කරනවාද? දැනට නම් නැහැ. ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය? මුලින් මුලින්

වික්ටර්ව පුදුම කළ 77

වික්ටර් රත්නායකයන්ගේ හැත්තෑ හත්වැනි උපන් දිනය පෙබරවාරි දහඅට වැනි සඳුදාට යෙදී තිබුණා. එදින රාජගිරිය වික්ටෝරියා නිවාසයේ වෙසෙන සුවකළ නොහැකි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන් දෙසීය ගණනකට දහවල් ආහාරය ලබාදී වික්ටර් රත්නායකයන් තම උපන් දිනය සැමරුවා. හැබැයි ඉතින් වික්ටර් තමන්ගේ උපන් දිනය එහෙම සමරලා අවසන් කරන්න හිතුවට වික්ටර්ගේ බිරිඳ හෂිනි ඇතුළු තවත් කිහිපදෙනෙක් සති ගාණක් තිස්සේ අපූරු උත්සවයකට ලකලෑස්ති වුණා. දන්න කියන තේරෙන වචනයෙන් කියනවා නම් වික්ටර් රත්නායකයන්ව පුදුම කරන “සප්‍රයිස් පාටියක් මේ කට්ටිය සූදානම් කළා. ඔන්න ඉතින් ඒ ස්ප්‍රයිස් පාටියට “හදසර අපිටත් ආරාධනාවක් ලැබුණු නිසා අපිත් ඔන්න තලවතුගොඩ Grand Monarch හෝටලයට ගොඩවැදුණා.  අපි යද්දීනම් වෙලාව හයයි තිස්පහයි. ඒ වෙද්දී හෝටලයට වික්ටර් වගේම හෂිනිත් ඇවිත් හිටියේ නැහැ. හැබැයි උත්සවය මෙහෙය වීමේ කටයුත්ත බාර අරගෙන තිබුණේ අපි දන්න කියන කෙනෙක්ම තමයි. ඒ අමිත්ත වීරසිංහ, ඒ වගේම මනෝජ් පීරිස් ඇතුළු සංගීත කණ්ඩායම හෙමී හෙමීට පෙර සූදානම් එහෙමත් කළා. රෝස මල්වලින් සරසලා රතුපාට ඉටිපන්දම්වලින් ලස්සන කරලා තිබුණු ශාලාවට ඔන්න ඉතින් අපි දන්න කියන කලාකරුවන්

මගේ මුල්ම සී.ඞී.එක

ඒ ගිය අවුරුද්දෙ දවසක් හර්ෂණ දිසානායක ඉරෙන් හඳෙන් ගී ප‍්‍රසංගය කරපු දවස. කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාව අතුරු සිදුරු නැතුව සෙනඟ පිරිලා හිටියා. හර්ෂණ හරිම ලස්සනට ගීත කිහිපයක්ම ගායනා කළාට පස්සේ තමයි පැතුම් මල් කියන යුග ගීතය ගායනා කරන්න තිබුණෙ. පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වදිමු අත් බැඳන් හිතින් පෙම් පිරුණු පෙම්බර සිනා මල් අරන් ඉතින් ආදරේ ගී පද ගයමු හිත් බැඳන් මුල් පද දෙක හර්ෂණ ඊළඟ පද දෙක මම බයෙන් බයෙන් වේදිකාවට නැග්ගට මොකද අඩුවක් පාඩුවක් නැතුව මම මගේ කොටස ගායනා කළා. හර්ෂණත් කිව්වා මං ලස්සනට ගීතය ගායනා කරපු බව. ඔය සිංදුව මං කිව්වෙ 2011 අවුරුද්දෙ විතර. එතකොට මම උසස් පෙළ විභාගෙට ලියලා දේවි බාලිකාවෙන් අස්වුනු අලූත. මගේ සීයටයි අම්මටයි තමයි ඕනෑ වුණේ මගේ සිංදු තියෙන සී.ඞී. තැටියක් කරන්න. සීයා විදුහල්පති කෙනෙක්. සිංදු ලියන්නත් පුළුවන්. සීයගෙම ඕනෑකමට මම පුංචි කාලෙ ඉඳලම සිංදු කිව්වා. මට සීයා - අතුල අමරතුංග - එක ගීතයක් ලියලා දීලා තිබ්බා කුරුල්ලනේ ඉගිල වරෙල්ලා කියලා. ඒ ගීතය මට ගායනා කරන්න ලැබුණෙ හර්ෂණ දිසානායකත් එක්ක. ඒ වෙ

