Skip to main content

Posts

Showing posts from June, 2019

නිවේදිකාවක් වුණ සෙව්වන්දි

මේ දිනවල ස්වාධින රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන ‘තෝඩු’ ටෙලි නාට්‍යයේ ‘දිනිති’ ලෙස රංගනයෙන් දායක වෙන සෙව්වන්දි නයනතාරා ප්‍රේක්ෂකයන් අතර ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් සිටින යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හැඳින්විය හැකිය. මේ වනවිට ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරමින් සිටින අතර, ඇය ඒ පිළිබඳව අපිට දැක්වුයේ මෙවැනි අදහසකි. ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘විවාහ’ මංගල වැඩසටහන මේ වනවිට ඉදිරිපත් කරන්නේ මම. දැන් මාස දෙකක් තිස්සේ මම මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. පළමු වතාවට නිවේදන කටයුතු කරන නිසා මේක මට අමුතුම අත්දැකිමක්. හොඳ රසික ප්‍රතිචාරත් ලැබෙනවා. ඊට අමතරව තවත් මේ වගේ වැඩටහන් කිහිපයක්ම ආරාධනාත් ලැබිලා තියෙනවා. රංගනය, නිවේදනයට අමතරව මේ දිනවල වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මම පෙනි සිටිනවා. ඒවාට නිතරම වගේ ආරාධනා ලැබෙනවා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් කලා ශිල්පිනියක් විදිහට මේ වැඩත් එක්ක ටිකක් විතර කාර්යබහුලයි.

මම ජීවිතේ ජය අරගෙන ඉවරයි

අයෝමි මේ දවස්වල මොකද කරන්නේ..? මේ දවස්වල මම සුපුරුදු පරිදි මගේ වෘත්තියේ නියැලිලා ඉන්නවා. මම සේවය කරන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායෙයි. ඉතින් ඒ රාජකාරි කටයුතුවල නියැලිලා ඉන්නවා. රූපවාහිනී සේවයෙත් 2012 වසරේ පැවැත් වූ රණවිරු රියල් ස්ටාර් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඊට පස්සේ යුද හමුදා සංගීත ප්‍රසංගවලට මම සහභාගී වෙනවා. රණවිරු සංගීත වැඩසටහන්වලට සහභාගී වෙනවා. එසේම අවසරය ලත් පරිදි එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම මම සහභාගී වෙන්නේ මගේ රාජකාරියට බාධාවක් නොවන පරිද්දෙනුයි. අයෝමි කියන්නේ යුද හමුදා නිලධාරිනියක් වගේම ගායිකාවක්.. පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්න ද...? පුංචි කාලේ යුද හමුදාවට බැදෙන්නවත්, ගායිකාවක් වෙන්නත් එහෙම ලොකු හීනයක් තිබුණේ නැහැ. හැබැයි කවදාහරි සමාජයට, රටට, බරක් නැති කෙනෙක් වෙන්න ඕනේ කියලා නම් තේරෙන වයසේ ඉඳලම මගේ හිතේ තිබුණා. අයෝමිගේ පවුලේ විස්තර ටිකකුත් කියමුද..? මලේ පවුලේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නයි, නංගියි, මමයි තමයි හිටියේ. මගේ තාත්තා මීට වසර හතරකට කලින් මිය ගියා. අපේ පවුලේ ගෑනු ළමයින්ම හතර දෙනෙක්.  අක්කලා දෙන්නයි, න

මට ලැබුණු අවස්ථාවන් එක්ක ලැබුණු මේ දේවල් ගොඩක් වටිනවා

මේ වනවිට පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වී සිටින්නේ ඇයයි. ඒ සංගීතේ ටෙලි නාට්‍යය තුළිනි. සංගීතේ අසේනිගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. මේ වනවිට වයස් බේදයකින් තොරව ආදරය හිමිකර ගත් ඇය ගීත්මා බණ්ඩාර වෙයි. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතා බහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය. මේ දවස්වල සතුටෙන් ඉන්නවා කියලයි ආරංචිය? ඔව්, ගොඩක් සතුටක් තියෙනවා. හේතුව සංගීතේ ටෙලි නාට්‍යය. පාරේ ගියත් ගොඩක් අය ළඟට ඇවිත් ඔයා නේද අසෙනි කියල අහනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ සතුටත් සමඟ කාලය ගත කරන්නේ. 'සංගීතේ' ඔබේ පළමු ටෙලි නාට්‍යයද? නැහැ. ඊට පෙර 'අහස් මාලිගා' ටෙලි නාට්‍යයේ තරු කියන චරිතය රඟපෑවා. ඉන් පසු 'නීල පබළු' ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඔය අතර කාලයේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. තව අලුත් නිර්මාණ බාර ගත්තේ නැද්ද? වෙන නිර්මාණ කිසිවක් භාරගත්තෙ නැහැ. 'සංගීතේ' ට තමයි මූලිකත්වය දීලා මුළු කාලයම වැය කරන්නේ. ඒ නිසා එම නාට්‍යය වෙනුවෙන් මම උපරිමයෙන්ම කැප වෙනවා. කලාවට මඟ පෑදෙන්නේ කොහොමද? මම දැන් අවුරුද්දක පමණ කාලයක ඉඳන් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වලට දායක වෙනවා. ඊට පස්සේ මේ අව

