Skip to main content

මගේ මුල්ම සී.ඞී.එක


2019-02-20-ent-241
ඒ ගිය අවුරුද්දෙ දවසක්
හර්ෂණ දිසානායක ඉරෙන් හඳෙන් ගී ප‍්‍රසංගය කරපු දවස.
කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාව අතුරු සිදුරු නැතුව සෙනඟ පිරිලා හිටියා. හර්ෂණ හරිම ලස්සනට ගීත කිහිපයක්ම ගායනා කළාට පස්සේ තමයි පැතුම් මල් කියන යුග ගීතය ගායනා කරන්න තිබුණෙ.

පැතුම් මල් නෙලා
පැසකට අතින් අත අරන්
ගොසින් ජීවිතේ සමනොල
වදිමු අත් බැඳන්
හිතින් පෙම් පිරුණු පෙම්බර
සිනා මල් අරන්
ඉතින් ආදරේ ගී පද
ගයමු හිත් බැඳන්
මුල් පද දෙක හර්ෂණ
ඊළඟ පද දෙක මම
බයෙන් බයෙන් වේදිකාවට
නැග්ගට මොකද අඩුවක් පාඩුවක්
නැතුව මම මගේ කොටස
ගායනා කළා. හර්ෂණත් කිව්වා
මං ලස්සනට ගීතය ගායනා
කරපු බව.

ඔය සිංදුව මං කිව්වෙ 2011 අවුරුද්දෙ විතර. එතකොට මම උසස් පෙළ විභාගෙට ලියලා දේවි බාලිකාවෙන් අස්වුනු අලූත. මගේ සීයටයි අම්මටයි තමයි ඕනෑ වුණේ මගේ සිංදු තියෙන සී.ඞී. තැටියක් කරන්න. සීයා විදුහල්පති කෙනෙක්. සිංදු ලියන්නත් පුළුවන්. සීයගෙම ඕනෑකමට මම පුංචි කාලෙ ඉඳලම සිංදු කිව්වා.
මට සීයා - අතුල අමරතුංග - එක ගීතයක් ලියලා දීලා තිබ්බා කුරුල්ලනේ ඉගිල වරෙල්ලා කියලා.
ඒ ගීතය මට ගායනා කරන්න ලැබුණෙ හර්ෂණ දිසානායකත් එක්ක. ඒ වෙද්දි හර්ෂණ ඉගෙන ගන්තෙ ආනන්දෙ. අත්තම්මා නිවන් ගිහින් සිංදුවයි, ඉරෙන් හඳෙන් සිංදුවයි නිසා ඒ කාලෙ හර්ෂණව නාඳුනන කෙනෙක් නැති තරම්. ඉතින් මගේ යුග ගීතය ගයන්න හර්ෂණ එකතු වීම මට සතුටක් වුණා.
කොහොම හරි ඔය ගීතයට පස්සෙ හර්ෂණයි මායි නිතර මුණගැහුණා. එක්කෝ ගුවන් විදුලියෙදි නැත්නම් රූපවාහිනියෙදි එහෙමත් නැත්නම් ස්කෝලෙක සංගීත වැඩසටහනකදී.
මගේ සී.ඞී. තැටියට දැන් ගීත ගණනාවක් හරි. හැබැයි ඒ ඔක්කොම ළමා ගීත. මේ වෙනකොට මම යුවතියක් නිසා පේ‍්‍රම ගීතයකුත් ගයන එක හොඳයි කියලා අම්මා කල්පනා කළා. පස්සෙ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො හමුවුණා. මට ගයන්න පේ‍්‍රම ගීතයක් හොයා ගන්න. ඒ වෙලාවෙ හාමුදුරුවො ළඟ තිබුණ බුද්ධිකා නිශාන්ති සෙනරත් යාපා ලියපු ගීතය අම්මාට දීලා.
මේක යුග ගීතයක්. ගැලපෙන පිරිමි ළමයෙක් හොයා ගන්න වෙයි
හාමුදුරුවො අම්මට කියලා.
හර්ෂණ දිසානායක පුතා හොඳයිනෙ.
අම්මා කිව්වහම හාමුදුරුවොත් ඒකට කැමති වෙලා.
ඔන්න ඉතින් මායි හර්ෂණයි පැතුම් මල් සිංදුව ගායනා කළා.
මැවෙයි හිත පිනයි
කතරේ මිරිඟු දිය කැණී
මුලා වනු එපා ජීවන
පහන මම වෙමී
පිපී අත වනයි මා වෙත
බොළඳ හසරැුලී
පියාඹනු එපා ආදර
කිරුළ මට හිමී
මේ පදවල තියෙන්නෙ අපූරු බවක්. ඒ කාලෙ ස්කෝලෙන් අවුට්වුණු ගමන්ම නිසා සිංදුවෙ අරුත මහ ලොකුවට හිතට දැනුනෙ නැතුවට මොකද මට පදවල අපූර්වත්වයක් පෙනුණ. හර්ෂණත් හැඟුම්බර වෙලා සිංදුව කිව්වෙ. මගේ දිහා හොරෙන් හොරෙන් බල බලා.
ඔය ලස්සන සිංදුව මගේ සී.ඞී. එකට ඇතුල් වුණා. සී.ඞී. එකේ තිබුණු සිංදු අතර මම වැඩියෙන්ම පි‍්‍රය කළෙත් මේ ගීතයට.... එකක් මගේ පළවෙනි පේ‍්‍රම ගීතය වීම. අනික ළමා ගී කිය කිය හිටපු මම යුවතියක් විදිහට ගයපු පළවෙනි ගීතය වීම. ඔන්න ඉතින් මගේ පළවෙනි සී.ඞී. එක වලාකුළු වනන්තරේ නිකුත් වෙනවා. මේ වෙනුවෙන් ජනගත කිරීමේ උළෙලක් පැවැත්වුණා. ඒ බොරැුල්ලෙ නාමෙල් මාලිනී පුංචි තියටර් එකේ. ඒ උත්සවයෙදීත් මායි හර්ෂණයි මේ සිංදුව ගායනා කළා. එදා මම ඇඳලා හිටියෙත් සාරියක්. හර්ෂණත් කමිසෙ අත් එහෙම දිගට දාලා එදා අපි දෙන්නා මේ සිංදුව කියද්දී ශ‍්‍රාවකයෝ අහගෙන හිටියේ ඇස් පියාගෙන දැහැන් ගතවෙලා. අපි දෙන්නත් සිංදුව කිව්වෙ දැහැන්ගත වෙලා. පස්සෙදි ඇවිත් හිටිය රසික පිරිස් මගේ සී.ඞී. එක අරගෙන ගියා. ඒ හුඟක් අය කිව්වෙ පැතුම් මල් සිංදුව හරි ලස්සනයි. දිගටම ඒ වගේ හෙමින් ගයන ගීත ගායනා කරන්න කියලයි. හර්ෂණත් කිව්වෙ මට ගැලපෙන්නෙ හෙමින් ගයන ගීත රිද්මය කියලා.

දුරයි පා රිදෙයි යන මග
රුදුරු කටු ඇනී
අඬන්නට එපා තනියම
සදා ළඟ ඉමී
අඳුරු ඝනවලා හිනැහේ
රිදී ඉරි ඇඳේ
වසන්තය වෙලා ඉමු අපි
ගෙවෙන තුරු දිවී


ලිව්වේ - ශාන්ත කුමාර විතාන

2019-02-20-ent-2422019-02-20-ent-243 2019-02-20-ent-240

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.