Skip to main content

Posts

Showing posts from May, 2019

ඇඩ් එකකින් මෙච්චර මුදලක් අරන් මම මොනා කරන්නද

මට අවශ්‍ය නැහැ ලොකු බලාපොරොත්තු....   අපිට සුදු ජාතිකයින්ගෙන් විමසන්න බැහැ ඇයි ඔවුන් සුදු පාට කියලා..   මලයාලම් සිනමාපට හරහා ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්ත "සායි පල්ලවී" කෙටි කාලයකින් ජනප්‍රියත්වයේ ඉහළටම ආපු කෙනෙක්.   "කාලි", "ප්‍රේමම්", "ෆීඩා", "මාරි 2" වැනි චිත්‍රපටවලින් දක්ෂතා පෙන්නපු සායි පල්ලවී වෘත්තියෙන් වෛද්‍යවරියක් බව ඔබ නොදන්නවත් ඇති.   දමිළ සිනමාවේ සුපිරි තරුවක් විදිහට කවුරුත් දන්න "සූර්යාගේ" නවතම චිත්‍රපටය වන NGK චිත්‍රපටියෙනුත් ඇය නුදුරු දිනයක කලඑළි බහින්න සුදානම්. ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයකටම හිමිකම් කියන්න සමත් වුණූ ඇය ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා අලුත්ම පුවතක් වාර්තා කර තිබුණා.   ඒ ඇය විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකක (ලංකා මුදලින් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක්) රූපලාවන්‍ය සම්බන්ධ වෙළඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කළ පුවතයි.   එම දැන්වීම ප්‍රතික්ෂේප කරමින් ඇය කියා තිබුණේ ඇයට එතරම් විශාල මුදලකින් ප්‍රයෝජනයක් නැති බවයි.   "ඇඩ් එකකින් මෙච්චර මුදලක් අරන් මම මොනා ක

එවරස්ට් නැග හෝරාවකින් අවසන් ගමන් ගිය පියෙකුගේ සංවේදී කතාව

ලොව බයානකම කඳු තරණය වන එවරස්ට් තරණයේදී අත්වූ අවාසනාවන්ත ඉරණමක තවත් එක් කඳුළු කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.   මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයර්ලන්ත ජාතික සීමස් නමැති 39 හැවිරිදි පුද්ගලයෙක්.   කඳු නගින්නෙකු වූ සීමස් සිය බිරිඳට කෙටි පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් එය සිදුකළ බවයි.   ඒ වනවිටත් කුළුඳුල් දරු උපතට සූදානමින් සිටි ඔහුගේ බිරිඳ සිය සැමියාගෙන් ලැබෙන අවසන් පණිවුඩය එය බවට කිසිවිටෙක නොසිතන්න ඇති.   එහෙත් අවාසනාව එම පණිවුඩය යවා හෝරාවකින් පසුව සීමස් සොයා එන්නේ කිසිවෙකු නොසිතූ ලෙසයි.   ලෝක ප්‍රසිද්ධ එවරස්ට් කඳු මුදුනේ පිහිටා ඇති බැල්කනි ප්‍රදේශයේ සිට අඩි 27 000ක් පමණ පහළට ඇදවැටීමෙන් සීමස් සිය ජීවිතයෙන් සමුගෙන යනවා.   මේ අතර විදෙස් මාධ්‍යය වාර්තාවලට අනුව පසුගිය දින 9කදී හිමාල තරණයට ගිය පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.   මෙලෙස ජීවිතක්ෂයට පත්ව හිමාල කඳු මුදුනට ගමන් ගන්න මාර්ගය අසල තිබු පුද්ගලයෙකුගේ මල සිරුරක් කැනේඩියානු ජාතිකයෙකු විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.   එම ඡායාරූපය වෙත ල

