Skip to main content

කලා පවුලකින් එන නිසා මගේ ජානවලත් කලාව ඇති

20190627Sachithra-3
මේ දිනවල පුංචි තිරයේ කතාබහට ලක්වෙන ටෙලිනාට්‍ය චරිත අතර සචිත‍්‍ර වීරසිංහ කියන්නෙත් ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක්. ඔහු වටා මේ වෙද්දි බොහෝ පේ‍්‍රක්ෂක පිරිසක් ද එක්රොක්ව සිටින්නෙ සැබෑවට ඔහු දක්ෂයෙක් නිසාවෙන්. මෙවර සඳැල්ලෙන් මේ ආදරණීය චරිතය ගැන කතා කරන්න ඉඩක් වෙන්වෙන්නෙ මෙලෙසින්.
20190627Sachithra-1
මේ දිනවල නියැළෙන නිර්මාණ?
”ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂවරයාගේ රන්බැඳි මිනිස්සු, සමීර හසුන් අධ්‍යක්ෂණය කරන අහස් මාලිගා සහ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂවරයාගේ රාවණ නිර්මාණයේත් රංගනයෙන් දායක වුණා.”

මේ නිර්මාණ හරහා විවිධ චරිතවලින් ඔබ දකින්න ඉන්නවා?
”ඔව්. මේ නිර්මාණවල චරිත එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. රාවණ කියන්නෙ ඉතිහාස කතාවක්. එහි මයධාන කියන චරිතය කරන්නෙ. ඒ චරිතයට මම මාර ආසයි. මොකද එහි කරන්න දෙයක් තියෙනවා සහ මට ලැබුණු චරිතවලින් වෙනස්ම චරිතයක්. වචන භාවිතය, කතා විලාශය, රංගන විලාශය හැමදේම වෙනස්. ඉතින් එහි අධ්‍යක්ෂවරයාගේ සහයෝගයත් එක්ක ඒ චරිතය කරගෙන යනවා. ඊට අමතරව අහස් මාලිගාහි බොහොම කෙළිලොල් චරිතයක් කරන්නෙ. රන්බැඳි මිනිස්සු නිර්මාණයේ 1940 ගණන්වල වගේ කතාවක් යන්නෙ.”

රාවණ නාට්‍යයේ චරිතය කිරීම අනිත් නාට්‍යවල චරිත එක්ක බලද්දි අසීරු ද?
”ඔව්. එහි ලොකු වෙනසක් තියෙනවා. එහි දෙබස් භාවිතය, කතා විලාශය හැමදේම වෙනස්. ඒ නිසා අමාරුයි. අනිත් චරිතවල සාමාන්‍ය කතාබහක්නෙ තියෙන්නේ. ඒ එක්ක බලද්දි ගොඩක් වෙනස්. ඒ භාෂාව අපිට වැඩි හුරුවකුත් නෑනෙ. නමුත් කරගෙන යද්දි හරි ආසයි. ඒ වගේම ලොකු දැනුමකුත් එකතු වෙනවා.”


පසුගිය කාලෙදි වැඩි කතාබහට ලක්වුණා නේද වෙස් ටෙලිනාට්‍ය හරහා?
”ඔව්. ඇත්තටම දැන් ඒ කතාව අවසන්. මට වෙස් නිර්මාණයට දායකවෙන්න ආරාධනා ලැබෙන්නෙ එහි අධ්‍යක්ෂවරයා වන ධනුෂ්ක රත්නායක අයියාගෙන්. ඔහුගේ පළමු නාට්‍යයටත් මම සම්බන්ධ වෙලා හිටියා. ඉන්පසුව ඔහුගෙ දෙවෙනි නිර්මාණය තමයි වෙස්. මට ඒ හරහා තමයි මිනිස්සු අතරට යන්න හැකි වුණේ.”

කොහොම ද මේ ආපු ගමන් මග?
”රංගනයට එන්න කලින් මම හඬකැවීම් ශිල්පියෙක් විදියට වැඩ කළේ. මුලින්ම ජාතික රූපවාහිනියෙ හඬකැවීමකට සම්බන්ධ වුණේ. ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරන්නෙ මගෙ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩි. ඒ විදියට මාව සම්බන්ධ කළාට පසුව ඒ ආරම්භ කරපු ගමන් මග තමයි මේ. එතැනින් පසුව තවත් නාළිකාවල වැඩවලට ගිහින් කට්ටිය හඳුනාගෙන තිර පරීක්ෂණවලට ගිහින් ඒවගෙන් තේරිලා එහෙම ආපු ගමනක් තමයි මේ.”

