Skip to main content

ෆ්‍රයිඩි රයිස් එකේ චරස් ගාලා හැපුණේ කැරපොත්තෙක්

20190627Akash-1ආකාශ්,,. අපිට ඔයා ගැන විස්තරයක් කියන්න..?
මගේ නම ආකාශ් විහඟ ගුණතිලක. මට දැන් වයස අවුරුදු දහතුනයි. මම ඉගෙන ගන්නෙ කොළඹ රාජකීය විදුහලේ නවය වසරේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි විතරයි. මගේ අම්මා නිලූෂා වීරසේකර. තාත්තා රනිල් ප්‍රියංකර. මගේ තාත්තාට මියුසික් බෑන්ඩ් එකක් තියෙනවා. මට චූටි නංගි කෙනෙක් ඉන්නවා.
ආකාශ්ට රංගනයට එකතු වෙන්න කලින් වෙළෙඳ දැන්වීම් බොහොමයකට එකතු වෙන්න අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. මට පුංචි කාලෙ ඉඳන්ම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. බත්තරමුල්ල waters-age hotel එකේ තිබුණු මගේ මාමාගේ දුවගේ බර්ත් ඩේ එකට සුරංග ගුණතිලක අංකල් ඇවිත් හිටියා. එතකොට මගේ වයස අවුරුදු හතර හමාරක් විතර ඇති. මාව දැකපු සුරංග අංකල් අපේ මාමාගෙන් මම ගැන අහලා තිබුණා. අර පොඩි පුතාව ඇඩ් එකකට ගන්න කැමතියි. කවුද කියලා හොයලා දෙන්නකො.. කියලා ඒ අංකල් අපේ මාමාට කිව්වාම මාමා, ඒ මගේ නංගිගේ පුතානෙ.. කියලා මාව හඳුන්වා දීලා. ඊටපස්සෙ මම ගැන අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා තිබුණා. ඉතින්.. පස්සෙ අම්මලත් කැමති වුණාම මාව ඇඩ් එකට ගත්තා.
අවුරුදු හතර හමාරකින් ඇරඹුණු ආකාශ්ගෙ ඒ ගමන එතනින් නතර වුණේ නැහැ.. එහෙම නේද..?
ඔව්.. ඊටපස්සෙ දිගින් දිගටම මාව වෙළෙඳ දැන්වීම්වලට ගත්තා. අම්මයි තාත්තයි මට ආපු හැම වෙළෙඳ දැන්වීමකටම මාව යොමු කළේ නැහැ. හොඳට හොයලා බලලා හොඳ වෙළෙඳ නාමයක් තියෙන වෙළෙඳ දැන්වීම්වලට විතරක් මාව යොමු කළා. මම කරපු ඇන්කර් මිල්ක් වෙළෙඳ දැන්වීමෙ මම හිටියෙ ඉන්දීය නිරූපිකාවක් එක්කයි. ඒකෙ අධ්‍යක්ෂකගේ සිට සියලු දෙනාම ඉන්දියන් අයයි. Model bank එකේ අය පවා හිතලා තියෙන්නෙ මගේ නමත් එක්ක මාත් ඉන්දියානු පිරිමි ළමයෙක් කියලයි. කුමාර් සංගක්කාර එක්ක වෙළෙඳ දැන්වීමකටත් මම පෙනී හිටියා. ඒ වගේ ආසාවෙන් කරපු වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම තියෙනවා. කොහොමටත් මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් හතළිහක් විතර කරලා තියෙනවා.
වෙළෙඳ දැන්වීම්වලට යොමුවෙද්දී ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද..?
මට ලැබෙන හැම වෙළෙඳ දැන්වීමකටම අම්මයි තාත්තයි මාව යවන්නෙ නැහැ. පොඩි දරුවන්ට හොඳ නැති ආහාරපාන කිසිම දෙයකට අම්මා තාත්තා මාව යැව්වෙ නැහැ. ඒ වගේ ක්ෂණික ආහාර වර්ගයක සහ බීම වර්ගයක වෙළෙඳ දැන්වීම් දෙකකට ලොකු ගාණකට මට කතා කළා. ඒත්.. ඒවා දරුවන්ට නුසුදුසු ආහාරපානවල වෙළෙඳ දැන්වීම් නිසා මගේ අම්මයි තාත්තයි ඒකට අකමැති වුණා. කොහොමත් මගේ පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා කරගෙන මම ඒවාට ඉදිරිපත් වෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට සති අග හෝ නිවාඩු කාලවලදී තමයි ඒවාට සහභාගි වෙන්නෙ. ඒ හැම ගමනකදීම මගේ තාත්තා හෝ අම්මා මාත් එක්කම ඉන්නවා. කිසිම දෙයක් මම අධ්‍යාපන කටයුතුවලට බාධා කරගෙන කරන්නෙ නැහැ. හැමදේටම පෙර මුල්තැන දෙන්නෙ මගේ පාසල් අධ්‍යාපනයටයි.
20190627Akash-2
ඔබගේ පියා සංගීතයට නැඹුරු වුණු කෙනෙක්. ආකාශ් සංගීතයට නැඹුරුවක් දක්වන්නෙ නැද්ද..?
