Skip to main content

Posts

Showing posts from August, 2016

සුමුදු දැන් අම්මා කෙනෙක්

නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ගමන අරඹා පසුව ශ්‍රී ලාංකේය රූ රැජින ලෙස පහුගිය අවුරුද්දේ සුමුදු ප්‍ර‍සාදිනි කිරුළ පැළඳුවනේ. මේ කියන්න යන්නේත් එවැනිම කිරුළු පැලඳවීමක් පිළිබඳව. ඒ, සුමුදු ප්‍රසාදිනි උතුම් මව් පදවිය ලබලා. මීට සති 02කට පෙර පුතෙක් ලැබුණු බවයි අප කළ විමසීමකදී ඇය කියාසිටියේ. මේ ඇය ඒ පිළිබඳ සිය ෆේස්බුක් අඩවියේ පළකළ ඡායාරූපයකි .  

ලංකාවේ පැජන්ට් නම් තර්ඩ් ක්ලාස්ලු

 පියුමි හංසමාලිට බොරුව අසාධාරණය පෙන්නන්න බැරිවුනාම ගොඩක් තරහ යනවලු.  ළඟදි තිබුණු තරඟයෙන් බැහැල ගියෙත් ඒක නිසාලු. විශ්ව රූරැජිණ තරඟයේ 3වන හා දෙවන ස්ථාන තෝරා පළමු ස්ථානය තෝරන්නට සූදානම් වෙද්දී වේදිකාවේ සිටි පියුමි මෙන්ම අනෙක් තරඟකාරියන්ද දෑස් දල්වා බලාසිට ඇත්තේ තමන්ට පළමු ස්ථානය ලැබේයැයි බලාපොරොත්තුවෙන්.  නමුත් විනිශ්චය මණ්ඩලය විසින් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළේ  උදාරි නිසා පියුමි කෝපයෙන් වේදිකාවෙන් බැස ගියා. ඒ පිළිබඳව රූපවාහින් වැඩසටහනකට එක්වෙමින් පියුමි කියා සිටියේ ,ලංකාවේ පැජන්ට් කියන්නේ ඔක්කොම ෆේවරේෂන්. නොමිනේට් කරන එකකට ඇරෙන්න පැජන්ට් වලට යන්නේ නෑ. ලංකාවේ පැජන්ට් නම් තර්ඩ් ක්ලාස් යනුවෙන්ය.

අමාලි සහ අශාන් රටින් පිටවෙන්න සුදානම්

Miss & Mister planet world 2016 තරගාවලියට සහභාගීවීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාලි ඉන්දීවරී සහ අශාන්  ෆොන්සේකා ලබන 02වනදා දිවයිනෙන් පිටත්වීමට සූදානම්. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ජෝර්ජියාවේ බටුමි නගරයේ. ලබන මස 03 මෙම තරගාවලිය ආරම්භ වන අතර 13වනදායින් අවසන්වීමට නියමිතය. මොවුන් දෙදෙනාට ශ්‍රීලංකාවට කිරුළක් ගෙන ඒමට හැකිවේවායැයි 24newslanka අපගේ පැතුමයි.  අමාලි සහ විශ්ව ධනංජයගේ ඡායාරූප කිහිපයක් පහතින්..........................         

ලොව දිගම වීදුරු පාලම විවෘතයි

ලොව දිගම හා උසම වීදුරු පාලම අද විවෘත කෙරුනා. එම විශිෂ්ට නිර්මාණය සිදුකර ඇත්තේ චීනයේ ග්‍රෑන්ඩ් කැනියොන් ආගාධය හරහායි. මෙම වීදුරු පාලම තුලින් ගමන් කරන්නන්ට එම ආගාධයේ සැබෑ තත්ත්වය පාලම මත හිද දැක ගත හැකියි. ඉති සවිමත්ව නිමවා ඇති මෙම පාලම හරහා සෝපාන කිහිපයක්ද ක්‍රියාත්මක වනවා. source: lankaanews

18 සම්පූර්ණ කරන දරුවන්ට ලක්ෂයක තෑග්ගක්

තම රටේ සියලු දරුවන්ට වසර 18 සම්පූර්ණ වන විට යුරෝ 563 ක (රුපියල් 90,000) ත්‍යාග මුදලක් උපන් දින තෑග්ගක් ලෙස ලබාදීමට ඉතාලි රජය තීරණය කර තිඛෙනවා. ඉතාලි රජය නිවේදනය කළේ මේ සදහා පළමු අධියර වශයෙන් ඩොලර් මිලියන 362 ක මුදලක් වෙන් කර ඇති බවයි. මෙම ත්‍යාග මුදල පොත් පත් මිලදී ගැනීමට හා කෞතුකාගාර ටිකට් පත් මිලදී ගැනීමට තරුණ තරුණියන් වෙන් කරනු ඇති බවටයි ඉතාලි බලදාරීන් විශ්වාසය පල කරන්නේ. ඒ හේතුවෙන් මෙම ත්‍යාග මුදල සංස්කෘතික ත්‍යාගයක් ලෙසයි නම් කර ඇත්තේ. පළමු අදියර යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන දරුවන් 575,000 කට මේ යටතේ ත්‍යාග ලබාදීමට නියමිතයි. source: lankaanews