බුර්කා ඇඳගෙන ඇවිත් බංග්ලාදේශ සිසුවියක් ගිනි තබා ඝාතනය කළ බවට 16 කට චෝදනා

ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස සිදුකළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බංග්ලාදේශයේ පාසල් දැරියක් ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 16 දෙනෙකුට චෝදනා ගොනුකර තිබෙනවා. පසුගිය අප්‍රේල් 6 වනදා සුස්රාත් ජහාන් රාෆි නැමති බංග්ලාදේශ මද්‍රසා පාසලක 19 හැවිරිදි දැරියක් භූමිතෙල් දමා මෙලෙස ඝාතනය කර තිබුණේ හඳුනාගත නොහැකි අයුරින් බුර්කා පැළඳ පැමිණි පිරිසක්.

සමලිංගිකයන්, විෂමලිංගික කිරීමට උත්සාහ කළ කෲර ප්‍රතිකර්ම

සමලිංගික ප්‍රජාවට මීට දශක කිහිපයකට පෙර ලෝකය තුළ අද මෙන් නිදහස් ජීවිතයක් උරුම නොවීය. රෝගීන් ලෙසත්, අපරාධකරුවන් ලෙසත් ඔවුන් දැඩි මර්දනයට සහ අවමානයට ලක්කර තිබුණි. ලෝකය තුළ කලින් කලට සිදු වූ ජනතා අරගල මඟින් විවර වූ නව දේශපාලන තත්ත්වයන් විසින් සහ වෛද්‍ය විද්‍යාව විසින් මෙහි ජීව විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ සත්‍යය අනාවරණය කිරීම මඟින් ද, විවිධත්වය ඇගයීමට සහ දුර්මත දුරුකිරීම හැකි වීම ඔස්සේ සමාජ දේශපාලන නිදහසක් උරුම කරගත හැකි විය. මේ සම්බන්ධ සංවාදයේ දී නැඟෙන පැනය නම්, අනෙකාගේ පුද්ගලික රුචිකත්වය තීරණය කිරීමට තවත් පිරිසක් වෙහෙසිය යුතු වන්නේ ඇයි ද යන්න යි. 1969 සමලිංගික අයිතිය වෙනුවෙන් මෑන්හැට්න් හි පැවැත්වූ රැලිය (livefasttryingnottodieyoung) එසේ අනෙකාගේ ලිංගික රුචිකත්වය බලහත්කාරී ලෙස  ප්‍රතිකාර මඟින්  වෙනස් කිරීමට උත්සාහ කළ ඛේදනීය ඉතිහාසයක් පවතියි. 1899 දී ජර්මන් ජාතික මානසික වෛද්‍යවරයෙකු වූ එරින් බ්ලේක්මෝර් යම් පරීක්ෂණයකින් පසු ව ප්‍රකාශ කළේ තමන් විසින් සමලිංගික පුරුෂයෙකු විෂමලිංගික බවට පත්කළ බව යි. අවස්ථා 45ක දී මෝහනයෙන් නින්දට පත්කර, එතෙක් පුරුෂයන් කෙරෙහි ඇල්මක් දැක්වූ සමලිංගික පුරුෂයෙකු ක