චූටි කාලේ මම සින්දු කියන්නයි ගිටාර් ගහන්නයි ට්‍රයි කළා. හැබැයි මට එච්චර බැහැ. ඇත්තම කියනවානම් මම අම්මාට තාත්තාට ඇහෙන්නවත් මේ වෙනතුරු සින්දුවක් කියලා නැහැ. සින්දු කියන්න බැරිවුණාට මම බාස්කට් බෝල් ක්‍රීඩාවට හරි ආසයි. මම පාසල් බාස්කට් බෝල් කණ්ඩායමත් නියෝජනය කරනවා. ඒ වගේම මට පීනන්නත් පුළුවන්.
ලොකුවෙලා ආසා කරන්නෙ කවුරු වෙන්නද..?
මගේ ආසාව ලොකුවෙලා ජාත්‍යන්තර මට්ටමේ බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වෙන්නයි. මම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙනුයි අධ්‍යාපනය හදාරන්නෙ. අධ්‍යාපනයට අමතරව මම හැමවෙලේම කරන්නෙ බාස්කට් බෝල් සෙල්ලම් කරන එක තමයි. ගෙදරත් වෙනම පුහුණුවීම් කරන්න තැනක් තාත්තා හදලා දුන්නා. ඉතින්.. වැඩිපුර ඉන්නෙ බාස්කට් බෝල් එක්කම තමයි. ලොකුවෙලා ජාත්‍යන්තර මට්ටමේ බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් හරි වෛද්‍යවරයෙක් හරි වෙන්න මම ආසයි.
ඔබ බාස්කට් බෝල් ක්‍රීඩාවට වගේම ඔබගේ චූටි නංගිටත් හරි ආදරෙයි..?
අනේ ඔව්.. මගේ චූටි නංගිට දැන් වයස අවුරුදු තුනයි. එයා මට වඩා අවුරුදු දහයක් බාලයි. හැබැයි ඉතින් එයාත් එක්ක ඉඳිද්දී මාත් ඒ වගේම තමයි. අපි දෙන්නා හරි එකතුයි. සෙල්ලම් කරනවා. රණ්ඩු කරනවා. එයා හරි ෂෝක් නංගියෙක්. චූටි නංගිත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම ගියා.
වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටපු ආකාශ් රංගනයට එකතු වුණේ කොහොමද..?
මම මුලින්ම සුනෙත් මාලිංග අංකල්ගෙ තුන්වරක් තුන කියන චිත්‍රපටයටයි සම්බන්ධ වුණේ. ඒක ළමයි තුන්දෙනෙක් වටා ගෙතුණු ළමා චිත්‍රපටයක්. තාම ඒක තිරගත වුණේ නැහැ. ඒ චිත්‍රපටයෙන් පස්සෙ තමයි මට සාම කුමරු බෞද්ධ චිත්‍රපටයට අවස්ථාව ලැබුණෙ. ඒ චිත්‍රපටයේ රඟපාද්දී මට වයස අවුරුදු දහයයි. ඒ චිත්‍රපටයට මට කතා කළේ උදාර පල්ලියගුරැ අංකල්. ඔහු තමයි චිත්‍රපටයේ නිෂ්පාදකයා වුණේ. සාම කුමරු බෞද්ධ කතාව මම කියවලා තිබුණු මම ආසා කරන බෞද්ධ කතාවක්. උදාර අංකල්ගෙ වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් මම ඊට කලින් කරලයි තිබුණෙ. ඉතින්.. සාම තුමරු චිත්‍රපටය කරද්දී ඒ හිටපු හැමෝම මට ගොඩක් උදව් කළා. උදාර අංකල් ඇතුළු ඒ හැමෝටම මම ගොඩක් ස්තූති කරනවා.
පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
හැමෝම මට හොඳයි කියනවා. මගේ යාළුවෝ සමහරු ෆිල්ම් එක බලලා තිබුණා. සමහර යාළුවෝ මාත් එක්කම ගිහින් ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්නවා.
සාම කුමරු චිත්‍රපටයේ රඟපාද්දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද..?
අම්මෝ.. වෙලා තියෙනවා. ෆිල්ම් එක රූගත කරන කාලසීමාව පුරාම අපි කවුරුත් මස් මාළු කෑවෙම නැහැ. අපි හැමෝම නිර්මාංශව හිටියා. බුදුන් වහන්සේගේ කතා පුවතක් රඟපාන නිසා අපි හැමෝම පේවෙලයි හිටියෙ. රූගත කිරීම් තිබුණෙත් දිගන මහ කැලෑවෙයි. එක දවසක් අපි වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් කකා ඉඳිද්දී හිමායා ඇන්ටි එකපාරටම චරස් ගාලා මොකක්ද හැපුවා. එයා එකපාරටම ඊයා... කියලා කාපු එක විසිකළා. සමහරු ඒක බෝංචි කෑල්ලක් කියලා කිව්වාට ඇත්තටම හිමායා ඇන්ටිට හැපිලා තිබුණෙ කැරපොත්තෙක්. ඒ විසිකරපු කෑල්ල මම හොයලා හිමායා ඇන්ටිට පෙන්නුවා. තව පාරක් අපි වතුරට ගල් ගගහා ඉඳිද්දී අපේ කැමරමන්ගේ ඔළුවට ගලක් වැදිලා ලේ ආවා. හැබැයි කවුරුවත් අපිට බැණ්නෙ නැහැ. රූට මුල් කාලෙදී කැලේ ඉන්න බයත් හිතුණා. මගේ තාත්තත් මාත් එක්ක ගියා. හැබැයි බයක් දැනුණා. ඒත්.. හැමෝම මට උදව් කළා.