ඒ කියන්නෙ සචිත‍්‍ර කලා පරපුරකින් පැවැත එන කෙනෙක්?
”ඔව්. එහෙම කිව්වොත් හරි.”

පොඩි කාලෙ රංගනයට සම්බන්ධ වෙලා නැද්ද?
”නෑ. පොඩි කාලෙ රූපවාහිනී මාධ්‍ය හරහා සම්බන්ධ වෙලා නෑ. වේදිකා නාට්‍ය කරලා තියෙනවා පාසලේදී. නමුත් ප‍්‍රසිද්ධ මාධ්‍ය හරහා මෑතකදී තමයි සම්බන්ධ වුණේ.”

පාසල් වේදිකාව හුරු පුරුදුයි කිව්වනේ. කොහොම ද ඒ අත්දැකීම?
”මම පාසල් ගියේ කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයට. එහිදී තමයි මුලින්ම රංගනය සඳහා වේදිකාවට ගොඩවෙන්නේ. පාසලේ කරපු රංගන කටයුතුවලදී 1 වසරේ සිට ඒ පාසලේ ඉන්නතුරු හොඳම නළුවා කියන තැන හිටියා. ඒ තුළින් ලැබුණු පන්නරය තුළින් තමයි ඉදිරියට ආවේ. ඒ කාලෙ සමස්ත ලංකා මට්ටමින් පවා ජයග‍්‍රහණය ලබලා තියෙනවා.”
20190627Sachithra-2
අරමුණක් තිබුණ ද රංගනයට එන්න  ඕනෑ කියලා? වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවෙ මොන අංශයෙන් ද?
”ඉදිරියට යන්න ඉගෙන ගත්තෙ ගණිත අංශයෙන්. ඉංජිනේරු අංශයෙන් දැනටත් උපාධිය හදාරමින් ඉන්නේ. මේ ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණේ ඇත්තටම ඒ පිළිබඳ තිබුණු ආශාව නිසා.”

රංගනය ඉගෙනගෙන තියෙනව ද?
”විශේෂ හැදෑරීමක් කරලා නෑ. ලොකු අම්මා කරපු රංගන පාඨමාලාවකට සම්බන්ධ වුණා. ඒ ඇරෙන්න ලොකු හැදෑරීමක් කළේ නෑ.”

මේ වෙද්දි රංගන ශිල්පියෙක් විදියට ලැබෙන ප‍්‍රතිචාර කොහොම ද?
”ලැබෙන ප‍්‍රතිචාර බොහොම ඉහළයි. ඔවුන් විශේෂ ඉල්ලීමකුත් කරනවා ලැබෙන හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න එපා, තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම මම කොහොමත් තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ. මේ වෙද්දි නාට්‍ය 6ක් 7ක් වගේ තමයි කරලා තියෙන්නෙත්. ඉතින් ඇත්තටම මට ඔවුන්ගේ ප‍්‍රතිචාර ගොඩක් වටිනවා මගෙ ඉදිරි ජීවිතේට.”

සචිත‍්‍රගෙ මුල්ම රංගනය ගැන කතා කළොත්?
”ක‍්‍රිස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහත්මයාගේ පාරා වළලූ නාට්‍යයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඒ නාට්‍යයේ පොඩි චරිතයකට. ඒ චරිතයට නමක්වත් තිබුණේ නෑ. පසුව තමයි ධනුෂ්ක රත්නායක අයියාගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ.”

මේ ක්ෂේත‍්‍රයට පැමිණීම ගැන මොකද හිතෙන්නෙ?
”ක්ෂේත‍්‍රයට පිවිසීම ගැන සතුටුයි. කලා පවුලකින් පැවැත එන නිසා මගේ ලේවලත් කලාව කියන දේ තියෙනවනේ. ඉතින් මම මේ ක්ෂේත‍්‍රයට ආපු විදිය සහ දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.”

කලාවෙන්ම ද ඉදිරියට යන්න බලාපොරොත්තුව?
”මට පුළුවන් තරම් කාලයක් මේ පටන්ගත්තු දේ කරගෙන යනවා. මිනිසුන්ට එපා වෙනකම් ඉන්න හොඳ නෑ. ඉතින් මේ දේත් එක්ක මගෙ උපාධිය සම්පූර්ණ කරලා ඒ අංශයෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා. මගෙ වෘත්තිය තමයි රංගනය.”

මීට අමතරව සිනමාවට වේදිකාවට ආරාධනා තියෙනව ද?
”ඔව්. මම චිත‍්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී තිරගත වෙයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ විජයබා කොල්ලය ඉන් එකක්. එහි මම මායාදුන්න කුමාරයා. ඊට අමතරව සරත් වීරසේකර මහත්මයාගේ ශ්‍රී සිද්ධා හි මුගලන් රජුගෙ චරිතය ඉදිරිපත් කළා.”