මෙනුෂි දෙවැනි ටෙලි නාට්‍යයයේ වැඩ

මෙවර ‘සිරස අවුරුදු’ කුමරිය තේරි පත්වූ මෙනුෂි බණ්ඩාර මේ දිනවල රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකම දකින්නට ලැබේ. වර්තමානය වනවිට රංගනයටද පිවිස ඇති ඇය සිය දෙවැනි ටෙලි නාට්‍යය සඳහා එක්ව තිබේ. මේ දිනවල මගේ දෙවැනි ටෙලි නාට්‍යයේ රූපගත කිරිම් කටයුතු සිදු වෙනවා. මම තමයි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ. ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු ඉවර නැති නිසා තවමත් නමක් දාලා නැහ. මගේ පළමු ටෙලි නාට්‍යය තමයි ‘ප්‍රාර්ථනා’ ඒ නිර්මාණයක් තවමත් විකාශය වුණේ නැහැ. මම හිතනවා නුදුරේම එකත් විකාශය වෙයි කියලා.

වැඩ ගොඩකට ආරාධනා ලැබුණා

මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන ‘නීල පබලු’ ටෙලි නාට්‍යයේ ‘මොනිකා’ චරිතය හරහා රංගනයට පැමිණි අමන්දා ජයරත්න රූපවාහිනි වෙළෙඳ දැන්විම් බොහෝමයකින් වර්තමානයේ ප්‍රේක්ෂක ඔබ මුණ ගැසේ. ඉදිරියේදී ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘තෝඩු’ ටෙලි  නාට්‍යය තුළින්ද අපට අමන්දා දැකගත හැකි වේ. ඒ පිළිබඳව ඇය අපිට දැක්වූ අදහස් කිහිපයකි මේ. ‘තෝඩු’ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ‘පහන්දී’ කියන චරිතය. මේ දිනවල එහි රූපගත කිරිම් සිදුවෙනවා. නමුත්, ටෙලි නාට්‍යය තුළ තවමත් ‘පහන්දී’ කියන චරිතය විකාශය වුණේ නැහැ. තව නොබෝ දවසකින් ඒ චරිතය ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. මම නිළියක් වුණෞ මැතකදී. චම්පි සිරිවර්ධන මහත්මිය යටතේ මම ‘බ්‍රයිඩ්ල්’ පොටේ ෂූට්වලට ගොඩක් වෙලාවට පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලත් ඉඳලා තියෙනවා. වැඩ ගොඩකට ආරාධනා ලැබිලාත් තියෙනවා. ඒවා ඉදිරියට කියන්නම්

මෙගන් - හැරීගේ අලුත උපන් බබා ආර්චි පියවරුන්ගේ දිනයේදී මූණ පෙන්වලා

පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන් යුවළගේ බිළිඳු පුත් ආර්චි කුමරුගේ ඡායාරූපයක් රාජකීය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවකට එක්කිරීම නිසා එරට මාධ්‍ය තුළ නැවතත් ඔවුන් ගැන කතාබහක් ඇරඹී ඇත. ආර්චිගේ මුහුනේ කොටසක් නිරාවරණය වන ලෙස එම ඡායාරූපය එළි දැක තිබුනේ පසුගිය ඉරිදාට යෙදුණ පියවරුන්ගේ දිනයට සමරුවක් ලෙසිනි.

ජනප්‍රිය ගායිකා සෙලිනා ගෝමස් අන්තර්ජාලය කළඹයි

සෙලිනා ගෝමස් කියන්නේ ලෝකයේ ජනප්‍රිය මෙන්ම දක්ෂ ගායිකාවක් මෙන්ම ජනප්‍රිය නිලියක් .  එම නිසාම ඇයට ලොව වටා ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සිටින අතර පසුගිය දිනවලදී ඇය පිලිබදව නොයෙකුත් පුවත් මවන්නට විය. කෙසේවෙතත් මෑතකදී ඇය විසින් කරන ලද ෆොටෝ ෂූට් එකක් අන්තර්ජාලයේ දැඩි ලෙස කතාබහ වන අතර එම මොහොතේදී ගනු ලැබූ සරාගී ඡායාරූප කිහිපයක් තමයි මේ .

යළිත් මවක් වූ ඊශා ඩියොල්

2000 දශකයේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියක් වූ ඊශා ඩියොල් නැවත වරක් මව් පදවිය ලැබීය. ඒ ජුනි 10 වැනිදා මුමබායි හි පෞද්ගලික රෝහලක් තුළය. ඊශාට මෙවර දියණියක් ලැබුණ අතර, ඇයට මේ වනවිට මිරායා ලෙස නම් තබා තිබේ. මිට පෙර ඊශාට පුතෙක්ද සිටින අතර, ඔහු මේ වනවිට තුන්වැනි වියෙහි පසුවන්නීය.සිය දියණිය සමගින් රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය මුණ ගැසුණ ඊශා ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් සියල්ලම ස්තුතිය පළ කර තිබුණි. එමෙන්ම ඊශාගේ මාපියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමා මාලිනි හා හින්දි සිනමා නළු ධර්මේන්ද්‍රද සිය සුබපැතුම් ‘ටිවටර්’ ගිණුම් හරහා පළ කර තිබුණ බව සඳහන් වේ.

අපේ "ICE CREAM" දන්සල