ඔවුන්ගේ දරුවන් වන මාධවී වත්සලා, අකිල වගේම සජිතත් කලාවට සම්බන්ධයි. වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාව ගීතය මේ කිසිම කෙනෙකුට අරුමයක් ආගන්තුක දෙයක් නෙමෙයි.
ඒ වගේම මේ සොඳුරු පවුලට ඊයේ (01) දිනය විශේෂයි. ඒ ප්‍රවීණ නිළියක් මෙන්ම ගායිකාවක් වන කුමාරි මුණසිංහගේ උපන්දිනය නිසයි.
මේ හේතුවෙන් ඇගේ දරුවන් , හිතවත් කලාකරුවන් මෙන්ම රසිකයින් සිය මුහුණු පොත හරහාද සුබ පැතුම් එක්කර තිබුණා.
මේ අතර කලාකරුවන් වෙනුවෙන් හිරු ටීවී තිළින කරන උපන්දින සුබැපැතුම සහ කේක් නිර්මාණය ඇයට මෙවරත් හිරු පිරිවර විසින් තිළින කිරීමට ඇන්තනී නිවස වෙත ගොස් තිබුණා. අදාළ ඡායාරූප පහතින් බලන්න.