පෘථවියට ලගින්ම ජීවයට සුදුසු ග්‍රහයෙක් හමුවෙයි

පෘථවිය යම් දවසක විශායට පත්වුවහොත් හෝ භාවිතයට නුසුදුසු මට්ටමකට පත්වුවහොත් පෘථවියේ ජීවීන්ට වාසයට සුදුසු වෙනත් ග්‍රහලොවක් පැවතීම අනිවාර්්‍යයෙන්ම අවශ්‍ය කරුණක්. එහෙත් ඒ සදහා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ජීවයට සුදුසු පරිසරයක් පවතින බවට විශ්වාස කෙරෙන ග්‍රහලෝක රැසක්ම පෘථවියට ආසන්න වන්නට සිතීමටත් අපහසු දුරකින් පිහිටා තිබීම හේතුවෙනුයි. එහෙත් මෙතෙක් පැවැති එම බාධාව යම් තාක් දුරකට සමනය කරමින් පෘථවියට ආසන්නයෙන් පිහිටි ජීවයට සුදුසු ග්‍රහලොවක් හදුනාගැනීමට නාසා ආයතනය සමත්ව තිඛෙනවා. මෙම ග්‍රහලෝකය පෘථවියට ආසන්නතම ප්‍රොක්සිමා සෙන්චූරි තාරකාව වටා භ්‍රමනය වන්නක් වන අතර ඊට ඇති දුර ආලෝක වර්ෂ 4ක්. මෙතෙක් ආසන්නයෙන්ම වාර්තාවූ ජීන‍යට සුදුසු එකම ග්‍රහලෝකය මෙය වන අතර එහි ජලය මෙන්ම ජීවයද පවතින බවටයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. අප ජීවත්වන කාලයේදීම එනම් මේ පරම්පරාව තුල මෙම ග්‍රහලෝකය තරණය කිරීමට පෘථවි තාක්ෂනය දියුණු වනු ඇති බවටද විද්‍යාඥයන් විශ්වාසය පල කර තිඛෙනවා. (අමල් අල්මේදා) source: lankaanews

ලොව පැරණිම අත් බෝම්බය ඊශ්‍රායලයෙන් සොයාගනී

ලෝකයේ පැරණිම අත්බෝම්බය ලෙස විශ්වාස කරන වස්තුවක් ඊශ්‍රායලයෙන් සොයාගෙන තිඛෙනවා. මේ වන විට සිදුකර ඇති කාල නිර්ණයන්වලදී හෙළිව ඇත්තේ මෙය වසර 700 ක් පැරණි බවයි. කුරුස යුද්ධය සදහා මෙය භාවිතා කර ඇති බවටයි විශ්වාසය පල කර ඇත්තේ. කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් පුරාවිද්‍යාඥයන් නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැහැ. පුපුරණ ද්‍රව්‍ය පිලිබද ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිව ගියද අත්බෝම්බ නිෂ්පාදනය 20 වන සියවසේදී ආරම්භ වූ බවටයි සැක කෙරෙන්නේ. එහෙත් 12 වන සියවසේදී සිරියාවේ ජීවත්වූ මුස්ලිම්වරුන් වීදුරුවලින් තැනූ අත් බෝම්බ යුධ කටයුතු සදහා බාවිතා කර ඇති බවට විශ්වාස කෙරෙනවා. මේ ලොව පැරණිම අත් බෝම්බය ලෙස සලකන වසර 700ක් පැරණි වස්තුවයි. source: lankaanews

නොමිලේ ලෝකයට සල්ලි ඛෙදන ධනවතුන් දස දෙනා

ලෝකයේ මහා පරිමාණ ධනවතුන් අතරින් පිරිසක් අසීමාන්තිකව හා විශ්වාස කිරීමට අපහසු තරමින් නොමිලේ ධනය පරිත්‍යාග කිරීමේ නිරතව සිටින බව ඔබ දැන සිටියාද ? විශ්වාස කිරීමට අපහසු කරුණක් වුවද එය සත්‍යයක්. මෙම ධනවතුන් තමන් විසින් බිහි කරන ලද පුණ්‍ය ආයතන හා පුද්ගලිකව ලැඛෙන ලිපි සදහා ප්‍රතිචාර දක්වමින් මෙම ධනය ඛෙදා හැරීම සිදුකරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ එසේ ධනය ඛෙදා දෙමින් ලෝකයේ හොදම ධන පරිත්‍යාගශීලීන් ලෙද නම් ලද පිරිසේ තොරතුරුයි. 01. බිල් ගේට්ස් – මයික්‍රසොෆ්ට් සමාගමේ හිමිකරුය. වත්කම ඩොලර් බිලියන 80. කෝටි දොලොස් ලක්ෂ තිස් දෙදහස් පන්සීයයි. පරිත්‍යාග කර ඇති මුදල – කෝටි හාර ලක්ෂයයි. 02. වරන් බුෆේට් – වත්කම – ඩොලර් බිලියන 61 පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 21 03. ජෝර්ජ් සොරොස් – වත්කම ඩොලර් බිලියන 24 පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 8 යි 04. අසීම් ප්‍රේම්ජී – වත්කම ඩොලර් බිලියන 15.5 පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 8 යි 05. චාල්ස් ෆ්‍රැන්සිස් – වත්කම ඩොලර් මිලියන 1යි දශම 5යි පරිත්‍යාග කර ඇති මුදල – ඩොලර් බිලියන 6.3 යි ඔහුගේ දැන් වත්කම පරිත්‍යාග කර ඇති මුදලට වඩා ව