ෆීල්ඩ් එකේ ඉගෙනගත්තු අයට වඩා ඉගෙනගත්තු නැති අය වැඩියි

නිරූපණ ක්ෂේත්‍රයේ පැතිකඩ කිහිපයක් ඔස්සේ වැඩකටයුතු කරන සන්ෂි ‍සෙනීශා මේ වනවිට ව්‍යාපාරිකාවක් ලෙසද කටයුතු කරනවා. මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය ඔස්සේ ඇය ජනප්‍රිය වී තිබෙනවා. සාරවිට කතාබහට සෙනීශා සම්බන්ධ කරගන්න අපි හිතුවේ ඒ නිසා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සන්ෂි සෙන‍ෙශා දිසානායක. මොඩ්ල් සහ ඉවෙන්ට් කෝඩිනේටින්ග් තමයි මගේ රැකියාව විදිහට කරන්නේ. මම මොඩ්ල් බෑන්ක් එකක් කරනවා. ඊට අමතරව මමත් ෆොටෝෂූට්, විෂුවල්, ටී.වී. කමර්ෂල් ඇතුළු හැමදේටම දායක වෙනවා. කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබු‍ණේ? මම 2012දි රොසෑන් ඩයස් මහත්මයිගේ යටතේ Zsaid Images Modling Acadamy එකෙන් Catwalking සහ Modling පිළිබඳව හදාරලා තමයි ක්ෂේත්‍රයට එන්නේ. මම දැනට ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා දැනට අවුරුදු හතක් විතර වෙනවා.  නිරූපණ ශිල්පිනියක් ලෙස දායක වෙලා තිබෙන නිර්මාණ මොනවාද? මම මුලින්ම දායක වුණේ ෆොටෝෂූට් එකකට. එක් කරේ මංජුල බණ්ඩාර කියලා අපේ පවුලේ හිතවතෙක්. ඒක ඩේලි මිරර් සඟරාවේ පලවුණා. එතැනින් පස්සේ ෆැෂන් පේජ් ගොඩකට සම්බන්ධ වුණා. ගොඩක්ම කරලා තියෙන්නේ රෑම්ප් වෝකින් තමයි. මියුසික් වීඩියෝ 12කට විතර දා

අංක එක නිරෝගීකම

සිනමාවත්, රූපවාහිනියත් එක ලෙස ජයගත් ඇයට උපතින් ලැබුණු රූප සම්පත්තියත්, කෙළිලොල් බවත් නිසාම පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලැබුණා. ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ දා සිට අද දක්වාම ප‍්‍රධාන චරිතය රඟදැක්වීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. සුන්දර දඟකාර පෙනුම නිසාම පෙම්වතියගේ චරිතයට අදද වඩාත් ගැළපෙන ඇය සැබෑ ජීවිතයේදී ආදරණීය මවකි. උදාරි වර්ණකුලසූරිය නම් ඇයව අපි අද ලස්සන රහස් විශේෂාංගයට කැන්දාගෙන ආවෙමු. එන්න එන්නම තරුණ වෙනවා. මොකක්ද රහස. ලස්සනයි කියන වචනයට ගොඩක් ආස නිසා ලැබුණු ලස්සන ආරක්ෂා කරගන්න මම සෑම මොහොතකම උත්සාහ කරනවා. මම ලස්සන කියා දකින්නේ මුහුණේ ලස්සන විතරක්ම නොවේ. ඒ නිසාම මම අනිවාර්යෙන්ම ව්‍යායාම යෝග සහ භාවනා කිරීමට පුරුදු වී සිටිනවා. සතියකට දින කිහිපයක් මම ව්‍යායාම කරනවා. ඒ ව්‍යායාමය අවසානයේ විනාඩි 20 ක් විතර භාවනා කරනවා. යහපත් ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයෙන් ලැබෙන දේ වගේමයි, භාවනාවෙන් මනසට ලැබෙන සැහැල්ලූව, නිදහස් බව, වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ක‍්‍රමානුකූලව ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමෙන් ආරම්භ කර, මෛත‍්‍රී භාවනාව කරන එක මගේ දින චරියාවේ කොටසක්. මුලින්ම මටත් මා ගොඩක් ආදරය කරන අයටත්, මට ආදරය කරන අයටත

මට ඉතා සැහැල්ලූවෙන් ඉන්න ඕනෑ

‘‘බිමල් දැකලා පුරුදු කෙනෙක් එක්ක.’’.... ඕනෑම චරිතයකට ප‍්‍රවේශ වී ඊට වඩාත් අනුගතව රංගනයක යෙදෙන බිමල් ජයකොඩි යනු පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික රංගන ක්ෂේත‍්‍රයට දායාද වූ දක්ෂ චරිතාංග රංග ශිල්පියෙකි. බිමල් විවාහ වී සිටින්නේ ක්ෂේත‍්‍රයේ සිටින තවත් දක්‍ෂ රංගන ශිල්පිනියක වන සුජානි මේනකා සමගයි. මේ විදියට විස්තර කියැවෙන බිමල් මේ දිනවල ‘‘දැකලා පුරුදු කෙනෙක් එක්ක’’ තියෙන්නෙ ලොකු හාදකමක් ලූ? සුජානී ඒ ගැන බිමල්ට කී දේ ගැන වගේම මේ ‘‘දැකලා පුරුදු කෙනෙක් එක්ක’’ තියෙන දැඩි හාදකම ගැන ‘‘බිමල්’’ සඳැල්ලට කීවේ මෙලෙසිනි. බිමල් කොහොමද මේ දිනවල වැඩ කටයුතු? මේ දිනවල දියතලාවට ඇවිත් ඉන්නෙ. තේජ ඉද්දමල්ගොඩ අධ්‍යක්‍ෂණය කරන ‘‘ආශාවරී චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා මෙහි ඇවිත් ඉන්නෙ. ඊට අමතරව තවත් චිත‍්‍රපට තුනකට රංගනයෙන් දායක වුණා. දැන් ඒවා තිරගත කෙරෙනකල් බලා ඉන්නෙ. අශෝක අතාවුද හෙට්ටිගෙ කන්දක්සේමා, එක් චිත‍්‍රපටයක්. එය සුමිත‍්‍රා රාහුබද්ධ මහත්මියගේ නවකතාවකට අනුව නිර්මාණය වූවක්. ඊට අමතරව සෝමරත්න දිසානායකගේ ‘‘සුනාමි’’ චිත‍්‍රපටයේ රඟපෑවා. ‘‘1970 ලව් ස්ටෝරි’’ චිත‍්‍රපටය කළේ අරුණ ජයවර්ධන.   ඒ කියන්නෙ බිමල්ට කාර්ය බ