Hulk වගේ ඇඟ හදාගන්න අධි කායවර්ධන එන්නත්වලට ඇබ්බැහි වූ කායවර්ධන ශිල්පියා

Valdir Segato නම් 50 හැවිරිදි බ්‍රසීල ජාතික කායවර්ධන ශිල්පියෙක් තම සිරුරෙ මාංශ පේශි වර්ධනය වෙනුවෙන් අධික ලෙස මේදය අඩංගු එන්නත් ශරීර ගත කර ගැනිමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වෘත්තියෙන් කම්කරුවෙක් වන මොහු කුඩා කල සිටම තම ශරීරය වර්ධනය කර ගැනීමේ ආශාවෙන් පෙළී ඇති බව සඳහන්. ඒ අනුව ඔහු කායවර්ධන මධ්‍යස්ථානයකට සම්බන්ධ වී සිය කායවර්ධන ව්‍යායාමයන්වල නිරත වුවත් ඔහුට ඉක්මනින් Hulk වැනි විශාල මාංශ පේශි සහිත ශරිරයක් අවශ්‍ය වූ නිසා කායවර්ධන ශිල්පීන්ට ලබා දෙන විවිධ එන්නත් ශරීර ගත කර ගැනීමට 2016 වසරේ සිට ඇබ්බැහි වී ඇති බවයි සදහන් වන්නේ. අද වන විට ඔහුට මේ ඇබ්බැහි වීම නතර කරන ලෙස පැවසුවද ඔහු එය නතර නොකරන බවත් ඔහුට ඔහුගේ අවශ්‍යතාවය ඉෂ්ඨ වනතෙක්ම එන්නත් ශරීර ගත කරගන්නා බවත් ඔහු පවසනවා. මේ කෘතිම එන්නත් වර්ග වන සින්ටෝන් ආදීය ශරීර ගත කර ගැනීම නිසා මේ වන විටත් ඔහු ස්නායු ආබාධ,ආමාශ ආබාධ, මස්තිෂ්ක ආඝාතය, ආසාදිත සංකූලතා වැනි වූ ජීවිත අවධානමට ලක් විය හැකි රෝගාබාධ බොහෝ ප්‍රමාණයකට ගොදුරු වී ඇති බවත් සදහන්. 

තාරුණ්‍යය කුල්මත් කළ බොලිවුඩයේ සරාගී යුවතිය ක්‍රිති ෂැනොන්

තරුණ පරපුර අතර ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළියන් අතරේ ක්‍රිති ෂැනොන්ට හිමිවන්නේ සුවිශේෂි තැනකි. ඇය අවසන් වරට දායක වූ චිත්‍රපට බොහෝමයක් ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වු අතර, මේ වසරේ ඇය, කාර්තික් ආර්යන් සමගින් රංගනයෙන් දායක වූ ‘ලුකා චුප්පි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 125ක ආදායමක් උපයා ගැනිමට සමත් විය. ‘හීරෝපාන්ත්’ චිත්‍රපටය තුළින් බොලිවුඩයට පැමිණි ඇය මේ වනවිට සිය ඉන්ටර්ග්‍රෑම්ස්’, ‘ෆේස්බුක්’ හා ‘ටිවිටර්’ ගිණුම් හරහාද විශාල රසික පිරිසක් එකතු කරගෙන සිටියි. ඇය පසුගියදා සිය සමාජ ගිණුම් හරහා වසර පහක සිය සිනමා ගමන ගැන රසිකයන් දැනුම්වත් කරමින් විඩියෝවක් එක් කරද තිබුණ බව සඳහන් වේ.

මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව සුළු පියා කියා සිටියා- Ellenගෙන් හෙළිදරව්වක්

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් ලොව ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටින Ellen DeGeneres යොවුන් වියේ දී සුළු පියා අතින් අපයෝජනයට ලක්වූ ආකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කර තිබේ. මෙම සිදුවීම ගැන 2005 දී පළමුවරට ඇය ප්‍රකාශ කළ නමුත් ඒ ගැන දැන් විස්තරාත්මකව පවසා සිටින්නට සිතුවේ “කිසිම පුද්ගලයකුට, කිසිමදාක එවැනි දෙයක් කිරීමට ඉඩ නොදෙන තත්වයට ගැහැණු ළමුන් කටයුතු කරනු දැකීමට වුවමනා නිසා” යැයි David Lettermanගේ මයි නෙක්ස්ට් ගෙස්ට් නීඩ්ස් නෝ ඉන්ට්‍රඩක්ෂන් නම් වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කර ඇත. මවට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව දැනගැනීමෙන් පසු කාලයේ දී එනම්, Ellenගේ වයස අවුරුදු 15 හෝ 16 දී සුළු පියා විසින් ලිංගික අඩන්තේට්ටම් කළ බව ඇය ප්‍රකාශ කළා ය.    “ඔහු මට පැවසුවා.... ඇගේ(මවගේ) පියයුරේ ගැටිත්තක් ඇති බව දැනෙන නිසා මගේ පියයුරත් පිරික්සා බැලිය යුතු බව.” සුළු පියා පළමු වරට තමන්ට අඩන්තේට්ටම් සිදු කළේ මව නගරයෙන් පිටතට ගිය අවස්ථාවක බව Ellen පැහැදිලි කළා ය. “මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව කෙසේ හෝ ඒත්තු ගන්වන්න ඔහුට වුවමනා වුණා. සහ ඔහු වෙන වෙලාවක නැවත එය සිදු කිරීමට උත්සහ කළා. තවත් වෙලාවක මගේ කා