► Text - Dishani  /  Pic -  Sumudu
20190627Akash-3

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ලෝකයේ ධනවත්ම සුනඛයා

බිල් ගේට්ස්, ජෙෆ් බේසොස්, මාක් සකර්බර්ග් වගේ නම් ගැන මතක් වෙද්දිම හිතට එන්නේ සල්ලි. මොකද මේ අය ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ හින්දයි. හැබැයි මේ වෙද්දී එයාලව හරි එයාලගේ ධනය හරි මිනිසුන්ට අලුත් දෙයක් නෙමේ. ඒ හින්දම වෙනස් විදිහේ ධනවතෙක් හඳුන්වලා දෙන්න අපි කල්පනා කළා.   මේක බලු කතාවක්. හැබැයි නිකම්ම නිකම් බලු කතාවක් නෙමේ, රජ බලු කතාවක්. අපේ කතානායකයා වන ගන්තර්ගේ වත්පොහොසත්කම් අනුව බැලුවම එයා බල්ලන්ගේ ලෝකේ රජ්ජුරුවෝ කිව්වත් වැරදි නැහැ. ගන්තර් කියන්නේ ජර්මනියේ ජීවත් වන ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. මෙයාගේ විශේෂත්වය තමයි ලෝකෙ ඉන්න පොහොසත්ම බල්ලා මෙයා වීම. මෙයාගේ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 400ක්.   මෙයාගේ කෑමවේල ගත්තම මස් හෝ මාළු පෙති ස්ටීක් විදිහට සකස් කරලා මාළු බිත්තරත් එක්ක ආහාරයට ගැනීමට ගන්තර් පුරුදුවෙලා ඉන්නවා. ඒ තමන් වෙනුවෙන්ම වෙන් කරලා ඉන්න කෝකියා අතිනුයි. ඒ වගේම ගිම්හානයේ උණුසුම් දවස්වල තමන් ජීවත්වෙන මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැලා ඉන්නේ හරියට ධන කුවේරයෙක් වගේමයි. ඒ විතරක් නෙමේ, ගන්තර් එහෙ මෙහෙ යන්නේ ලිමොසින් රථයකයි.   ගන්තර්ගේ පරිවාර සේවකයෝ දිහාම බැලුවාමත් දකින්න තියෙන්නේ සුපි...