රිදී තිරයට සම්බන්ධවීම ගැන මොකද හිතෙන්නෙ?
”අපේ ලංකාවෙ හෝ වේවා  ඕනෑම රටක නළුවකුගෙ හෝ නිළියකගෙ තියෙන අරමුණ තමයි රිදී තිරයට සම්බන්ධ වීම. ඒ අවස්ථාව ලැබීම ඇත්තටම ලොකු භාග්‍යයක්. මටත් ඇත්තටම මේ තරම් අඩු කාලයකදී එවැනි ප‍්‍රවීණයන් දෙදෙනකුගෙ නිර්මාණ දෙකකට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටුයි.”

මේ කලාව එක්ක ගෙවන ජීවිතේ කොහොම ද?
”ජීවිතේ මරු. මම කලාව තුළ කිසිදේකට කොටුවෙලා නෑ. ඉතා ආසාවෙන් මේ දේ කරන්නෙ. ඉදිරියෙදීත් රංගනයෙන් හොඳ නිර්මාණවලට දායකවෙලා හොඳ ගමනක් කලාව තුළින් යන්න බලාපොරොත්තු වෙනවා.”

සචිත‍්‍රට දැන් ගොඩක් දෙනෙක් ආදරේ කරනවා. ඒ ආදරය ගැන මොකද හිතෙන්නෙ?
”ඇත්තටම ඒ ලැබෙන ආදරේ තරම් තවත් සතුටක් නෑ. කොහේ ගියත් හඳුනාගෙන කතාබහ කරනවා. ඒවා ඇත්තටම ගොඩක් වටිනවා. ඒ ආදරණීය පේ‍්‍රක්ෂකයො නිසා තමයි අපි අද තැනක ඉන්නවා නම් ඉන්නෙ. කොහොමත් මගෙ සචිත‍්‍ර වීරසිංහ කියන නමට වඩා කට්ටිය පාරෙදි හමුවුණාම කතා කරන්නෙ මම රංගනයෙන් දායකවුණු චරිතවල නම්වලින්. මම ඒකට ගොඩක් කැමැතියි. ඒ විදියට ලැබෙන ප‍්‍රතිචාර ගොඩක් වටිනවා.”

ධනු විජේරත්න
ඡායාරූප: සුමුධු හේවාපතිරණ

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ලෝකයේ ධනවත්ම සුනඛයා

බිල් ගේට්ස්, ජෙෆ් බේසොස්, මාක් සකර්බර්ග් වගේ නම් ගැන මතක් වෙද්දිම හිතට එන්නේ සල්ලි. මොකද මේ අය ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ හින්දයි. හැබැයි මේ වෙද්දී එයාලව හරි එයාලගේ ධනය හරි මිනිසුන්ට අලුත් දෙයක් නෙමේ. ඒ හින්දම වෙනස් විදිහේ ධනවතෙක් හඳුන්වලා දෙන්න අපි කල්පනා කළා.   මේක බලු කතාවක්. හැබැයි නිකම්ම නිකම් බලු කතාවක් නෙමේ, රජ බලු කතාවක්. අපේ කතානායකයා වන ගන්තර්ගේ වත්පොහොසත්කම් අනුව බැලුවම එයා බල්ලන්ගේ ලෝකේ රජ්ජුරුවෝ කිව්වත් වැරදි නැහැ. ගන්තර් කියන්නේ ජර්මනියේ ජීවත් වන ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. මෙයාගේ විශේෂත්වය තමයි ලෝකෙ ඉන්න පොහොසත්ම බල්ලා මෙයා වීම. මෙයාගේ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 400ක්.   මෙයාගේ කෑමවේල ගත්තම මස් හෝ මාළු පෙති ස්ටීක් විදිහට සකස් කරලා මාළු බිත්තරත් එක්ක ආහාරයට ගැනීමට ගන්තර් පුරුදුවෙලා ඉන්නවා. ඒ තමන් වෙනුවෙන්ම වෙන් කරලා ඉන්න කෝකියා අතිනුයි. ඒ වගේම ගිම්හානයේ උණුසුම් දවස්වල තමන් ජීවත්වෙන මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැලා ඉන්නේ හරියට ධන කුවේරයෙක් වගේමයි. ඒ විතරක් නෙමේ, ගන්තර් එහෙ මෙහෙ යන්නේ ලිමොසින් රථයකයි.   ගන්තර්ගේ පරිවාර සේවකයෝ දිහාම බැලුවාමත් දකින්න තියෙන්නේ සුපි...