ලොවක් ආදරය කරන වතිකානුවේ පාප්තුමන් ට දුන් මෝටර් සයිකලය වෙන්දේසි කර අනාථ නිවාසයකට මුදල් ලබා දෙයි

වතිකානුවේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හට ජර්මනියේ යතුරුපැදි කණ්ඩායමක් වන "ජීසස් බයිකර්ස්" විසින් හාලි ඩේවිඩ්සන් යතුරු පැදියක් ලබා දී තිබෙනවා. එම සමාගම විසින් මෙම යතුරුපැදිය පාප්වහන්සේ වෙනුවෙන්ම නිපදවා තිබෙන අතර එතුමන් මෙම යතුරුපැදිය වෙන්දේසි කර ලබන මුදල උගන්ඩාවේ අනාථ නිවාසයකට දීමට සැරසෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

නර්තන පංතියෙ නටන නිසා ඇඟේ හැඩය තියාගන්න පුළුවන්

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නර්තන ගුරුවරියක් ලෙසින් මේනකා පීරිස් ප‍්‍රසිද්ධය. දින දින ලස්සන වෙන මේනකාගෙන් ලස්සන වීමේ රහස දැන ගන්න අපි ඇය සොයා ගියෙමු. ‘‘මාස හයක කාලයක් රඟපෑමේ කටයුතුවලින් අයින් වෙලා මම පවත්වා ගෙන යන නර්තන පන්තියේ ප‍්‍රසංගය වෙනුවෙන් කැප වුණා. ප‍්‍රසංගය එළිදැක්වීමේ උත්සවය පවත්වන්න හිටියේ ගෙවුණු අපේ‍්‍රල් 21දා රටේ ඇති වුණ අවාසනාවන්ත තත්ත්වය නිසා ප‍්‍රසංගය පැවැත්වීම කල්දැම්මා. ඇය කතාවට මුල පිරුවේ එසේය. මේනකාගේ අලූත්ම කටයුතු කොහොමද? ම්... මම මගේ අලූත් නර්තන ක්ලාස් එක අනුරාධපුරේ ආරම්භ කරනවා මේ මාසයේදී. ඒක තමයි අලූත් දෙයකට තියෙන්නේ. මීට අවුරුදු දෙකකට කලින් කඩවතයි ගල්කිස්සෙයි ආරම්භ කළ නර්තන පන්තිවලත් මේ වනවිට හොඳ ප‍්‍රතිචාරයක් තියෙනවා. නර්තන කටයුතුවල නිරත වෙන නිසාද ඔච්චර ලස්සනට ඇඟ තියාගෙන ඉන්නේ? වෙන්න ඇති. ව්‍යායාම කටයුතු නම් මගේ අතින් දැන් වෙන්නෑ. සෙනසුරාදාටයි ඉරිදාටයි නර්තන පන්තිවල ගොඩක් නටන නිසා ඇෙඟ් හැඩය ලස්සනට තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ විශ්වාස කරනවාද කාන්තාවක් ලස්සනට ඉඳීම වැදගත් කියලා? ඔව්. කාන්තාවක් මුහුණෙන් ලස්සන වෙනවා වගේම හදවතින්ම ලස්සන විය

Gihani Weerasingha Photoshoot

Gihani weerasingha